IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සහල් ලොරිවල සඟවා පොළොන්නරුවේ සිට දකුණට ගිනිඅවි-උණ්ඩ

(*** ඉන්දිකා රාමනායක)

පොළොන්නරුවේ සිට සහල් ලොරිවල සඟවා කොළඹ හා දකුණු පළාතේ අපරාධකරුවන්ට 2018 වසරේ සිට අවස්ථා කිහිපයක දී ගිනි අවි හා උණ්ඩ ප්‍රවාහනය කළ බව කියන සැකකරුවන් තිදෙනකු විශේෂ කාර්ය බළකායේ විශේෂ කණ්ඩායමක් විසින් පෙරේද‌ා (12) අත්අඩංගුවට ගනු ලැබූ බව එම බළකාය කියයි.

මොවුන් කඩුවෙල, නුගේගොඩ හා තිස්සමහාරාම යන ප්‍රදේශවල දී අත් අඩංගුවට ගත් බවද විශේෂ කාර්ය බළකාය පවසයි.

මෙම සැකකරුවන් තිදෙනා මාකඳුරේ මධුෂ් නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයාගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ජාවාරම්කරුවකු වන බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින කැලුම් ඉන්දික හෙවත් ‘කැවුමා’ නමැත්තා සමග එක්ව මෙම ආයුධ ප්‍රවාහන කර ඇති බවට තොරතුරු හෙළි වී ඇති බව විශේෂ කාර්ය බළකාය කියයි.

සැකකරුවන් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු අනුව කඩුවෙල බස් නැවතුම් පොළේ දී එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළිවූ තොරතුරු අනුව තවත් සැකකරුවකු නුගේගොඩදීත් අනෙක් සැකකරු කතරගම ප්‍රදේශයේ ලැඟුම් හලක සැඟවී සිටියදීත් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි.

මෙම ගිනි අවි හා පතුරම් පොළොන්නරුවේ සිට රැගෙන ඒම, ඒවා නුගේගොඩ ප්‍රදේශයේ නිවසක සැඟවීම හා ආයුධ රැගෙන එන ලොරි රථවලට ආරක්ෂාව ලබාදීමට යන චෝදනා යටතේ මොවුන් තිදෙනා අත් අඩංගුවට ගත් බව ද විශේෂ කාර්ය බළකා ආරංචි මාර්ගවලින් පැවසේ.

ඇරැව්වල මැණික් ව්‍යාපාරිකයාගේ නිවසින් රුපියල් කෝටි 700 කට දියමන්තිය කොල්ලකෑම සම්බන්ධයෙන් කැවුමාට චෝදනා එල්ල වේ.

කැළුම් ඉන්දික හෙවත් කැවුමා නමැත්තා මත්කුඩු කිලෝ 300 කට අධික ප්‍රමාණයක් හා පිස්තෝල 10 ක් සමඟ මීට පෙර විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර එම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු තවමත් බන්ධනාගාරගතව සිටියි.
සැකකරුවන් රැගෙන ආ ආයුධ නුගේගොඩ ප්‍රදේශයේ නිවසක සඟවා තිබී ඇති අතර ඒවා අත්අඩංගුවට ගැනීම සඳහා නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර ඇත.

තිස්සමහාරාම ප්‍රදේශයේ ලැගුම්හලක දී අත්අඩංගුවට ගත් සැකකරු කැවුමා නමැත්තාගේ උපදෙස් මත මෙම ආයුධ අපරාධ කල්ලි අතර බෙදා දී ඇති බව ද විශේෂ කාර්ය බළකා ආරංචි මාර්ග පවසයි. මෙම සැකකරුවන් තිදෙනා සතුව ජංගම දුරකතන 6 ක් හා ලැප්ටොප් පරිගණක 3 ක්ද තිබී ඇත.

විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ හා බුද්ධි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශාන්ත රත්තෙපිටිය මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කරනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇත.

 



අදහස් (3)

සහල් ලොරිවල සඟවා පොළොන්නරුවේ සිට දකුණට ගිනිඅවි-උණ්ඩ

Bamunuarachchi Monday, 14 September 2020 12:27 PM

අනේ මේවා කිය කිය ලතවෙන්නේ ඇයි? ගෙනාපු ගිනි අවි පෙන්වන්න එක්ක යන්නකෝ... මොවුන්ව පරිස්සම් කරන එක ජනතාවට බරක්... දැන් මොහු එළියේ ඉන්නවාට වඩා ආරක්ෂිතව ඉන්නවා. කාටද ආඩම්බර?

:       0       0

isuru Monday, 14 September 2020 05:20 PM

2/3 ක් දුන්නේ.. දැන් සැපද?

:       0       0

BamunuarachchiWednesday, 16 September 2020 04:14 AM

අවි ආයුධ ගෙනෙන ඒවා අල්ලන්නේ දැන් යහපාලන කාලේ ඕවා හොඳට එහාමෙහා ගියා.. බඩු අහුවෙනකොට අපිට නම් සැපයි.. ඔබට දුකයි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 3 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 33 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 187 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 419 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 120 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 125 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 330 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1712 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site