IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘සාධාරණ - ප්‍රායෝගික ආර්ථික ක්‍රමවේදයක් මත කටයුතු කරනවා’

(ආරියරත්න රණබාහු)

සාධාරණ, ප‍්‍රායෝගික, ජනතාවට සෙත සැලසෙන රට ඉදිරියට ගෙන යෑමට හැකි ආර්ථික ක‍්‍රමවේදයක් මත කටයුතු කරන බව ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක හිටපු යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානායක මහතා කොළඹ අද (28) පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

ප‍්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා දෙනවා කියන සහන මලූ ඡන්ද දායකයින් රැවටීමට කරන මිත්‍යාවක් බව තේරුම් ගත යුතුව ඇතැයි කී සේනානායක මහතා ඔවුන් ඒවා දෙනවා නම් දෙන්නේ ගෙදරින් හෝ අම්මා තාත්තාගෙන් නොව ජනතාවගේ බදු මුදල්වලින් යැයි ද කීය.

ඒ මහතා ඒ බව පැවැසුවේ කොළඹ 8 ෆෙයාර් ෆීල්ඞ් මාවතේ පිහිටි ජාතික ජනතා පක්ෂ මූලස්ථානයේ අද(28) පැවැති මාධ්‍ය හමුවේදීය.

මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්න ඇසුරෙන් සංවාදයක් ලෙස පැවැති එම හමුවේදී මාධ්‍යවේදීන් ඇසූ ප‍්‍රශ්න සහ ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඒවාට දුන් පිළිතුරු මෙසේය.

ප‍්‍රශ්නය - ඔබ අපේක්ෂකත්වයෙන් ඉවත්වී වෙනත් පක්ෂයක අපේක්ෂකයකුට සහායදීමට තීරණයක් හෝ සාකච්ඡාවක් කර තිබෙනවාද?

පිළිතුර- කෙටිම පැහැදිලි පිළිතුර එහෙම කිසිම සාකච්ඡාවක් තීරණයක් කර නැහැ. මෙම සිවිල් ව්‍යාපාරයට එකතුවූයේ ඉදිරි ගමනක් යෑමට මිස අතරමගදී අතහරින්න නෙවෙයි. ඉඳුරාම එහෙම සංසිද්ධියක් නැහැ.

ප‍්‍රශ්නය - ඔබගේ මැතිවරණ ව්‍යාපාරය සහ ප‍්‍රචාරක කටයුතු තිබෙන්නේ කවර වූ තැනකද?

පිළිතුර - අපි රැස්වීම් රැලි කියන තැන නෙවෙයි ඉන්නේ. අපි කරන්නේ කතිකා හා සංවාදයි. ඒ සංස්කෘතිය තමයි මේ රටට අප හඳුන්වා දිය යුත්තේ. අපේ ඡන්ද දායකයින් නිශ්ශබ්ද සහ ලැජ්ජා අයයි. ඒ බොහෝ දෙනෙක් වේදිකාවලට නගින්න රැස්වීම්වලට එන්න ටී ෂර්ට් ඇඳගෙන තොප්පි දාගෙන පාරේ කෑගහන්න නටන අය නොවෙයි. ඒ සංස්කෘතියෙන් බැහැරව කටයුතු කරන අයයි. යම් යම් කණ්ඩායම්, ස්වාධීන අය, පක්ෂවල හිටපු අය මා සමඟ සාකච්ඡා කර තිබෙනවා.

ප‍්‍රශ්නය - අලූත් තරුණ ඡන්ද ලබා ගැනීමේ වැඩපිළිවෙළක් තියෙනවද?

පිළිතුර - එහෙම ඡන්ද දායකයින් ලක්ෂ 10ක් විතර ඉන්නවා. ඔවුන් මේ තියෙන ක‍්‍රමවේදය පිළිබඳ බොහොම අකමැත්තෙන් අපි‍්‍රය කරන අයයි. ඔවුන්ගේ ආකර්ෂණය අප වෙත තිබෙනවා. එය විශාල ප‍්‍රවණතාවයක්.

