IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරයෙන් වසන්ත සේනානායක ඉවත්වෙයි

(හර්ෂණ තුෂාර සිල්වා)

එක්සත් ජාතික පක්ෂයේ රඹුක්කන ආසන සංවිධායක ධුරයෙන් සහ සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයෙන් ඉවත්වන බවට දන්වමින් පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට ලිපියක් යැවූ බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා අද (23) ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් තමන් දැඩි කනගාටුවටත් සිත් තැවුලටත් පත්ව ඇති බවත් තමන්ට ඇති ප්‍රශ්නවලට සතුටුදායක පිළිතුරක් ලබා නොදුණහොත් දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බවත් දන්වමින් සජිත් ප්‍රේමදාස මහතාට ද ලිපියක් යැවූ බව හෙතෙම කීවේය.‍

කොළඹ, ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවතේ පිහිටි සිය කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් සේනානායක මහතා ඒ බව කීය.

සජිත් ප්‍රේමදාස මහතාට අවලාද නැගූ, ඔහුට දෝෂාරෝපණය කළ, සජිත් ප්‍රේමදාස මහතාගේ මාපියන්ට චෝදනා කළ, සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළහොත් පක්ෂයෙන් ඉවත් වන බවට තර්ජනය කළ සියලු දෙනා මේ වනවිට සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ පෙරමුණ ගෙන ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට හඬ නැගූ සහ අරගල කළ පිරිස් පසුපසට තල්ලු වී ඇති බවත් වසන්ත සේනානායක මහතා පැවැසීය. 

ඊට අමතරව සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුරයට පත්වූ පසු රනිල් වික්‍රමසිංහ නැවත වරක් අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන්නේ ද? රවී කරුණානායක මහතා යම් අන්දමකින් පාර්ලිමේන්තුවට තේරී පත්වුවහොත් හෝ පාර්ලිමේන්තුවට නම් කරනු ලැබුවහොත් හෝ ඔහු කැබිනට් අමාත්‍ය ධුරයක් දරන්නේ ද? සජිත් ප්‍රේමදාස මහතා යටතේ රිෂාඩ් බදියුදීන් මහතා කැබිනට් අමාත්‍ය ධුරයක් හොබවන්නේ ද? පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරවලට සම්බන්ධ අන්තවාදී කොටස් සමඟ සබඳතා පැවැත්වූ බවට තොරතුරු වාර්තා වන මොහොතක රවුෆ් හකීම් මහතා ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයේ වැදගත් භූමිකාවක් ඉටු කරන්නේ ද සහ ඉන් පසුත් ඔහු රැඳී සිටින්නේ ද? යන ප්‍රශ්නවලට සජිත් ප්‍රේමදාස මහතා පිළිතුරු දිය යුතු යැයි ද වසන්ත සේනානායක මහතා කීවේය.

ජනාධිපති ධුරයට පත්වූ පසුව පෙර සිටි දූෂිතයන්, හොරුන්, මහ බැංකු කොල්ලකරුවන්, අකාර්යක්ෂම වයෝවෘද්ධ පිරිස් නැවතත් අමාත්‍ය ධුරවලට සහ තනතුරුවලට පත් කරන්නේ ද යන ප්‍රශ්නයට ද සජිත් ප්‍රේමදාස පිළිතුරු දිය යුතු බව ද වසන්ත සේනානායක මහතා කීය.

තමාගේ ප්‍රශ්නවලට සජිත් ප්‍රේමදාස මහතා සතුටුදායක පිළිතුරක් ලබා දුනහොත් ආසන සංවිධායක ධුරයෙන් ඉවත්වන බවට දන්වමින් යැවූ ලිපිය ඉල්ලා අස් කරගන්නා බවත් මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයට පූර්ණ සහයෝගය දෙන බවත් සේනානායක මහතා වැඩිදුරටත් කීවේය.



