(සුමතිපාල දීයගහගේ)
හොරොයින් ගෑම් 2 මිලි ග්‍රෑම් 400 ක් , බැංකු පොත් 4 ක් ඒ. ටී.එම් කාඩ්පත් 26 ක් ඇතුලු තවත් භාණ්ඩ කිහිපයක් සමඟ අගලිය පොලිස් මුරපොල නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට අද (11) ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගන්නා බව බද්දේගම පොලිස් ස්ථානාධිපති ප්‍රභාත් දේශබන්දු මහතා පැවසීය.
බද්දෙගම පොලිසියට අයත් අගලිය පොලිස් මුරපොල නිලධාරීන් කණ්ඩායමක් විසින් අගලිය බටබැද්ද නුගේතොට ප්‍රදේශයේ පාලු නිවසක් අසල නවතා තිබූ මෝටර් රථයක් පරික්ෂා කිරිමට යන විට එහි සිටි පුද්ගලයින් සිවු දෙනෙක් පලාගොස් ඇත.
එවිට ඔවුන් පසුපස ලුහු බැද ගිය පොලිසිය එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරිමේදී එම සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 150 ක් සොයා ගෙන තිබේ.
එම ස්ථානයේ නතර කර තිබු සැකකරුවන් පැමිණි මෝටර් රථය පරික්ෂා කිරිමේදී එම රථය තුල තිබී හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 250 ක්, බැංකු පොත් 4 ක්, ඒ ටී එම් කාඩ් 26ක්, පෙන්ඩ්‍රයිව් 2 ක්,ජංගම දුරකතන 2 ක්, සිම්කාඩ් පත් 11 ක්,ඩොංගල් 3 ක්, දේශීය මුදල් රුපියල් 1470 ක්, විදේශීය මුදල් නෝට්ටු 8 ක් සහ සැකකරුවන්ගේ බවට සැකකරන හැදුනුම්පත් 2 ක් සහ යතුරු කැරැල්ලක්ද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 21 හැවිරිදි බලපිටිය මරදාන පාර පදිංචි පුද්ගලයෙකි.
මෙම සැකකරුවන් හෙරොයින් විකිණිමට සහ අධික ලෙස හෙරොයින් පාවිච්චි කිරිමට ඇබ්බැහිවී ඇති පුද්ගලයින් බවපොලිස් පරීක්ෂණවලදී අනාවරනයවී ඇත.
පලා ගොස් ඇති සැකකරුවන් සහ මෙම හෙරොයින් ජාවාරම පිළිබද වැඩිදුර තොරතුරු අනාවරනය කර ගැනීම සදහා සැකකරු අද (11) බද්දේගම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත්කොට රැදවුම් නියෝගයක් ඉල්ලා සිටින බව පොලිසිය වැඩි දුරටත් පැවසිය.
සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම
කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ
ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
හෙරොයින් ඇතුළු තවත් භාණ්ඩ රැසක් සමඟ බද්දේගමදී අයෙක් අත්අඩංගුවට