ප‍්‍රශ්නය - මාධ්‍ය ආයතනවල සහාය කොහොමද?

පිළිතුර - බොහෝ මාධ්‍ය ආයතනවලට මගේ ගෞරවය හිමිවෙනවා. නමුත් සමහර මාධ්‍ය ආයතන ඒ අපේක්ෂකයින් ගිලගෙන නැත්නම් අපේක්ෂකයෝ මාධ්‍ය ආයතන ගිලගෙන බවයි පෙනෙන්න තිබෙන්නේ. ඒ ගැන කනගාටුවක් තියෙනවා. ඒ සංස්කෘතියත් වෙනස් වෙයි කියල බලාපොරොත්තු වෙනවා.

ප‍්‍රශ්නය - ඔබගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ගැන සඳහන් කළොත්?

පිළිතුර -  එම කඩිමුඩියේ කළ දෙයක් නොවෙයි. මේ ව්‍යපාරය විසින් වසර කිහිපයක සිට හැදූ එකක්. රටේ ජනතාවගේ අදහස් උදහස් ඒ සඳහා ගෙන තිබෙනවා.

ප‍්‍රශ්නය -  ප‍්‍රධාන අපේක්ෂකයින් දෙනවා කියන සහන මල්ල ඔබට දෙන්න පුළුවන්ද?

පිළිතුර - ඒ බොරුව මා කියන්නේ නැහැ. ඒක ඡන්දේ කාලෙට විතරක් ඡුන්ද දායකයින් රැවටීමට කරන දෙයක්. අපි සාධාරණ ප‍්‍රායෝගික ජනතාවට සෙත සැලසෙන මේ රට ඉදිරියට ගෙන යෑමට පුළුවන් ආර්ථික ක‍්‍රමවේදයක් ගැන තමයි කතා කරන්නේ. සහනාධාර නිකම් දෙනවා නම් මට ප‍්‍රශ්නයක් නැහැ. නමුත් එහෙම දෙන්නේ අපෙන් අරගෙන මිස එයාලා ගෙදරින් හෝ අම්ම තාත්තාගෙන් ගෙනාපුවා නොවෙයි. ඒක මිත්‍යාවක් හැටියට අපි දකිනවා. අපි ගොවි මහතාගේ අස්වැන්නට සාධාරණ මිලක් ලබා දෙනවා.

ප‍්‍රශ්නය - මේ වනවිට ප‍්‍රධාන පක්ෂ දෙකම ප‍්‍රචණ්ඩත්වය ආරම්භ කර තිබෙන බව මැතිවරණ නිරීක්ෂක කණ්ඩායම් වාර්තා කර තිබෙනවා. මේ තත්ත්වය ඔබගේ පක්ෂයට අභියෝගයක් නොවෙයිද?

පිළිතුර - අභියෝගයකට වඩා අප ඒ ගැන කනගාටු වෙනවා. ප‍්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයින් ඔවුන්ගේ කණ්ඩායම් මෙහෙයවන ආකාරය ගැන. ප‍්‍රචණ්ඩ සහ අපරාධකාරි රැල්ලකට තමයි ඔවුන් මේ එන්නට හදන්නේ. මේක තමයි ඔවුන් දන්න දේශපාලනය. මේක තමයි මේ රටේ තිබුණ ගැටලූව. දැනට නම් අපට ප‍්‍රචණ්ඩත්වයක් නැහැ. නමුත් ලබන සති කිහිපය තුළ අපගේ පිබිදීම තුළ එවැන්නක් ඇති නොවෙයි කියලා කියන්න අමාරුයි. අපේක්ෂකයෝ මැතිවරණයෙන් පස්සේ සුහදව එකතුවෙනවා. පාක්ෂිකයෝ ගම්වල ගහ ගන්නවා මරා ගන්නවා  ඕක තමයි මේ රටේ මෙතෙක් කාලෙකට වුණේ. දැන්වත් ඡන්ද දායකයෝ බුද්ධිමත්ව කටයුතු කරයි කියල අපි බලාපොරොත්තු වෙනවා.

