IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සමාජ මාධ්‍ය අවහිර කෙරේ

ෆේස්බුක්, වයිබර්, වට්ස්ඇප්, ඉන්ස්ටග්‍රෑම් සහ ට්විටර් යන සමාජ මාධ්‍ය වහාම ක්‍රියාත්මක වන පරිදි අවහිර කිරීමට රජය තීරණය කර තිබේ.

විවිධ ප්‍රදේශවල ඇති වූ නොසන්සුන්කාරී තත්වය හේතුවෙන්, රටේ සාමය ආරක්ෂා කර ගැනීමට මෙම පියවර ගත් බව රජය සඳහන් කරයි.



අදහස් (24)

සමාජ මාධ්‍ය අවහිර කෙරේ

ලුම්බිණි Monday, 13 May 2019 02:13 AM

එකෙක් වරදක් කළපලියට ඔක්කෝටම දඬුවම් කරන එක හරිද?

:       0       0

Pubudu Monday, 13 May 2019 02:30 AM

නීතිය සාධාරණය ක්‍රියාත්මක නොකර සමාජ මාධ්‍ය අවහිර කලාට වැඩක් නැහැ.

:       0       0

jayath Monday, 13 May 2019 02:36 AM

මේකට සුද්ද සිංහලෙන් කියන්න තියෙන්නේ "අතීසාරෙට අමුඩ ගහනවා " කියලයි . සමාජ මාද්‍ය වල හැසිරීම ප්‍රශ්න සහගත බව ඇත්ත සමහරු තමන්ගේ පුද්ගලික න්‍යාය පත්තර ඒවා හරහා ක්‍රියාත්මක කරනවා නමුත් ඒවා එහෙම හැසිරෙන්නේ ඇයි? රටේ ජනතාව ට ආණ්ඩුවේ ක්‍රියා පටිපාටිය ගැන අබමල් රේණුවක විශ්වාසයක් නැහැ. ආරක්ෂාව ගැන විශ්වාසයක් නැහැ. තමන්ගේ දරුවෝ , ආණ්ඩුව මොනතරම් නාහෙන් ඇඩුවත් , ඉස්කෝලේ යවන්නේ නැත්තේ එකයි. අදත් තත්වය හොඳ නැහැ කියල තමයි දැනට ආරංචි. අනික මෙහෙ බෝම්බ පුපුරලා ලේ විලක් වෙලා තියෙද්දී , තමන්ගේ අඹු දරුවොත් එක්ක සිංගප්පූරු "ෂොපින් " යන උදවිය ඉන්න රටක මිනිස්සු මොනවා විශ්වාස කරන්නද ? අනේ මගේ රට "කවදා පායයි ද අප දිනිසුරානෝ "

:       0       0

Pradeep Monday, 13 May 2019 02:43 AM

කඩු, කිනිසි සහ තුවක්කු හංගගෙන හිටපු පල්ලිවල මවුලවිලා අත්අඩංගුවට ගන්න එපා.. සමාජ මාධ්‍ය අවහිරකලම නිකන්ම ත්‍රස්තවාදය නැතිවෙනවා. ඔන්න ලෝකේ අනිකුත් රටවලටත් ගන්නවානම් පාඩම් අපෙන්...

:       0       2

ගල්කටස් Monday, 13 May 2019 02:57 AM

ආණ්ඩුවේ නොහැකියාව ප්‍රදර්ශනය වන තවත් අපූර්ව අවස්ථාවක්. රටෙ ආරක්ෂාව තහවුරු කරන්න බැරි සමාජ මාධ්‍ය නිසාද? නැත්නම් ආණ්ඩු⁣වේ පවතින දුර්වලතාවයද? ප්‍රහාරයට මාසයක් වෙන්නත් ආවා ආණ්ඩුව කරන තරමක් කරන්නෙ බොරුව බව මිනිසුන්ගෙ විශ්වාසයි. එසෙ වීමට හේතුව සොයා පිළියම් යෙදීම මිස මෙවන් වැඩ වලින් ජනතා විශ්වාසය ගොඩ නැගිය නොහැක. 83 අවාසනාවන්ත සිද්ධිය සිදු වන කොට සමාජ මාධ්‍ය තබා රූපවාහිනි නාලිකාද තිබුණෙ නැති බව වටහා ගත යුතුයි.නොහැකියාවට බෙහෙතක් තවම සොයාගෙන නොමැත..