අදහස් (40)

සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරයෙන් වසන්ත සේනානායක ඉවත්වෙයි

Nishan Wednesday, 23 October 2019 09:52 AM

මේ ඉන්නේ විජේදාස - 2

:       8       56

ariyadasa Wednesday, 23 October 2019 09:58 AM

සජිත් ප්‍රේමදාස ගැන දැනගන්න හොඳ අත්දැකීමක් මට තියෙනවා 2003දී විතර. ලංකාවම දන්නා නාවල විවෘත විශ්ව විද්‍යාලය පෙනෙන දුරින් තියෙන අකුරු දෙකකින් හඳුන්වන ප්‍රමුඛතම කොන්ත්‍රාත් ආයතනයකින් ඔය කාලේ කළා දික්වැල්ල – බෙලිඅත්ත – තංගල්ල ප්‍රධාන මාර්ගය. සජිත් එකේ වැඩට මෙලෝ දෙයක් බැරි මිනිස්සු සියගණනක් බලෙන් දැම්මා. රියදුරන්, ඔපරේටර්වරුන්, පරීක්ෂකයන් වගේ තනතුරුවලට. පණ අදින වාහන, මැෂින් වැඩට බලෙන් දැම්මා. බලෙන් පස් ගල් අධික මිලට දැම්මා. අන්තිමට ව්‍යාපෘතියෙන් පාඩුව මිලියන් 90 යි. අද නිවාස අධිකාරියට 70ක් ඉන්න ඕනෑතැනට 1400ක් දැමීම පුදුම නැහැ..

:       228       39

sirimal Wednesday, 23 October 2019 09:59 AM

මහත්තයෝ, වන සතුන් බලන්න යනවා නම් සල්ලි වියදම් කරගෙන කෙන්යාවට යන්න එපා. ඡන්ද රැස්වීම් තියෙන තැන්වලට ගියානම් මේ ලෝකේ කොහෙවත් දකින්නට නැති සත්තු ඕනෑ තරමක් හොඳට බලාගන්න පුළුවන්...

:       3       33

sena Wednesday, 23 October 2019 10:02 AM

මේ මනුස්සයා තමන්ගේ මුතුන් මිත්තන්ගේගේ නමටත් කැළලක්. මොන එකකට පක්ෂේ ඇතුලේ තියාගෙන ඉන්නවාද මන්දා......

:       1150       1550

sisiraWednesday, 23 October 2019 10:40 AM

ඇයි ඇත්ත කියනකොට හිරිකිතයි වගේ ද ? අද රටේ ඇත්තට තැනක් නෑ අපිත් යහපාලනයට දර දිය ඇද්දා. මෙතුමා කියන කතාව සම්පුර්ණ ඇත්ත .

:       85       1853

hiraWednesday, 23 October 2019 10:50 AM

සේන, මෙයා කියන ඒවා සම්පුර්ණ ඇත්තනේ. අනික සජිත් මොනවද අප්පා රැස්වීම්වල කියවන්නේ. මේවා දකිනකොට හිතෙනවා රනිල් දාහෙන් සම්පතයි කියලා,

:       89       2156

රෝයිWednesday, 23 October 2019 10:56 AM

කියන දේ තේරුම් ගන්න බුද්දධිමත් වන්න.

:       5       162

Prabha Wednesday, 23 October 2019 12:28 PM

මොකද සජිත් කතාකරන්නේ... බුද්ධිමතුන්ට වගේද පේන්නේ?

:       1       18

BamunuarachchiSaturday, 26 October 2019 07:44 AM

මොලේ තිබෙනවා නම් සජිත් වගේ පුද්ගලයෙක් වෙනුවෙන් කතා කරාවිද? මැටි ගොඩක්...

:       0       0

jayarathn Wednesday, 23 October 2019 10:03 AM

මෙතුමා ආයෙ පනිනව අනිත් පැත්තට. මඩේ හිටවපු ඉන්නක් වගේ මෙයාලා. අනේ මන්දා.....

:       3       356

රෝයිWednesday, 23 October 2019 10:58 AM

කියනදේ තේරුම් ගන්න මුලින්ම.

:       9       126

swarna Wednesday, 23 October 2019 10:09 AM

පාක්ෂිකයන්ට මෙතුමා ගැන පැහැදීමක් නැති නමුත් අහපු ප්‍රශ්න නම් ඉතා වැදගත්. රනිල්, රවී, බදුර්දීන්, හකීම්ලා එක්ක සජිත් මහතාට දේශපාලනයක් තිබිය යුතු නැහැ.