ප‍්‍රශ්නය -  හමුදා නිලධාරියකුට ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එන්න අමාරුයි කියල කියනවා. ඒ ගැන ඔබේ අදහස?

පිළිතුර - හමුදා නිලධාරින් තරම් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන කොට්ඨාසයක් ලංකාවේ නැහැ. අපිට පුරුදු පුහුණු කරල තියෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවක් තුළ බලයට පැමිණෙන  ඕනෑම පක්ෂයකට රාජපක්ෂිකව කටයුතු කිරීමටයි.

මෙහිදී හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහ, පක්ෂයේ මහලේකම් ගාමිණි නන්ද ගුණවර්ධන, බරපතළ වංචා දූෂණ චෝදනා ජනාධිපති කොමිෂන් සභාවේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා යන මහත්වරු ද අදහස් දැක්වූහ.

 



අදහස් (14)

‘සාධාරණ - ප්‍රායෝගික ආර්ථික ක්‍රමවේදයක් මත කටයුතු කරනවා’

wije Monday, 28 October 2019 04:28 PM

අනේ මහත්තයෝ රැස්වීමකට මිනිස්සු 100ක් එකතු කරගන්න බැරි ඔයාද ජනාධිපති වෙලා රට හදන්න යන්නේ. පරදිනවා කියලා හොදටම දැනගෙනත් ඔයා මේ ඉල්ලන්නේ වෙන කාගෙහරි ඡන්දය කඩන්න ඕන නිසා කියලා මුළු රටම දන්නවා. ඔයගොල්ලෝ තමයි මේ රටට ඇත්තටම වින කරන කට්ටිය.

:       1025       344

kamaniMonday, 28 October 2019 04:56 PM

විජේ, ගෝත්‍රික, ලැජ්ජා නැති, දූෂිතයින්ට වැඳ වැටෙන, ටකරමටයි, අරක්කු වීදුරුවටයි, රුපියල් 200 ටයි, විලි වහගන්න රෙදි කෑල්ලටයි තමන්ගේ ආත්මයම පාවාදෙන පිංගුත්තරයින් සිටින තාක් කල් මෙරට ගොඩ ගන්න බැහැ. ඔබ මේ අරක්කු වීදුරුවට, බත් පැකට් එකට පාවා දෙන්න ඔබගේ දරුවාගේ ආත්මයයි. දවසක ඒ දරුවන් ඔබට ශාපකරනු ඇත.

:       0       0

thanujaMonday, 28 October 2019 05:02 PM

කවුද ඔයාට සල්ලි දුන්නේ...? නිල් පාට අයද, නැතිනම් කොලපාට අයද?

:       217       453

sharm warnTuesday, 29 October 2019 04:29 AM

අරක්කු බෝතලෙටයි බත් පාර්සලේටයි සමෘද්ධිය කපනවටයි රැස්වීම් වලට යන කට්ටියක් ඉන්නවා. ඔබ මෙතැනදී 100ක් ගැන කියනවා නම් ජවිපෙ රැස්වීම් වලට කොයි තරම් සෙනග එනවද ? අපි මේ බොල් මානසිකත්වයෙන් මිදිලා උගත් මිනිස්සු උගත් සමාජයක් හැටියට හිතන්න පුරුදු වෙමුද ? ප්‍රේක්ෂකයෝ ද වැදගත් නැතිනම් අවබෝධයෙන් කටයුතු කරන ප්‍රමාණය වැඩි වෙන එකද ?

:       0       0

සෙන්දේTuesday, 29 October 2019 05:01 AM

වින කරන්නේ ඔබතුමා කඩේ යන මහා පක්ෂවල කට්ටිය කියල ලංකාවේ බහුතරය දන්නවා. ඡන්දෙ දවසට බලන්න මේ රටේ මිනිස්සු හරි තීරණය අරන් දේශපාලුවන් අයින් කරන විදිහ.