:       0       2

Udrich Monday, 13 May 2019 03:30 AM

ප්‍රශ්නෙට නියම විසඳුම හොයන්නේ නැති මේ ආණ්ඩුව හැමදාම කරේ මේ වගේ මෝඩ වැඩ කරන එක තමයි.

:       0       2

thushara Monday, 13 May 2019 03:50 AM

අන්තවාදී සංවිධාන තහනම් නැත. ෆේස්බුක් තහනම්.

:       0       2

Bamunuarachchi Monday, 13 May 2019 03:59 AM

සිංහලෙන් අතීසාරෙට අමුඩ ගහනවා කියන්නේ මේකටයි

:       90       251

Rasi Monday, 13 May 2019 04:06 AM

මේ ආණ්ඩුව තාම දන්නේ නැහැ ජනතා බලය කොතනද කියලා. හැමදේම දන්නා, කියන විදිහට සියල්ලදත්, හැබැයි එක වැඩක් වත් හරියට කර ගන්න බැරි කටමැත දොඩවන රාලලා ටිකක් 2015 ඉදන් මේ රට පාලනය බර අරන් මේ රට ගෙනල්ල තියෙන දුර හොඳටම ඇති.

:       8       194

KalidasaMonday, 13 May 2019 06:52 AM

ඔව්... ඇති නේද? දැන් අපි මොකද කරන්නෙ. අරගොල්ල ආපහු ගෙනෙමු නේදැ..... ඒගොල්ල හො ඳා... ඳා... යි නේ.

:       233       123

BamunuarachchiMonday, 13 May 2019 09:13 AM

හලෝ ඒගොල්ලෝ හෝ..ඳා.. යි තමයි. ඒගොල්ලන්ට මොගොල්ලෝ භාරදුන්නේ රටපුරාම බෝම්බ පිපිරෙන රටක්. ඒගොල්ලෝ භාර දුන්නේ අවුරුදු 10 කට බෝම්බ නොපිරෙන රටක්. මොවුන් අරගෙන අවුරුදු 4 කින් රටේ මුළු ආර්ථිකයට බෝම්බ දැම්මා. සිංහල බෞද්ධයන්ට වෙසක් උත්සවය පවත්වන්න දෙන්නේ නැහැ කියා ඔවුන්කියා තිබෙනවාද?

:       1       10

Poorna Monday, 13 May 2019 04:16 AM

අපිට දැන් සමාජ මාධ්‍ය විශ්වාසයි...

:       417       488

Indunil Monday, 13 May 2019 04:27 AM

ඔච්චර තමා පුළුවන්.................

:       103       415

Dmlk Monday, 13 May 2019 04:41 AM

වීපීඑන් තියන හින්දා මිනිස්සු සමාජ මාධ්‍ය පාවිච්චි කරනවා..අවහිර කලා කියලා තේරුමක් නෑ. කවුරු වුනත් මෙච්වර දෙයක් වුනාම ඕනම දෙයක් සැකයෙන් බලනවා..මුස්ලිම් අයත් දේශපාලනයත් වගකීම් සහිතව ප්‍රකාශ නිකුත් කලා නම් මෙහෙම වෙන්නෙ නෑ.

:       20       139

Kriss Monday, 13 May 2019 04:44 AM

ඕක කලාම සේරම හරි.

:       19       95

Lal Monday, 13 May 2019 05:08 AM

මේ ආණ්ඩුව හැම අංශයකින්ම අසාර්ථකයි.

