IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


සිංහරාජ පිවිසුම් මාර්ගය ප්‍රතිසංස්කරණයට

(අජිත්ලාල් ශාන්තඋදය)

 සිංහරාජ වනාන්තරයට පිවිසෙන මාර්ගයේ  කලවාන කුඩව ප‍්‍රවේශපත‍්‍ර කවුළුව අසල සිට වතුරාව සිංහරාජ ප‍්‍රධාන පිවිසුම තෙක් ඇති කිලෝ මීටර් එක හමාරක පමණ වූ මාර්ගයේ මීටර් 1400ක දුරක් කොන්ක‍්‍රීට් ගල්අතුරා ප‍්‍රතිසංස්කරණය කිරීමට  වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

 සිංහරාජය නැරඹීමට එන ආබාධිත දෙස් විදෙස් සංචාරකයන් ඇතුළු සියලු සංචාරකයන්ගේ පහසුව සහ වැසි සමයේ සිදුවන සෝදාපාළුව වැළැක්වීම සඳහා මෙම මාර්ගය ඉදිකර තිබේ.

සිංහරාජ වනාන්තරය තුළ යන්ත‍්‍ර සූත‍්‍ර යොදා අලුතින් පාරක් කපන බවට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාල අතර ප‍්‍රචාරය වීමෙන් පසු ඒ පිළිබඳව සොයා බැලීමට වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සහ සබරගමු පළාත් සභාවේ ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් එක්ව කළ සංචාරයකින්  පසු මෙම තොරතුරු අනාවරණය විය.

සබරගමු පළාත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ කලවාන විධායක ඉංජිනේරු යූ.එස්.පී. උඩවත්ත මහතා පැවසුවේ මෙය අලුතින් සකස් කරන මාර්ගයක් නොව 1971-72 කාලයේ සිංහරාජ වනාන්තරයේ දැවැන්ත ගස් කපා එම දැව කඳන් කොස්ගම තුනී ලෑලි කර්මාන්ත ශාලාව වෙත ප‍්‍රවානය කිරිමට ලොරි රථ ගමන් කළ මාර්ගය බව යි.

දැඩි සෝදා යාමට ලක්ව ඇති මෙම මාර්ගය 2004 වර්ෂයේ දී අඩි දොළහක් පළලට බොක්කු සහ පාලමක් යොදා සංවර්ධනය කළ බව ද ඔහු පැවසීය. කුඩව පිහිටි ප‍්‍රවේශපත‍්‍ර අලෙවිහල සහ රථවාහන නැවතුම ආසන්නයේ දොරණ ඇළ හරහා පාලම ද තනා ඇත්තේ 2004 වසරේ දී බව ද  ඊට පෙර එහි තිබී ඇත්තේ විශාල දැව කඳන් දෙපැත්තට යොදා තැනූ පාලමක් බව ද ඉංජිනේරුවරයා පැවසීය.

දැඩි බෑවුම් සහිත මෙම මාර්ග කොටස මීටර් 1600ක් පමණ දුරක් ඇති අතර එය දොරණ ඇලේ වම් ඉවුර ඔස්සේ සිංහරාජ ප‍්‍රධාන පිවිසුම වෙත ගමන් කරන බව ද පැවසුවේය. 

විශාල ලෙස  සෝදා පාලූවට ලක්ව ඇති මේ මාර්ගය ඔස්සේ වාහන  ගමන් නොකරන අතර මාර්ගය අලුත්වැඩියා කරන්නේ සෝදා පාලූව අවම කරගැනීමට බව ද පැවසීය.

’‘2004 වසරේ මේ පාර සෝදාපාලූව වැළැක්වීමට දැඩි බෑවුම් සහිත ස්ථාන කිහිපයක කොන්ක‍්‍රීට් අතුරා සංරක්‍ෂණය කර තියනවා. ඒ දුර මීටර් දෙසීයක් විතර වෙනවා. ඊට අමතරව කොන්ක‍්‍රීට් පයිප් යොදලා අඩි දොහළක් පළලට බෝක්කු කිහිපයක් ම යොදා තියනවා. දොරණ ඇළට සම්බන්‍ධවන කුඩා අතුඇළක දිය ඇල්ලක් ආසන්නයේ සෝදා පාලුව වැළැක්වීමට බොක්කුවට අමතරව පැත් බැම්මක් ද යොදා ජල කළමනාකරණය කර තිබෙනවා.’’

’‘මේ සංවර්ධන කටයුතු සිදු කිරීමේ දී  බර වාහන භාවිත කරන්නට පවතින පරිසරය අනුව හැකියාවක් නෑ. ඒ නිසා කියුබ් එකේ ලොරි,  කුඩා එක්ස්කැවේටර් සහ පස් තලන රෝල් භාවිතයට ගන්න උපදෙස් දීලා තියෙන්නේ. පාර දෙපස ඇති එක ගහක්වත්   වැලක්වත් කපන්න එපා කියලා අපි උපදෙස් දීලා තියනවා.’’
  
’‘මේ කරන්නේ සංරක්‍ෂණ ක‍්‍රියාවලියක්. කලින් කොන්ක‍්‍රීට් කළ කොටසේ පස ආරක්‍ෂා වෙලා තියනවා. අනික් කොටස හො`දටම සෝදාපාලූ වෙලා. විශාල ගල් මතු වෙලා. පයින් යන එන එකත් ඉතා අමාරුයි. අවදානම්. සමහර වැහි කාලවල යනකොට අනතුරක් වුණත් වෙන්න පුලූවන්. මේ පාර හදනකොට කිසිම ඉවුරක් කපන්නේ නෑ. ඇත්තටම ඉවුරක් කපන්න  ඕනෑ නෑ. පාර කපලා අවුරුදු 44ක් විතර වෙනවා.’’

වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වනසංරක්‍ෂක මහින්ද සෙනවිරත්න මහතා අදහස් දක්වමින් සිංහරාජ වනාන්තරය සදාහරිත වැසි වනාන්තරයක් නිසා වසරේ වැඩිකාලයක් අධික වැසි පවතින ප‍්‍රදේශයක් බව පැවසුවේය. 

‘‘අන්තර් මෝසම් සමයේ සහ නිරිතදිග මෝසම් වැසි සමයේ තමයි වැඩිම වැසි ඇතිවෙන්නේ. කලවාන, වැද්දාගල දෙසින් සිංහරාජයට ඇතුළුවෙන්න වාර්ෂිකව දෙස් විදෙස් සංචාරකයන් දහස් ගණනක් එනවා. ඒ අයට  ප‍්‍රවේශපත‍්‍ර නිකුත් කරන කාර්යාලය ළඟ ඉඳලා ප‍්‍රධාන ගේට්ටුව ළඟට යන්න තියන මේ පාර සේදී ගිහිං හොඳටම අබලන් වෙලා.’’

‘‘මේ පාර හැදුවා කියලා මේ පාරේ වාහන යන්න අවසර දෙන්නේ නෑ. දැන් යන විදියට ම පයින් තමයි යන්න දෙන්නේ. සෝදාපාලූව වළක්වලා සංරක්‍ෂණය කරන්නයි මේ කටයුතු කරන්නේ. මෙහිදී ශාක හෝ සත්ත්ව ප‍්‍රඡාවට කිසිදු හානියක් වෙන්න ඉඩ දෙන්නේ නෑ. මේ තියන විදියට තිබුණොත් වැසි කාලයට සිදුවන හානිය වැඩියි.’’



අදහස් (7)

සිංහරාජ පිවිසුම් මාර්ගය ප්‍රතිසංස්කරණයට

රුවන් Sunday, 23 December 2018 11:58 AM

ඒකෙනුත් හම්බකරන් කන්නද බලන්නේ ස්වාභාවික වෑසි වනාන්තර ස්වාභාවික විදියට තියෙනවානම් කොච්චර හොදද? දිය පාරවල් පවා අවහිර වෙනවා මේ වෑඩෙන්

:       0       3

පිටිගල මිලානෝ Sunday, 23 December 2018 11:59 AM

පරිසරයට අත නොතබන්න. යන්න අපහසු නම් ඒ අයට ගෙදර ඉන්න කියා පුළුවන් අයට යන්න දෙන්න.

:       0       1

sena Sunday, 23 December 2018 12:38 PM

සෝදාපාළුව වලක්වන්න නම් ගස්වැල් වවන්නයි ඕනේ කොන්ක්‍රීට් දාන්න කිව්ව කෙනා කවුද ? අලුතෙන් වාහන යන්නේ නැතිනම් පළල පාරක් ඕනේ නැහැනේ මිනිස්සුන්ට යන්න අඩි හතරක පහක පාරක් ඇති - මෙතන පරණ වැරදි පිටින් දාලා මොකක් හරි ගෝනි සෙල්ලමක් යනවා

:       0       3

විජිත් Sunday, 23 December 2018 02:50 PM

මමත් මේ ගැන ටිකක් සොයාබැලුවා.... නමුත් පරිසරවේදීන් කිසි කෙනෙක්ගෙන් මේ පිලිබඳ විමසා නැතිබවත්, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අභිමතයට මෙය සිදුකරනබවත් ... මේ ඉඳිකිරීමේ " යම්කිසි යටි අදහසක්.." එහෙමත් නැතිනම් කිසියම් " දේශපාලුවෙකුගේ " යටි අදහසක් ඉටුකරගැනීමට මේ ක්‍රියාවලිය සිදුකරනබවත් සමහරුන්ගේ අදහසයි. අපි බලාගෙන ඉමු...

:       0       4

Nuwan Monday, 24 December 2018 06:04 AM

ගස් වලින් පිරිණු වනයක් සෝදා පාළුව වෙනවා දැක්කමයි. ලෝක උරුම වනාන්තරයක් සංචාරකයන්ගේ පහසුවට විනාශ කරන්න තරම් මේ මිනිස්සු නිවටද? සුද්දෝ කැමති මඩ නාගෙන ස්වබාවික පරිසරය විදින්න අපේ කොළඹ මෝඩ මිනිස්සුන්ට තමා මඩ ගැවෙන්න බැරි.

:       0       8

Sam Monday, 24 December 2018 10:37 AM

හොරෙන් කපන ගස් ගෙනියන්න ලේසි වෙනවා දැන්.........

:       0       0

aravinda Monday, 24 December 2018 12:06 PM

මා සිතන්නේ සෝදා පාලුවට ගිය පිවිසුම් මාර්ගය වර්තමානයට ගැලපෙන පරිදි සකස් කිරීමේ කිසිම වරදක් නොමැති බවයි. අවදානමින් තොරව, පහසුවෙන් ගමන් කිරීමට මාර්ගයක් පිළිසකර කිරීම, පරිසරය නැරබීමට පැමිණෙන දෙස්, විදෙස් සංචාරකයින් හට මහත් රුකුලක් වනු ඇත. මා සිතන්නේ මේ කාර්යය මීට බොහෝ කලකට පෙර කරානම් හොඳ යයි කියායි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 430 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 865 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1028 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 587 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 598 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 209 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site