:       0       0

Mahee Monday, 28 October 2019 04:29 PM

අපි ඉන්නේ අතරමං වෙලා. අපි හොඳටම දන්නවා මහ පක්ෂ දෙකේම ඉන්නේ අපිව සදා කල්ම රවටපු වංචනිකයෝ බව. නමුත් අපිව රවටා බලයට පැමිණ ඔවුන් හැමදාම කලේ තමන්ගේ බඩවඩා ගැනීම බව තේරුම් ගන්න තරම අපේ මිනිස්සු බුද්ධිමත් නැහැ. මම යුද්දේ දිනපු මිනිහ මම ප්‍රජාතන්ත්‍රවාදය ඉස්මතු කරපු මිනිහ ආදී වශෙන් ඔවුන් අපට විසි කරමින් යන මිහිරි ලණු ගිලිමින් ඉන්න අපේ මිනිස්සු හරි කැමතියි. ඒ නිසා මෙතෙක් පැවතී, හුරු පුරුදු ගහ මරාගන්නා දේශපාලනයෙන් තොර අලුත් ක්‍රමයක් ගැන හිතන්න අපේ මිනිස්සුන්ට හුරුවක් නැහැ. ඒ නිසාම ඒ ක්‍රමයේ වහලුන් බවටම පත්වී සිටිනවා විනා නව යහපත් දේශපාලනයක් ගැන හිතන්නවත් අපේ මිනිස්සුන්ට අමාරුයි.

:       221       277

විජිත්Monday, 28 October 2019 05:01 PM

මහි මල්ලි ඇත්ත. මේ අන්තිම අවස්ථාවයි විකල්පය වගේ උගත් බුද්ධිමත් අයට රට වෙනස් කිරීමට ලැබෙන. රටේ මිනිස්සු මෙය තේරුම් ගත්තොත් අපි ඔක්කොම දිනුම්. එහෙම නැතිව වහල් මානසිකත්වයෙන් .. එදා වගේම මේපාරත් දූෂිත පක්ෂ දෙකේ එකෙක් රටේ නායකයා වුණොත් ඒ අපේ ශ්‍රී ලාංකික ජාතියේ අවසානයේ ආරම්භයයි. එහෙම වුණොත් එක්කෝ හමුදාවේ මැදිහත්වීමකින් එහෙම නැතිනම් විශාල විප්ලවයකින් පමණයි මේ රට ගොඩගැනීමට හැකිවන්නේ...

:       0       0

විජිත් Monday, 28 October 2019 06:57 PM

මහී, ඒ ඒ රටවල දේශපාලකයින් බිහිවන්නේ ඒ ඒ රට වල ජනතාවට හරියන විදිහටයි කියලා කතාවක් තියෙනවා. දියුණු රටවල උගත් බුද්ධිමත් රටට ආදරේ කරන මිනිසුන් ඉන්නේ. ඒ අයට එකම පක්ෂයක් කියලා කොහෙවත් ලේබල් ගහලා නැහැ. මේ පුද්ගලයා උගත්, රටට වැඩදායි කෙනෙක් වේවි. මෙයාගේ අතීතය හොඳයි, අවංක කෙනෙක් කියලා හිතලා තමයි මිනිස්සු දේශපාලන අපේක්ෂකයාට ඡන්දය දෙන්නේ. අනික ඡන්දයට කලින් තම තමන්ගේ ප්‍රතිපත්ති ගැන සියලුම අපේක්ෂකයින් අතරේ ප්‍රසිද්ධ විවාදයක් තියෙනවා. රුපවාහිනී චැනල කිහිපයක්ම එය සජීවීව විකාශනය කරනවා. එදා හවස් වනවිට ඇත්තටම කවුද නියම අපේක්ෂකයා කියලා රටේ ජනතාව තීරණය කරනවා. ඡන්දය ගනින්නේ ඡන්ද පොලේදිමයි. පොලිස් නිලදාරීයෙක් හිටියොත් හිටියේ පාර පනින වයසක අයට උදව්වට පමණයි. කෙසේ හෝ රාත්‍රී 8 ට නව ජනාධිපති වරයාව ප්‍රකාශයට පත්කරනවා. එපමණයි. මෙහෙ වගේ චන්ඩි දේශපාලුවෝ, බෝම්බකාරයෝ, බේබද්දෝ ඒ රටවල දකින්න නැහැ. පසුවදා උදැසන තවත් දවසක්. සියලු දෙනාම සතුටු සාමීචියෙන් මෙට්‍රෝ උමං දුම්රියෙන් රැකියාවට යනවා. ඒකට අපේ රට අනේ මන්දා වෙන මොනවා කියන්නද..?

