(දයාරත්න ඇඹෝගම)


මුස්ලිම් නෙලුගොල්ලාකඩ ගම්මානයට අද (27)දින කඩා වැදුණ වන අලියෙකු පලවා හැරිමට  නොහැකි විම නිසා පොලිස් නිලධාරින් තැබු  වෙඩි පහරකින් එම වන අලියා මිය ගොස් තිබේ.


මෙම වන අලියා අද කහටගස්දිගිලිය පොලිස් වසමේ මුස්ලිම් නෙලුගොල්ලාකඩ ගම්මානයට කඩා වැදි එම ප්‍රදේශයේ පදිංචි කරැවන්ගේ භවභෝග විනාශ කරමින් දේපලවලටද හානි කොට තිබුණි.


එම නිසා ප්‍රදේශවාසින් විසින් මේ පිළිබදව කහටගස්දිගිලිය පොලිසියට සිදුකළ දැණුම්දිම අනුව පොලිස් නිලධාරින් එම ස්ථානයට පැමිණ වන අලියා පළවා හැරිම සදහා අහසට වෙඩි තබා බියගන්වා ඇතත් වන අලියා ඉන් වඩාත් දරුණුවි පොලිස් ජිප් රථයටද පහරදිමට උත්සහා කරන ලද බව කහටගස්දිගිලිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක පි.එම්.උඩුමලගල මහතා පැවසිය.


අනතුරුව ප්‍රදේශවාසින්ගේ ජීවිත ආරක්ෂාව සලකා පොලිස් නිලධාරින් විසින් වන අලියාට එල්ල කළ වෙඩි පහරකින් වන අලියා මිය ගොස් තිබුණි.


වන අලියාගේ සිරැර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ(27)දින සිදුකිරිමට නියමිතව තිබුණි.


සිද්ධිය සම්බන්ධයෙන් වනජිවි දෙපාර්තමේන්තුවේ අනුරාධපුර කාර්යාලයේ නිලධාරින් හා එක්ව කහටගස්දිගිලිය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වති.