(විනීතා එම් ගමගේ)
ගාල්ල දිස්ත්‍රික්කයේ අති දුෂ්කර ගම්මානයක් වන නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉහළ මිල්ලව, අකුරුගෙදර ගම්මානයේ වැසියන්ට ඡන්ද මධ්‍යස්ථානය ඇති දුර වන කිලෝ මීටර් 50 පැමිණීම සඳහා බස් රථ යොදන්නැයි පැෆරල් සංවිධානය කළ ඉල්ලීමට අනුව මැතිවරණ කොමිෂන් සභාව ක්‍රියාත්මක වී බස් රථ යොදවා ඇත.
මැතිවරණ කොමිෂන් සභාවේ දැනුම් දීම මත මේ සඳහා බස්රථ යොදවා ඇත්තේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගිනි.
අකුරු ගෙදර ගම්මානය සඳහා ඡන්ද මධ්‍යස්ථානය මිල්ලව කණිෂ්ඨ විද්‍යාලයේ වන අතර එහි පැමිණීම සඳහා ගම්වැසියන් කිලෝ මීටර් 50 ක් පමණ දුරක් බස් රථ තුනකින් පැමිණීය යුත්තේ පල්ලේගම, දෙණියාය මොරවක හරහා මිල්ලවටය.
නොඑසේ නම් ඔවුන් කිලෝමීටර් තුනක පමණ දුරකින් සිංහරාජ වනාන්තරය හරහා අනාරක්ෂිත මාර්ගයක් ඔස්සේ පැමිණිය යුතුය.
අකුරු ගෙදර ඡන්ද දායකයන් 191 දෙනෙක් සිටින අතර විශාල වියදමක් කාලයක් හා දුරක් ගෙවා දමමින් ඡන්දය දෙනු වෙනුවට මේ පිරිස කරන්නේ ඡන්ද පොළ වෙත නොපැමිණ සිටීමය.
මේ පිළිබඳව පැෆරල් සංවිධානය වෙත වාර්තා වීමෙන් පසු තමන් ගාල්ල නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා වෙත පැමිණිලි කළ බවත් පසුව ඔහු ප්‍රදේශීය ලේකම් කාර්යාලය හරහා එම ගමට බස් රථයක් යෙදවීමට කටයුතු යොදා ඇති බවත් පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.
2025 නොවැම්බර් මස 21
81
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
174
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1034
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
අකුරුගෙදර ගම්වැසියන්ට ඡන්දය දාන්න යන්න බස් රථ
Gamarala Friday, 15 November 2019 03:38 PM
අලුතින් පත්වන ජනාධිපතිතුමාගේ පළමු කාර්ය වියයුත්තේ මෙවැනි දුෂ්කර ගම්වල ජීවත්වන ජනතාවට පහසුකම් ලබාදීමයි. මොකද ඔවුන් රටට බරක් නොවන වැසියන් නිසයි...
siri Friday, 15 November 2019 07:21 PM
මෙම පුවත ඊයේ පලවුවෙන් එයට අද දින යහපත් ප්‍රතිචාරයක් ලැබීම ගැන සතුටු වෙමි. ඒවගේම මොවුන්ගේ හෙට දිනය ගැනත් එසේම වේවා!
Amila Saturday, 16 November 2019 02:32 AM
අති දුෂ්කර ගම්මානද, කටුක දිවි ගෙවන ජනතාවද, තවමත් මෙරට සිටින බව කොන්ක්‍රීට් වනාත්තර ඉදිකරන නායකයන් දැන්වත් තේරුම් ගත්තොත් ලොකු දෙයක්...
senith Saturday, 16 November 2019 04:41 AM
අනිත් දවස් වලට යන්න ඕන නැද්ද? මේ අයට ඡන්දෙ විතරද ඕනේ..?