:       12       632

adwinWednesday, 23 October 2019 11:12 AM

පක්ෂේ නායකයන් ගැන 77 සිට වැඩ කරපු අපට තියෙන්නේ ලොකු කලකිරීමක් . ඒ කාලේ තොන්ඩමන් හැර කිසිම කෙනෙක් ජේ. ආර්. ළගටවත් ගත්තේ නැහැ.

:       0       37

රවින් Wednesday, 23 October 2019 10:11 AM

කියලාවත් කරගන්න බැරි වැඩක්. දේශපාලනයෙනුත් ඉවත් වෙනවාලු. ලක්වැසියන්ට හොඳ අනාගතයක පෙරනිමිත. මේ වාගේ දෙපිට කාට්ටු කිසිම වැඩකට නැති අය නමටත් නින්දාවක්. පරම්පරාවට නිගරු නොදී දැන්ම ගෙදර යන්න.

:       548       714

thilakThursday, 24 October 2019 03:15 AM

මට පේන හැටියට සජිත්වත් ගෝටවත් රට හදන්න දන්නේ නෑ, මේ ප්‍රතිපත්ති වලින් රට ගොඩයන්නේ නෑ, අපි සිංහල බෞද්ධ රටක් නම් පංච සීලය ආරක්ෂාවෙන්න ඕනේ, එතකොට මේ ප්‍රශ්න ඔක්කොම විසදන්න පුළුවන්

:       0       0

thushara Wednesday, 23 October 2019 10:12 AM

පොහොට්ටුවට එකතුවෙනවා කියල කෙලින්ම කිව්වනම් හරිනේ. අපි නොදන්න වසන්ත.

:       157       286

Amila Wednesday, 23 October 2019 10:19 AM

මෙයාට පුලුවන් පනින්න විතරයි.. වැඩක් කරන්න තේරෙන්නෙත් නෑ. කරන්න දන්නේත් නෑ. ඡන්දේ ඉවර වෙනකොට මොන පැත්තේ ඉඳීවිද දන්නෙත් නෑ.. ගෙම්බෝ හොඳයි.

:       1       74

akanalFriday, 25 October 2019 05:31 AM

මොහු රටම ගරුකරන සේනානායක පරපුරටම අවනම්බුවක්. සජිත්වත් ගෝඨවත් මෙයාව පැත්ත පළාතේ ගාවගන්න හොඳ නැහැ.

:       0       0

akila Wednesday, 23 October 2019 10:27 AM

පනිනවා...

:       0       12

Kumara Wednesday, 23 October 2019 10:31 AM

ඔබ දේශපාලනයෙන් ඉවත්වෙලා ගෙදර යන එකයි සුභ

:       1       20

max Wednesday, 23 October 2019 10:33 AM

වසන්ත මහත්තයෝ, අපට සජිත් මහත්තය එපා. වටේ ඉන්න අය කොහොමට වත් එපා. පාස්කු ඉරිදා ප්‍රහාරයට අනියම් ලෙස සම්බන්ධ භයානක මිනිස්සු වට කර ගෙන, චම්පක වගේ අවස්ථාවාදීන් පෙරටු කර ගෙන, රාජිත වගේ අතේ පලවෙන ටොම් පච කියන කට්ටිය, මංගල වගේ රට පාවා දෙන උදවිය සමග මේ රටට ඔහෙලා කරන්න යන වින්නැහිය මේ රටේ මිනිස්සු පරාජය කරනවා සිකුරුයි.

:       40       43

රෝයි Wednesday, 23 October 2019 10:53 AM

වසන්ත සේනානායක කියන්නේ ඇත්ත. ඔහු උත්සාහ කරන්නේ නිවැරැදි මඟක් ඔස්සේ ඉදිරියට යන්න ක්‍රමයක් හදමු කියලා. සඡිත්ට විරුද්ද වුණ අයට ඇමැතිකම් දෙනවා නම්, සහරාන්ලට සහය දීපු අය එකතු කරගන්නවා නම් සජිත් දිනවීමට කටයුතු කිරීම වැඩක් නැහැ.

