IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


‘‘අකමැත්තෙන් වුවත් සහල් පිට රටින් ආනයනය කරනවා‘‘

(නිමල කොඩිතුවක්කු)

රට මුහුණ දී ඇති අර්බුදවලින් ගොඩ ගැනීම සඳහා ඉදිරි අයවැයෙන් සියලු සැලසුම් සකස් කරන බව ඉඩම් අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා කොළඹදී අද පැවසීය.

රටේ ආර්ථිකය සංවර්ධනය කෘෂිකර්මාන්තය ඇතුළු සියලු ක්ෂේත්‍රයන් නගාසිටුවීමට නව වැඩපිළිවෙළක් මෙවර අයවැයෙන් ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

" පිටරටින් නැවත සහල් ගේන්න අපි කැබිනට් මණ්ඩලයේදී තීන්දුවක් ගත්තා. එය කැබිනට් මණ්ඩලය කැමැත්තෙන් ගත්ත තීන්දුවක් නොවේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා හැටියට පත්වුණාට පස්සේ සහල් පිටරටින් ගේන්න අවශ්‍යතාවය තිබුණත් සහල් ගේන එක නැවැත්තුවා. අපි බැලුවේ ගොවියාට සහ ව්‍යාපාරිකයාට සාධාරණයක් වෙන ආකාරයට මේ කටයුතු නිම වෙයි කියලා.

ජනාධිපතිතුමා සත්භාවයෙන් මේ රටේ ගොවියා ශක්තිමත් කරන්න තමයි සහල් ගෙන්වීම නැවැත්තුවේ. අපි ආණ්ඩුව ගන්න විට වී කිලෝ එක්ක සහතික මිල රුපියල් 32 යි. අපි මේක 55 ක් බවට පත් කළා. ගොවියා, මොල් හිමියෝ සහ ව්‍යාපාරිකයෝ අතර සමතුලිත තත්වයක් ඇති කරන්න උත්සහ කළාට එය බැරි වුණා.

ඒ නිසා රජයට සිද්ධවෙලා තිබෙනවා හාල් මෙක්ට්‍රින්ටොන් ලක්ෂයක් ගේන්න. ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබා දුන්නා. කොච්චර පිටරටින් ගෙනාවත්, හාල් මිල බැස්සත්, රජය සහතික මිලට අනුව වී රුපියල් 55ට ගන්නවා කියලා අපි කියනවා.

 



අදහස් (14)

‘‘අකමැත්තෙන් වුවත් සහල් පිට රටින් ආනයනය කරනවා‘‘

Sunil Tuesday, 28 September 2021 02:33 PM

ඇමැතිවරුන් දෙන්නෙක් එකතු වෙලා ඉහළ යන සහල් මිලට ගේමක් දෙනවයි වහසිබස් දෙඩුවා. හාල් මිල තව ඉහළ ගියා. දැන් හාල් පිටරටිනුත් ගෙන්වන්න යනවා. කාබනික පොහොර සහ වී මිල පාලනයෙන් ගොවියා අනාථයි. මේ ඇමැතිවරු දෙපළම අසාර්ථකයි. වහසිබස් දෙඩවීම හැර වෙන කළ හැකි දෙයක් නැත.

:       1       13

Hafeel Tuesday, 28 September 2021 02:41 PM

ඒ කියන්නේ දැනට කිසිම වැඩ පිළිවලක් හෝ සැලැස්මක් හෝ නැද්ද? දැනට මාසයකට කලිනුත් බන්දුල ගුණවර්ධන කිව්වා හාල් පාකිස්තානයෙන් ආනයන කරනවයි කියලා. එහෙමනම් එ්ක බොරුද? දැනට හාල් ආනයන කරන්නත් ඩොලර් නැහැ වගේ... කිසිම වැඩකට නැති ආණ්ඩුවක් මේක...

:       0       14

සුදුළුනු ගුනේ Tuesday, 28 September 2021 04:45 PM

පිස්සුද මෙයා, සතොසේ ඉන්න හොරු ටික සහල් තොග පිටින් තොග මුදලාලිලා ට දෙයි.

:       0       0

Dharmatileke Tuesday, 28 September 2021 02:47 PM

දැන් මේ හෙළිවෙන්නේ... හෙළිවෙන්නේ කියලා කෑගහන්නේ එයාගේ මොකක්ද දැන් හෙළිවෙන්නේ?

:       0       9

Raveendra Tuesday, 28 September 2021 02:48 PM

අපගේ මෙම අදහස් 100%ක් වැරැදි විය හැකිය. කාරුණිකව මධ්‍යස්තව සිතීමට උත්සාහ කරමු. ඇයි රජයට "තරගකාරි මිලට" වී මිලදීගෙන ආරක්ෂක හමුදා සාමාජිකයින් සම්බන්ධ කරගෙන වීමෝල් පටන්ගෙන සතොස හරහා මහජනතාවට සහල් ලබාදීමට බැරි ඇයි?

:       6       12

fairoos Tuesday, 28 September 2021 03:29 PM

අනේ මෙහෙමත් ආණ්ඩුවක් .ගැසට් ගහනවා රිවස් කරනවා

:       1       13

Lalith M Tuesday, 28 September 2021 04:12 PM

ඔය ඔක්කොම කෙරුවාව ආනයනය කර කොමිස් ගහන්න නේද. හිඟ වෙන්න වෙන්න ඇමතිලාට මල් හිනා යනවා. බලන්න පෙරේත මූනේ සිරියාව.

:       0       3

ශිරන්ති Tuesday, 28 September 2021 04:24 PM

කවදා වුන දේවල්ද මේ

:       0       2

මලය Tuesday, 28 September 2021 04:24 PM

දැන් මහින්දානන්ද කියනව හාල් ඇටයක්වත් පිට රටින් ගේන්නැ කියලා. මෙයා කියනව හාල් පිටරටින් ගේනව කියලා. බන්දුල දැන් මාස ගානක ඉදලා හාල් පිටරටින් ගේනව කියනවා. පිස්සු හැදෙනව මේ අයගේ කතා අහල.

:       0       3

Nuwan Tuesday, 28 September 2021 04:28 PM

20 ත් සම්මත කරගෙන 2/3 කුත් අතේ තියාගෙන කරගන්න බැහැ කියන්නේ බෑම තමයි.!

:       0       4

de silva Tuesday, 28 September 2021 04:56 PM

මේ එක්කෙනෙක්වත් පාරිභෝගික අපි ගැන හිතන්නේ නැහැ.

:       0       3

BamunuarachchiThursday, 30 September 2021 10:05 AM

පාරිභෝගිකයා ගැන හිතන නිසා තමයි සහල් පිටරටින් ගෙන්වන්න කියන්නේ. කෝ ඔහෙලා ඒකට සපෝට් එකට කතා කරන්නේ නැතුව බොරු බයිලා ගහනවා

:       0       0

Bamunuarachchi Tuesday, 28 September 2021 05:01 PM

සහල් ආනයනය කරන්න අපේ කිසිම විරුද්දත්වයක් නැහැ

:       5       4

රවීන්ද්‍ර Tuesday, 28 September 2021 05:36 PM

.පසුගිද දිනක වාර්ථාවක් දැක්කා ආනයනය කල සහල් තොගයක් කොම්පෝස්ට හදන්න හමුදාවකට දුන්නා කියල..මේවාට එසේ නොවේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30530 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12538 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10905 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 786 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 242 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 888 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site