IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


‘අංගොඩ ලොක්කා’ගේ සඟයෝ 3ක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
හංවැල්ල පහත්ගම ව්‍යාපාරිකයකු සහ ඔහුගේ රියදුරෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවකු වන ‘අංගොඩ ලොක්කා’ නමැත්තාගේ සමීපතම  පාතාල සඟයන් තිදෙනෙකු අද(29) අංගොඩ මුල්ලේරියාවේදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය කියයි.
 
එම සැකකරුවන් සමග ඝාතනය සිදු වූ දින ව්‍යාපාරිකයාට තර්ජනය කිරීමට යොදාගත් ජංගම දුරකථනය, සිම්පත් දෙකක්, හැඳුනුම්පතක් සහ යතුරුපැදියක්ද පොලිසිය බාරයට ගෙන ඇත.
 
ඉකුත් 25 වැනි දින මෙලෙස ඝාතනයට ලක් වූයේ වාද්දුවගේ විජිත් ප්‍රේමලාල් හෙවත් සුබෝධ නමැති 43 හැවිරිදි ව්‍යාපාරිකයා සහ ඔහුගේ රියැදුරු වන පාදුක්ක ගලගෙදර පදිංචිව සිටි මුරුතේට්ටුව ගමආරච්චිගේ රවිදු නමැති 32 හැවිරිදි අයවලුන්ය.
 
ව්‍යාපාරික ආරවුලක් හේතුවෙන් මෙම ඝාතන කර ඇතැයි අනාවරණය වී තිබේ.
 
මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලිසිය ව්‍යාපාරිකයාට දුරකථන ඇමතුම් ලබා දුන් පුද්ගලයා හඳුනාගෙන ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු අංගොඩ ලොක්කා නමැත්තාගේ උපදෙස් මත එම ව්‍යාපාරිකයාට තර්ජනය කළ බව හෙළි වී ඇත.
 
ඔහුගෙන් කළ ප්‍රශ්නකිරීමේදී සෙසු සැකකරුවන් දෙදෙනාවද අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවද පොලිසිය කියයි.



අදහස් (0)

‘අංගොඩ ලොක්කා’ගේ සඟයෝ 3ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 735 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 359 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site