:       61       1172

SENAWednesday, 23 October 2019 11:40 AM

රෝයි මහත්තයෝ, කියන දේවල්වල කිසිම ඇත්තක් නැහැ. මේ ප්‍රශ්න මේ ගෝඨා මහත්තයාගේ ආධාර කරුවන් අහන ප්‍රශ්නවල ෆොටෝකොපියක්.. හොඳයි මෙයාට ප්‍රශ්නයක් තිබුණාම කියමුකෝ ඒවා පක්ෂය ඇතුලේම විසඳාගත යුතුයි නේද? මෙයා කොහොමත් පනිනවා.. තවම ලංසුවක් ලැබිලා නැතුව වගේ. අපිට මතකයි දින 51 ආණ්ඩුව කාලේ මෙතුමගේ ක්‍රියා පිළිවෙල...

:       96       219

Gamini Wednesday, 23 October 2019 10:54 AM

වසන්ත සේනානායක මහතාට ප්‍රඥාව නැති බවයි පෙනෙන්නේ. පළමුවෙන්ම දිනන්න ඕනේ ඔය කියන දේ ක‍රන්න. බලය නැතිව කොහොමද ඔබතුමා කියන දේ කරන්නේ ? මෝඩකම පෙන්නන්නේ නැතිව සජිත්ව දිනවලා ඔය ප්‍රශ්නය අහන්න. මේ වෙලාවේ ඡන්ද අඩු කරන්න නෙමෙයි කතා කළ යුත්තේ.....ඡන්ද වැඩි කරන දේ ගැන කතා ක‍රන්න.

:       910       1013

PradeepWednesday, 23 October 2019 11:35 AM

කවුද මෝඩකම පෙන්වන්නේ කියලා පැත්තක ඉන්න අපිට නම් පේනවා...

:       16       0

V.warnakulasuriya Wednesday, 23 October 2019 11:31 AM

උරුමය ලැබෙන තෙක් එහිම රැදී නොසිට අවස්ථාවාදී වීමට යන්නා නිතරම පරාජිතයෙකි. කොහොම වුණත් ශ්‍රි ලංකාවේ දේශපාලනය වලව්වල උරුමයක් හෝ පවුල්වල උරුමයක් නොවිය යුතුය. ජනතාව එය තේරුම් ගත්තේ නම් අදවැනි අවාසනාවන්ත තත්ත්වයකට ශ්‍රී ලංකාව පත්වන්නේ නැත.

:       0       14

Wiyalagodaa Wednesday, 23 October 2019 12:01 PM

පිස්සුද මන්දා?

:       0       18

Hafeel Wednesday, 23 October 2019 12:16 PM

මෙයාගේ ඉල්ලීම් නම් සාධාරණයි. නමුත් මෙයාව කොහොමද විශ්වාස කරන්නේ? මෙයා පාර්ලිමේන්තුවට තේරී පත් වුණේ පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන්. දැන් මේ වෙනවිට රඹුක්කන ආසනයේ සංවිධායක. මේක තමාට ඡන්ද දීපු පොලොන්නරුව ජනතාවට කරන ලොකු අසාධාරණයක්.

:       0       47

පී දයානන්ද Wednesday, 23 October 2019 12:17 PM

වසන්ත මහතා කියන්නේ දැන් සිදුවන දේගැන සම්පූර්ණ. ඇත්ත. පුංචිම උදාහරණයක් සජිත් මහත්තය අර ඒදණ්ඩෙ ගිය හැටි. මහල්ලෙක් හෝ පුංචි ළමයකු වගේ අත්වාරු අල්ලාගෙන. අත්වාරු තියෙන්නෙ දුබල අයට අල්ලාගෙන යාමට. සජිත් අඩුගානෙ අහලවත් නැතිද පණ්ඩිතයො ඒදණ්ඩෙ ගිය හැටි. නායකය පුංචි ළමයකු නම් රට කොහාට යයි ද ඔය වටේ දැන් එකතුවෙලා ඉන්න හොරු මෙයාට සිනීබෝල ගිල්ල්වල මොනව නොකරගනීද? මේව දකින කොට වැටහීමක් තියෙන් ඕන කෙනකුට ලජ්ජයි අපි මේ කා සමගද ඉන්නෙ කියල. හරි වැරැද්ද පෙනෙන මේ වගෙ ලොකු මුදලකට හෝ වරදාන වලට ගැතිනොවන මේ වැනි වසන්ත මහතා හා මෙවැනිම තීරණගන්නා අනෙක් අයවන පාවෙන ඡන්ද තමයි පවතින අයහපත් රජයන් වෙනස් කරන්නෙ. වසන්ත මම ඔබගේ අදහස් වලට ගරු කරමි. අනෙක අපට රටක් හා ජාතියක් වශයෙන් එකටම ගමනක් යාමට තීරණයක් ගැනීමට තිබෙන අවසන් අවස්ථාවයි මේ.

