(විජේරත්න රත්නායක )
බදුල්ල මුතියංගන රජමහා විහාරස්ථානය ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ නවතා තිබූ අංක තහඩු නොමැති යතුරු පැදියක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු බදුල්ල පොලීසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුල්ල රිදීපාන පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකු සහ වෘත්තියෙන් බස් කොන්දොස්තරවරයෙකු බව කියන බදුල්ල විනීතගම පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.
ඊයේ (27) රාත්‍රී 10.30 ට පමණ අංක තහඩු නොමැති සැකකටයුතු යතුරුපැදියක් සම්බන්ධයෙන් බදුල්ල පොලීසිය ලද තොරතුරකට අනුව එම ස්ථානයට යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශයද කැඳවා පරීක්ෂා කර ඇතත් එහි පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් හෝඩුවාවක් නොවූ බැවින් හමුදා නිලධාරීන් යතුරුපැදිය කොටස් ගලවා පරීක්ෂා කොට ඇත.
එම අවස්ථාවේ එම ස්ථානයට පැමිණි බීමත් පුද්ගලයින් දෙදෙනෙක් තමන් මෙම යතුරුපැදිය මෙම ස්ථානයේ දමා මත්පැන් පානය කිරීමට ගිය බවත් යතුරුපැදිය අළුත්වැඩියාවක් පිණිස ගරාජයක දමා තිබූ බැවින් එහි අංක තහඩු ගලවා ඇති බවත් පවසා ඇත.
ඒ අනුව මහජනයා භීතියට පත්කිරීමේ චෝදනාව මත අදාළ පුද්ගලයන් දෙදෙනා සහ යතුරුපැදිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද (28) බදුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
බදුල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.


2025 දෙසැම්බර් මස 04
450
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
458
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
414
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අංක තහඩු නැති යතුරුපැදියක් මග නතරකර තැබූ 2ක් අල්ලයි