:       0       0

සේන Monday, 13 May 2019 05:21 AM

කරන්න ඕන දේ පැත්තක. නිර්වත වහගන්නයි මේ දඟළන්නෙ

:       0       29

Karunaweera Monday, 13 May 2019 06:09 AM

ඕනම දෙයක හොඳ නරක දෙකම තියෙනවා, අපි දැනගන්න ඕන හොඳ මොකක්ද? නරක මොකක්ද? කියල. මේ දැන් ඇතිවෙලා එහි ප්‍රතිඵලය තමා, මේවා සදාකාලේටම වහල දැන්මනන් හොඳයි. මේ එකදෙයක් විතරයි සියලුම චරිත ඝාතන බොරු කටකතාවලට , ප්‍රසිද්ධිය ට මේවා හොඳ තෝතැන්නක්.

:       10       56

KumaraMonday, 13 May 2019 08:20 AM

සමාජ මාධ්‍ය මගින් සිදුවන ව්‍යාපාර කටයුතු ඕනිතරම් තියනවා. තව විදෙස් රටවල ශ්‍රමිකයින් ගෙදරට කතා කරන්නේ සාමාජ මාධ්‍ය හරහායි. කටකතා පතුරන අය අල්ලලා දැඩි දඬුවම් දුන්නානම් මෙහෙම වෙන්නේ නැ. මිනිස්සු අවුස්සන සාමාන්‍ය අයට වුවමනා නෑ. ඇමැතිවරුන්ගේ මාධ්‍ය ඒකක සම්බන්දව හොයා බලන්න. එවැනි ලිපි බෙදාහැරීම ගැන අපි දැක්කා.

:       0       0

chathuri Monday, 13 May 2019 06:59 AM

රටේ සාමය කෙසේවෙතත් නායකයින්ගේ මෝඩකම ලොවට පෙන්වනවා මේ කරන දෙයින්...... මෙවැනි දෙයක් පාලනය කරගන්න බැරි උන් කොහොමද රටක් පාලනය කරන්නේ..... බලන් ඉන්න සදහටම මේ දේවල් අක්‍රිය කරයි මෙහි නිර්මාතෘ.....

:       0       276

hasan Monday, 13 May 2019 08:12 AM

ඒක හොදයි. ලංකාව වගේ රටකට මේවා අනවශ්‍යයි. හේතුව ලංකාවේ නුගත් වැඩි. ඒ අය මේවා වැරදී දේවල් වලට පාවිච්චි කරන්නේ ලංකාව 1940 තත්වයට තියන එක හොඳයි.

:       2       1

Punyasoma Monday, 13 May 2019 08:25 AM

අපේ සමාජ ජාල භාවිතය නම් ඉතාම නරක විදියට තමය් සිද්දද්ධ වෙන්නේ. නිකමට වගේ youtube ගිහිල්ලා බලන්න, කට්ටිය ගහන අදහස්. හරිම සවුත්තුයි. දැන් ඕන රටක කෙනෙක්ට අපි දාන ඒවා translate කරලා බලන්නත් පුළුවන්. හොඳ සංස්කෘතියක් තියෙන රටක් විදියට අපේ සමාජ ජාල භාවිතය නම් අන්තිමයි. ඒ මදිවට ලංකාවේ මාධ්‍යය ක්‍රියාකරන ආකාරයත් හරිම ලැජ්ජා සහගතයි. අන්තිමට ඔක්කොම හිනා වෙන්නේ අපිටම තමා. එහෙම බලනකොට, block කරන එකත් එක විදියකට හොඳයි.

:       0       0

sandy123 Monday, 13 May 2019 08:46 AM

ලංකාවට පැවැත්මක් අවශ්‍ය නම් ඉන්න 225 ගැන නොහිතා විකල්පයක් සොයන්න සැමට ආරාධනා.

:       0       11

Sriyal Monday, 13 May 2019 08:59 AM

වීපීඑන් ඇප් ඒක දාගෙන යන්න පූළුවන් නේද? ආණ්ඩුව පිස්සු නටනවා. පාර්ලිමේන්තුවේ අයද මේ තීරණය ගත්තේ

:       0       7

ඔබේ අදහස් එවන්න

දියත

කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 27 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 260 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 602 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 440 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 483 2

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 1096 1

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1559 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site