:       99       4

sampath Wednesday, 23 October 2019 12:31 PM

මේක කාටත් පොදුයි. හැමදාම දුකේදී හිටපු මිනිස්සු අමතක කරලා හතුරුකම් කළ අය ළංකර ගන්නවා. රම්පෙ, කරපිංචා දේශපාලනයේ හැටි ඔහොම තමයි.

:       0       19

mahinda Wednesday, 23 October 2019 12:58 PM

ඇමතිකම් දෙන්න අලුත් ආණ්ඩුවක් එන්න ඕනද? දැන් ආණ්ඩුව ලඟදී ඉවරයිනේ. එතකොට ඔය කියන අය ඡන්දෙන් ගෙදර ගියොත් ඇමතිකම් දෙන්නේ කොහොමද ඡන්දේ පැරදුණු අය ජාතික ලැයිස්තුවෙන් අරන් මෛත්‍රීපාල ඇණ ගත්තු ඇනිල්ල තව කවුරුත් කරයිද?

:       0       0

Ranjith Wednesday, 23 October 2019 01:15 PM

මෙයා රාජපක්ෂ අතකොළුවක්... මුදලට වැඩ...

:       111       110

සම්පත් Wednesday, 23 October 2019 01:42 PM

පොල් පැලේ කන්නද යන්නේ?

:       2       55

Priyantha Wednesday, 23 October 2019 03:10 PM

මෙයා රොනී ද මැල්, විජේදාස රාජපක්ෂලගේ වාර්තාවත් කඩන තරම් පිනුම්කාරයෙක්. කාලෙන් කාලෙට පනින්න හේතුවක් හොයනවා. සේනානායකලගේ පවුලේ කීවට ඉස්පිරිතාලෙදී මාරුවෙලාද මන්දා...

:       0       94

පී දයාවතී Wednesday, 23 October 2019 03:52 PM

"කැපුවත් අපි මේ පාටෙ තමයි" කියන අයයි කියන්නෙ එහාට මෙහාට පනින ගෙම්බො කියල. එයාලට සමහරු කියනව වහල්ලු කියලත්. ඉතින් වරදක් පෙනෙනවා නම් රට ජාතිය ගැන හිතනවා නම් අරපැත්තෙන් මේ පැත්තට පැනිය යුතුයි. එහෙම නැතිව මේ පවතින රජය හොඳ නැතිනම් වෙන රජයක් පිහිටුවන්න බෑ. පාවෙන ඡන්දවලටත් එහෙනම් අපි කියනවද ගෙම්බො කියල. එයාලගෙ තීරණය තමයි රජයක් වෙනස් කිරීමට මූලිකව හේතුවෙන්නෙ. ඉතින් මේ කාරනාවෙන් වැටහෙනවදනේද ගෙම්බන්ගෙ වැදගත්කම?

:       0       4

isuru Friday, 25 October 2019 09:04 AM

මහාමාන්‍ය ඩී.එස්. සේනානායක නාමයටත් නිගාකරනවා...

:       0       35

BamunuarachchiSaturday, 26 October 2019 07:45 AM

මොනවද ඒ නමේ ඔච්චර කතා කරන්න තිබෙන්නේ කියා කියන්න....

:       0       0

mahinda Saturday, 26 October 2019 12:51 AM

මෙයාට ඔය ප්‍රශ්නවලට විසඳුම් හොයන්න තිබුණානේ...!!! දිලාන්,එස්.බී., වසන්ත? බැරිවෙලාවත් සජිත් දිනුවොත් අාපහු යූ.එන්.පී..

:       0       5

muhan Saturday, 26 October 2019 08:26 AM

රට ස්ථාවර කිරීමට පෙර මේ උන්නැහේව ස්ථාවර කරන්න..

:       0       0

ISURU Sunday, 27 October 2019 03:35 PM

හැකි ඉක්මනින් අංගොඩ යවන්න තමයි වෙන්නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 35 0

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 111 0

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 235 1

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 86 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 578 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 717 3

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site