IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


හරීන් සී අයි ඩී යට කැඳවයි

(ඉන්දිකා රාමනායක)

පාස්කු ප්‍රහාරයට අදාලව සිදුකරන   පරීක්ෂණයකට අදාලව   ප්‍රකාශයක්  ලබා ගැනීම සදහා සමගි ජන බලගවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි   හරීන් ප්‍රනාන්දු මහතා  අද (23) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත.

හරීන් ප්‍රනාන්දු මහතා කිසියම්  රෝගී තත්ත්වයක් හේතුවෙන්   කොළඹ පෞද්ගලික රෝහලක නේවාසිකව ප්‍රතිකාර  ලබන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ    පොලිස් කණ්ඩායමක්  ඊයේ පෙරවරවේ  එම රෝහල වෙත පැමිණ  මෙම දැනුම් දීම සිදුකළ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන  විමර්ශනක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු   මීට පෙර ද හරීන් ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රකාශ  ලබාගෙන තිබිණි.

සිද්ධිය සම්බන්ධයෙන් ලංකාදීප     හරීන් ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසුමක දී  ඒ මහතා පැවසුවේ     තමන්  රෝගී තත්ත්වයක් හේතුවෙන්    රෝහල් ගත ව සිටින බවත්,   වෛද්‍ය උපදෙස් අනුව   ඉදිරි   දිනක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  හමුවට ගොස් අදාල ප්‍රකාශය ලබා දෙන බවයි.

 

 

 

 

 



අදහස් (12)

හරීන් සී අයි ඩී යට කැඳවයි

සමිත සේනක අලුත්ගමගේ. Friday, 23 April 2021 03:09 AM

පාස්කු ප්‍රහාරයට වගකිවයුතු ප්‍රධානම කෙනා එවකට සේනාධිනායක හා විධායක බලය තිබූ ජනපති මෛත්‍රීපාල. ඔහු පාර්ලිමේන්තු වරප්‍රසාද නිසා ආරක්ෂිත කෙනෙකු බවට පත්වී තිබෙනවා. මේ සියල්ල සිදුවුණේ ඔහුගේ වරදින්. ප්‍රධාන වරදකරු නිදැල්ලේ සිටිමින්, එන ඡන්දෙදී ඡන්දය ඉල්ලන්නත් හදනවා. පක්ෂ විපක්ෂ සැම එකතුවී ඔහු නීතියට යටත් කළ යුතුයි. ඔහු නිදැල්ලේ සිටිද්දී නිකං කාලය කා දමමින් වටේ යාමෙන් ඵලක් නැත.

:       121       34

KooralaheFriday, 23 April 2021 06:12 AM

සහතික ඇත්ත... නීතිගරුක රටක් නම්... හිටපු ජනපති මෛත්‍රීපාල දැන් ඉන්නේ හිරේ.. ඒ මැරුණු සියලුම ජීවිතවලට වගකියන්න ඕනේ මෙයා තමයි.

:       33       18

Raththaran Friday, 23 April 2021 04:01 AM

පාර්ලිමේන්තුවේ කගහනවා බොරුවට, කියන කතා වලට නඩු දාන්ඩ බැරි නිසා. ඇවිල්ලා දන්න දේ පොලිසියට කියන්ඩ කිව්වම මතක නෑ . නිකන් කිවේවේ.සාක්කි නැ. ඔන්න පණ්ඩිතයන් ගේ කයිවාරුව.

:       30       71

බණ්ඩාFriday, 23 April 2021 01:19 PM

පාර්ලිමේන්තුවේ වරප්‍රසාද පනතක් තියෙන බව දන්නේ නැද්ද?

:       1       12

nimalSaturday, 24 April 2021 01:56 PM

පාර්ලිමේන්තුවේ වරප්‍රසාදවලට මුවාවී වර්තමාන පාර්ලිමේන්තුව දේශපාලකයන්ගේ පුද්ගලික විවේචන කරගන්න්වූ මඩ ගොහොරුවක් බවට පත්කොට ගෙන ඇත. ඉදිරි මැතිවරණයේදී කළ යුත්තේ කුමක්ද? රටේ ජනතාවට රටේ වර්තමාන දේශපාලකයා ගැන සිතන්නට අවස්ථාවක් උදා වී ඇත.

:       14       1

Jagath Perera Kumaara kittuwa Friday, 23 April 2021 04:21 AM

අපරාදේ පැමිණිලිකාරයෝ සාක්කිකාරයෝ එල්ලුම් ගස් හිරේයද්දී චූදිතයෝ වන්දි අරන් නිදොස් කර නිදහස් වෙන බව සිහිතබා ගත්තොත් හොඳයි.

:       42       28

Rata Perata Friday, 23 April 2021 06:01 AM

රාජපක්ෂලා තරම් රට කාපු යුගයක් තවත් නෑ..

:       69       40

මල්Friday, 23 April 2021 12:06 PM

හරින් කියන්නෙත් රාජපක්ෂ කෙනෙක්ද එතකොට.? කොහෙද යන්නේ මල්ලේ පොල් කියන්නේ නැතුව මෙතන මාතෘකාව වන හරින් ගැන කතාව කරමුකෝ...

:       2       38

Rata PerataSaturday, 24 April 2021 07:03 AM

ඒක තමයි කිව්වේ... හරීනුත් නන්දසේන වගේ නඩුවලට වෙට්ටු දාන වැඩේ අල්ලගෙනද කොහේද? ඒකයි. හරීන් නම් තවම ලෝකල්.. නන්දසේන නම් සිංගප්පූරුනේ ගියේ...

:       12       3

BamunuarachchiSaturday, 24 April 2021 01:25 PM

මෙයා මැක්කගේ කතාවෙන් එහාට කතාවක් කියන්න දන්නේ නැහැ. හඳේ හාවා ඇන්ද කතාව කිව්වත් රාජපක්ෂලාගෙන් ඉවර වෙන්නේ. මේවගේ තව කොපමණ ඉන්නවද දන්නේ නැහැ මේ ප්‍රේත ලෝකේ?

:       7       2

sumudu Friday, 23 April 2021 07:34 AM

රුධිර පීඩනය හද ගැස්ම වැඩිවෙන්න බෙහෙත් බිලා . නැත්තන් වැරදි අගයක් පෙන්වන උපකරණ හයි කරගෙන

:       4       31

BamunuarachchiSaturday, 24 April 2021 11:05 AM

ලෙඩා මැරිලා කියලා උපකරණ පෙන්නුවොත්, මෙයා කෑගැසුවත් අනික් ලෙඩ්ඩුන්ට ඇහැරෙයි කෑගහන්න එපා කියලා මෝචරියට දමයි....

:       10       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 271 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 591 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 705 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 405 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 474 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 169 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site