වේදනා නාශක බෙහෙත් කරල් 19 ක අඩංගු ඖෂධ ඉවත් කර හෙරොයින් මත් කුඩු පුරවා යළි සකස් කර බන්ධනාගාර රැදවියන්ට අලෙවි කිරීමට රැගෙන ආ වැලිකඩ බන්ධනාගාර රෝහලට අනියුක්තව සේවය කරනු ලබන ඖෂධ සංයෝජකයෙකු බන්ධනාගාර නිලධාරීන් අද (24) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.
බෙහෙත් ද්‍රව්‍ය තුළ මත්කුඩු සඟවා ගෙන වැලිකඩ බන්ධනාගාර රෝහලට ගෙන යන බවට ලද තොරතුරකට අනුව ඇති වු සැකය මත සිදු කළ පරීක්ෂාවකදී ඔහු අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර නිලධාරියෙක් සඳහන් කළේය.
ඖෂධ සංයෝජකවරයා රාජකාරී සඳහා වාර්තා කර නැවතත් බන්ධනාගාර පරිශ‍්‍රයෙන් පිටතට ගොස් තිබේ.
එසේ ගොස් ආපසු එන අවස්ථාවේදී ඇති වු සැකය මත ඖෂධ සංයෝජකවරයා පරීක්ෂාවට ලක් කිරීමේදී හෙරොයින් මත් කුඩු පුරවා යළි සකස් කරන ලද වේදනා නාශක බෙහෙත් පෙති සොයා ගෙන තිබේ.
මේ ආකාරයට මොහු දීර්ඝ කාලයට සිට ජාවාරමක් ලෙස වැලිකඩ බන්ධනාගාරය තුළට ඖෂධ තුළ සඟවා රැගෙනවිත් රැදවියන්ට මත්කුඩු බෙදාහරින්නට ඇති බවත් ඒ පිළිබදව වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවත් හෙතෙම සඳහන් කළේය.
වැඩිදුර විමර්ශන සදහා සැකකරු බොරැල්ල පොලීසියට බාර දී තිබේ.
(36698)
රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම
පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්
අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සිරකරුවන්ට මත් කුඩු අලෙවි කළ ඖෂධ සංයෝජකයෙකු අත්අඩංගුවට
nirupa Monday, 24 December 2018 11:58 AM
ඇවිල්ලා ඇවිල්ලා කාගේත් හොඳ කාලය ඇවිල්ලා යමල්ලා යමල්ලා කුඩු කරෝයෝ ඇතුලට දමල්ලා.