
(ඉන්දිකා රාමනායක සහ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වශයෙන් හැඳින්වෙන අංගොඩ ලොක්කා නැමැත්තාගේ ගෝලයකු ගිනි අවි දෙකක් සහ පතුරම් 18ක් සමග සමඟ විශේෂ කාර්ය බලකාය විසින් අංගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගෙන ඇත්තේ සුමිත්‍ර ආරච්චිගේ දොන් උදාර නෙරන්ජන නමැති (37) හැවිරිදි පුද්ගලයකි.
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් වන අංගොඩ ලොක්කා සහ සෝල්ටා නැමැත්තාට මොහු අවි ආයුධ නිෂ්පාදනය කර දී ඇති බව විශේෂ කාර්ය බලකාය පවසයි.මොහු සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ ලබාදුන් තොරතුරු අනුව විශේෂ කාර්ය බලකාය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව අංගොඩ සිරිපැරකුම් මාවත ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
මොහු මීට පෙර ජීව අත්බෝම්භයක් ළඟ තබාගැනීම, වෑන් රථයක් පැහැරගෙන යාම පැතුම නඩු කිහිපයකට වැරදිකරු වූ අයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහු මීට පෙර ජීව අත්බෝම්බයක් ළඟ තබාගැනීම, වෑන් රථයක් පැහැරගෙන යාම .... නඩු කිහිපයකට වැරදිකරු වූ අයෙකි. එහෙව් අය තවම නිදැල්ලේ... කොහොමද නීතිය?