IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අක්කා කොරෝනා සුව වී ගෙදර එද්දී මල්ලී දොර වහයි

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබා නිවසට ආ හැත්තෑ හතර හැවිරිදි මවක දින තුනක් තිස්සේ නිවසේ අගුවේ කල් ගත කරන පුවතක් පල්ලෙවෙල ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

නිවසේ වෙසෙන තම සහෝදරයා තම එකම බැඩවැල කඩාගෙන ආ සහෝදරිය මෙසේ නිවස තුළට නොගැනීම නිසා අසල්වාසීන්ගේ උපකාරයෙන් දිවි රැකගෙන මින් සිටින්නේ පල්ලෙවෙල නුංගමුවේ එක් දරු මවකි.

ඇය දිගු කලක් තිස්සේ සිය සහෝදරයා සමඟ මෙම නිවසේ පදිංචිව සිට ඇති අතර පසුගිය දිනක රෝගාතුර වීම හේතුවෙන් මීරිගම රෝහලට ඇතුළත් කළේය.

එහිදී ඇය කොරෝනා වෛරසය ආසාදිත බව හෙළි වීමෙන් පසු වැල්ලවත්ත ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කර කළේය.

එහි දස දිනක් ප්‍රතිකාර ලැබූ ඇය 21 රාත්‍රියේ ඇගේ නිවසට ඇරලවා තිබේ.

ඒ අවස්ථාවේ සිට නිවසේ වෙසෙන සිය සහෝදරයා තමන්ට නිවසේ දොරගුළු විවෘත නොකළ නිසා තමන් ඉස්තෝප්පුවටවී අව් වැසි ආදියෙන් පීඩාවට පත්වෙමින් කල්ගත කරන බවත් අසල්වාසීන්ගෙන් ලැබෙන ආහාර පානයෙන් දිවි රැක ගන්නා බවත් ඇය හඬමින් කීවාය.

එමෙන්ම තමන් වැල්ලවත්ත ප්‍රතිකාර මධ්‍යස්ථානයේදී හැඳ සිටි ඇඳුම් මෙන්ම තවමත් කල් ගත කරන බව කියන ඇය ඇගේ ඇඳුමක් ලබා ගැනීමට ඇගේ කාමරයට යාමට හෝ සහෝදරයා අවස්ථාව ලබා නොදී ඇතැයි හඬමින් පැවසුවාය.

තමන්ගේ දියණිය කණ්ඩලම ප්‍රදේශයේ නිවසක බෝඩිං වී රැකියාව කරන හෙයින් ඇය සිටින ස්ථානයට යාමට පවා තමන්ට හැකියාවක් නැතැයිද එසේ යාමට තමන්ගේ ඇඳුම් කැඩුම් ආදිය ලබා ගැනීමට සහෝදරයා නිවසේ දොර විවෘත නොකිරීම මහත් ගැටලුවක් බව ඇය පැවසුවාය.

ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියා දහවල් පැමිණ කාන්තාවට සුපුරුදු පරිදි නිවසේ දිවි ගෙවීමට අවස්ථාව සලසා දෙන ලෙස ඇගේ සහෝදරයාට උපදෙස් දී ඇතත් ඔහු එය ප්‍රතික්ෂේප කළ බව අසල්වාසීන්ගෙන් දැන ගන්නට ලැබිණි .

 



අදහස් (5)

අක්කා කොරෝනා සුව වී ගෙදර එද්දී මල්ලී දොර වහයි

Raveendra Thursday, 26 August 2021 08:31 AM

වික්ටර් රත්නායක මහත්මාගේ මෙම අර්ථවත් ගීතය නොහික්මුණු මේ සහෝදරයාට ඇසීමට හැකි වේවා.... අම්මා නැති මට කිරි අම්මාවී...... කරුවල ගෙදරට මිනි පහනක්වී....... දැනගත්දා සිට පෙරුම් පිරුවේ...... "අක්කේ" මම මතු සක්විති වෙයි සිතලා දෝ......

:       1       19

Nimal Thursday, 26 August 2021 09:00 AM

එය ඉතා ශෝචනීය කතාවකි.

:       0       14

janahitha UAE Thursday, 26 August 2021 09:01 AM

කොච්චර මහත්මා ගති පැවතුම් ඇති මිනිසුන් මැද උවද ගෝත්‍රික ගති ඇති අය ඕනෑතරම් සිටිනවා.

:       0       15

kamal Thursday, 26 August 2021 09:11 AM

සන්=සමහර තිරිසනුන්ගේ වැඩ දැක්කහම 2500 සංස්කෘතියත් එපා වෙනවා

:       0       10

සෙනෙවිරත්න Thursday, 26 August 2021 11:11 AM

කොන්ක්‍රීට් බුදුපිළිම , බෝගස්, වලට ඇබ්බැහිවෙච්ච මිනිස්සු ලඟ සැබෑ බුදුන් නැහැ.

:       1       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 68 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 725 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site