:       21       115

MaheeTuesday, 29 October 2019 02:53 AM

හරියටම හරි විජිත්. 1800 ගණන්වල හිටපු ප්‍රංශ දාර්ශනික ජෝසෆ් ඩි මෙස්ට්ර් කිව්වා වගේ 'රටකට ලැබෙන්නේ රටේ ජනයාට ගැලපෙන ආණ්ඩුවකි" මෝඩයින් වැඩි රටකට මෝඩයින් පාලනය කරන ආණ්ඩුවකුත්, බුද්ධිමතුන් වැඩි රටකට නීතිය සහ සදාචාරයෙන් පාලනය කෙරෙන ආණ්ඩුවකුත් ලැබෙයි, අපට නම් ගැලපෙන්නෙම පළවෙනි එක තමයි.

:       18       68

Kumar Tuesday, 29 October 2019 02:09 AM

මේ මහත්මය නිර්භයව මැතිවරණයට ඉදිරිපත්වෙන එක මම අගය කරනවා. ලංකාවේ ලොකු පක්ෂවල සුරංගනා කතා අහල බොහෝ දෙනා ඡන්දය ප්‍රකාශ කරන්නෙ.

:       153       608

sharm warn Tuesday, 29 October 2019 04:36 AM

අපිට ඕන දේශපාලන ප්‍රේක්ෂකයෝයි, බේබදුකමට බඩජහරිකමට රට හොරුන්ට පාවලා දෙන සමාජයක්ද එහෙම නැතිනම් ඇත්තටම රටේ තියෙන බුද්ධියයි සම්පත් ටිකයි ප්‍රයෝජනයට අරගෙන අපේ රට දියුණු කරන පාලනයක් ද කියලා තීරණය කරන්න වෙලාව ඇවිත්.

:       0       0

සේන Tuesday, 29 October 2019 05:20 AM

මේ මහත්තයා 17, 18 වෙනකොට නැවත ඇමරිකාවේ. එයාගේ කොළපාට කොන්ත්‍රාත් එක ඉවරවෙච්චි ගමන් ඒක තමා කරන්න තියෙන්නේ..

:       0       0

Bandula. Tuesday, 29 October 2019 05:34 AM

මළාට පත්වෙන්නේ නැහැනේ... අපරාදේ නිකන් කාට හරි කඩේ යන සල්ලි අහිංසක දුප්පත් මිනිස්සුන්ට දුන්නා නම් ලොකු පිනක්... එ්ත් මේවට කියන්නේ තමන්ගේ තරම නොදත් මිනිස්සු...

:       0       0

siri Tuesday, 29 October 2019 09:13 AM

ෆොන්සේක නම් යුද්ධ කාළේවත් හිටියා.තමුන් මොනවද කළේ? එක එකාගේ සල්ලි මලුවලට ගිහින් රෙද්දක් ඇදගෙන පාරේ ගිය හැකිද?ජනතාව ලවා රෙදි ගලවා ගන්න වෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 71 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 97 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 94 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 283 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 631 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 131 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1712 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site