IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සීලරතන හිමියෝත් කැෆේ සංවිධානයට පැමිණිලි කරති

(ඩයනා උදයංගනී)

තම ප‍්‍රතිපත්ති බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ප‍්‍රතිපත්ති සම්පූර්ණයෙන් අසත්‍ය ඒවා බවට ජනසෙත පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියෝ කැෆේ සංවිධානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා තිබේ.

කවුරුන් විසින් හෝ ව්‍යාජ ජනප‍්‍රියතාවක් ලබාගැනීමේ අරමුණින් සිදු කර ඇති මෙම ක‍්‍රියාව මඟින් තමන් සහ තම පක්ෂය අපහාසයට ලක් කර ඇති බව උන්වහන්සේ සිය පැමිණිල්ලෙහි සඳහන් කර ඇතැයි කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂීකා සුරංගි ආරියවංශ මහත්මිය පැවසුවාය.

මෙම ව්‍යාජ ප‍්‍රතිපත්ති හේතුවෙන් තම පක්ෂයේ නියම ප‍්‍රතිපත්ති සමාජගත කිරීම බරපතල ගැටළුවක් වී ඇති බවද  උන්වහන්සේ පවසා තිබේ.

මේ ආකාරයට සමාජ මාධ්‍ය ඔස්සේ අපේක්ෂකයින් හෝ ඔවුන්ගේ ප‍්‍රතිපත්ති අපහාසයට ලක් කිරීම , විකෘති කිරීම ආදිය  දැඩිව හෙළා දකින බව ද සුරංගි ආරියවංශ මහත්මිය කීවාය.

මැතිවරණය ප‍්‍රකාශයට පත්කළ දිනයේ පටන් මේ වනවිට කැෆේ සංවිධානයට මැතිවරණ පැමිණිලි 161ක් වාර්තා වී ඇති බවත් ඒ අතරින් බහුතරය රාජ්‍ය දේපළ අවභාවිතය සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්  බවත්  එම සංවිධානය සඳහන් කරයි.



අදහස් (11)

සීලරතන හිමියෝත් කැෆේ සංවිධානයට පැමිණිලි කරති

samira Monday, 14 October 2019 12:15 PM

සිවුරත් ශාසනයත් බලාගෙන නිවනට වැදගත් වන දෙයක් කරගෙන හිටියනම් ඔහොම අපහාස විදින්න වෙන්නේ නැහැනේ අපේ හාමුදුරුවනේ. කොහොමත් දැන් හාමුදුරුවරු මේ ජරා දේශපාලනයට ඇවිල්ල අරාජික වෙලා තියෙන්නේ.

:       9       248

Amila Monday, 14 October 2019 12:26 PM

අවසරයි අපේ හාමුදුරුවනේ. ඕක පැමිණිලි කරන්න ඕනෑ මැතිවරණ කොමිසමට. එයාලා පියවරක් ගනිවී..

:       0       34

සමීර Monday, 14 October 2019 12:30 PM

දිනන්නත් බැරිව නිකං ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙලා රට්ටුන්ගේ මුදල් කාබාසිනියා නොකර හිටියා නම් ඉවරයිනේ.

:       0       44

Keppetipola Monday, 14 October 2019 12:35 PM

හොඳ තාර බැරල් එකකින් තමයි මේවට උත්තර දෙන්න ඕනෑ.

:       2       16

Ranjan Monday, 14 October 2019 12:59 PM

දේශපාලුවෙක් වෙන්නම ඕනේ නම් ඔය සිවුර පැත්තකින් තියලා ඇවිත් ඔයාගේ කට්ටියත් එක්ක ඕනේ නැටුමක් නටන්න... බුදුදහමට නිග්‍රහ නොකර...

:       1       44

ටින්කිරි බණ්ඩා Monday, 14 October 2019 01:10 PM

මාත් ඔය ෆේස්බුක් ගිණුම බලනවා. එ්ක හරිම ශෝක්... හරිම හිනා. විහිලුවට වගේ දාලා තියෙන සමහර යෝජනා ඇත්තටම හොඳයි. මම හිතන්නේ මේකෙන් සීලරතන හාමුදුරුවන්ට හොඳ ප්‍රචාරණයක් නොමිලේ ලැබෙනවා. පැමිණිලි කරලා ඒකටත් කෙලවා ගන්නයි හදන්නේ...

:       1       68

Bamunuarachchi Monday, 14 October 2019 01:23 PM

අනේ හාමුදුරුවනේ... සිංහලයා භේදබින්න නොකර යන පාංශුකූලෙකට ගිහිල්ලා දෙන දානයක් වළඳලා පව්නොදී ඉන්න... හාමුදුරුවෝ හිතනවා නම් මේ රටේ ජනාධිපති වෙන්න පුළුවන් කියලා බෞද්ධයන් මොවුන්ගෙන් බණක් වත් නොඇසිය යුතුයි.

:       59       17

prabath Monday, 14 October 2019 02:10 PM

මමත් දැක්කා ඔය කියන ප්‍රතිපත්ති ප්‍රකාශනය... මරේ මාරු කියන ඒවා දුන්නත් පැය 24න් ලංකාවම ඉවරයි.

:       0       5

Chanak los angeles Monday, 14 October 2019 08:53 PM

එක අතකින් ඇමරිකානු පුරවැසියෙක් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීති රෙගුලාසි වලට පයින් ගසමින් මැතිවරණයට ඉල්ලනවානම් ලාංකික භික්ෂුවක් මැතිවරණයකට තරග කිරීමට විරුද්ධව වචනයක් කියන්නේ කොහොමද කියා සියලු දෙනාගෙන්ම අසමි

:       35       14

BamunuarachchiTuesday, 15 October 2019 12:14 PM

මේ මොනවද කියන්නේ? උසාවියෙනුත් තීන්දුවෙලා ඉවරයි ගෝඨගේ ලංකාවේ පුරවැසිකම. උදෙන්ම රෙදි වැලක තිබුන සාටකයක් දැකලා බයවෙලා වගේ.

:       0       0

Bamunuarachchi Wednesday, 16 October 2019 10:54 AM

හාමුදුරුවනේ අපේක්ෂකත්වයට ඇප බැන්දේ පිං කැටයට වැටෙන සල්ලි වලින් හරි, පන්සලේ දියුණුවට යමක් කිරීමට පන්සලට පූජාකළ සල්ලි වලින් නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 0 0

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 108 0

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 113 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 340 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 696 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 523 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1722 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1560 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site