(කවිතා සුබසිංහ)
එඩේරමුල්ල අක්බාර් නගරය ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් 17 දෙනෙකුගෙන් පස් දෙනෙකු 06 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර එක් සැකකරුවෙකු රැඳවුම් නියෝග මත දින 7ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට මහර මහේස්ත්‍රාත් හේශාන්ත ද මැල් මහතා අද (02) නියම කළේය.
මොහොමඩ් අජ්මීර්, අබුබකර් සල්වා, මොහොමඩ් භාෂීර්, තුවාන් පෂ්මාරා සහ අබ්දුල් රෂාක් නැමති මුස්ලිම් ජාතිකයන් පස් දෙනෙකු මෙලෙස රිමාන්ඩ් ගත වූ අතර සලාවුඩීන් හුසේන් යන අය රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියම විය.
ඉකුත් 01 වැනි දා කඩවත පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, ගුවන් හමුදාව එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගත් බවත් එහිදී සලාවුඩීන් හුසේන් නැමත්තා භාරයේ තිබී ජංගම දුකරථනයක් සහ ලැප්ටොප් යන්ත්‍රයක් සොයා ගත් බවත් එම උපකරණ පරීක්ෂා කිරීමේ දී ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් යන අයගේ දේශන ඇතුළත් ඡායාරූප සහ විවිධ වැඩටහන් ඇතුළත් වී ඇති බවත් අනාවරණය වූ බව කඩවත පොලිසිය විසින් අධිකරණයේදී සඳහන් කරන ලදී.
එම මෙහෙයුමකදී සැකපිට අත්අඩංගුවට ගත් මොහොමඩ් අජ්මීර් හා ඔහුගේ බිරිඳ වන අබුබකර් සල්වා යන අය භාරයේ තිබී කඩු 4ක් ද, මොහොමඩ් භාෂීර් යන අය භාරයේ තිබී අන්සතු ගමන් බලපත්‍ර 34 ක් ද, තුවාන් පෂ්මාරා යන අය භාරයේ තිබී පිහි 4ක් සහ අබ්දුල් රෂාක් යන අය භාරයේ තිබී පිහියක් ද සොයා ගත් බව කඩවත පොලිසිය අධිකරණයේදී පැවසීය.
සලාවුඩීන් හුසේන් නැමත්තා රැදවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා අධිකරණය වෙත ඉදිරිපත් කළ අනෙක් සැකකරුවන් 11 දෙනා රුපියල් 25,000 බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට නියම කළේය.
2025 දෙසැම්බර් මස 30
162
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
785
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
383
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අක්බාර් නගරයෙන් අත්අඩංගුවට ගත් 17 න් 5 ක් රිමාන්ඩ්