IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


සිංගප්පූරු ගිවිසුමේ අවුල් හොයන්න කමිටුවක්

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් කරන ලද නිදහස් වෙළෙඳ ගිවිසුමේ සංශෝධනය කළ යුතු ක්ෂේත්‍ර මොනවාදැයි හඳුනාගැනීම සඳහා ආණ්ඩුව කමිටුවක් පත් කරන බව සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පැවැසීය.

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් කරන ලද නිදහස් වෙළෙඳ ගිවිසුමේ ඇතුළත් ඇතැම් කරුණු සංශෝධනය කළ යුත-ු යැයි  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය සිංගප්පූරු සංචාරය අතර-තුරදී එරට අග්‍රාමාත්‍ය ලී සියෑන් ලුන්ග් හමුවෙමින් පැවැසීය.

ඒ අනුව අදාළ කමිටුව පත් කරන බවත් එම කමිටුව සංශෝධනය විය යුතු ක්ෂේත්‍ර මොනවාදැයි අධ්‍යයනය කරනු ඇති බවත් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා කීය. ඒ සම්බන්ධයෙන් වන කැබිනට් පත්‍රිකාව ලබන සතියේදී කැබිනට් අනුමැතිය සඳහා යොමු කරන බව ද හෙතෙම කීය. 

ඉහත කී නව කමිටුවේ සොයාගැනීම් ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර තිබෙන ඒකාබද්ධ කමිටුවට යොමු කරන බවත් ඉන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍යවරයා කීවේය. 

දෙරටේ අන්‍යෝන්‍ය එකඟතාව ඇතිව ගිවිසුමේ අන්තර්ගත කොටස් වෙනස් කිරීමේ හැකියාවක් තිබෙන බව ද අමාත්‍යවරයා කීය. අප්‍රේල් මාසය වනවිට සංශෝධන කළ හැකි බව ද හෙතෙම පැවැසීය. 

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබුණේ පසුගිය වසරේදීය.

ඬේලිමිරර් ඇසුරිනි

055



අදහස් (7)

සිංගප්පූරු ගිවිසුමේ අවුල් හොයන්න කමිටුවක්

RAveendra Wednesday, 30 January 2019 05:37 PM

කුකුල්ලුන්ට නරියෝ බාරදුන්න වගේ තියේවි නේද..මෙයත් හොද අඩව් ගොයියනේ හතරට ගැන ගන්න බැරිව වගේ හිටියට..

:       0       0

විජිත් Thursday, 31 January 2019 12:32 AM

මේ ගිවිසුම සම්පුර්ණයෙන්ම මතබෙදයකට තුඩුදී ඇතිබව කවුරුත් දන්නා කරුණක්.ඒ වගේම මේ ගිවිසුම පිටුපස ඇති හස්තය මලික් සමරවික්‍රම බවත් ප්‍රසිද්ධ රහසකි.ජනාධිපතිතුමා පත්කළ කොමිසම තම වාර්තාව ජනාධිපති වෙත බාරදීත් අවසන්. මේක හොරුන්ගෙන් පේන අහනවා වගේ වැඩක් කියලයි මට නම් හිතෙන්නේ. රටේ විද්වතුන් බොහෝ දෙනෙක් මෙම ගිවිසුමේ සමහර වගන්තිවලට විරෝධතාවය පලකරන විටදීත් , මේ මලික් සමරවික්රමටම මේ ප්‍රශ්නය ගැන හොයන්න කමිටුවක් පත්කරන්න බලය දුන්නේ කවුද...? මේ ප්‍රශ්නයේ පමණක් නොව දුෂිත බැඳුම්කර ගනු දෙනුවෙත් මේ ඇමතිගේ නම ගෑවිලා ඇතිබව රජයේ ලොකු ලොක්කන් නොදන්නවා වෙන්න බැහැ. ජිවිතයේ පළමු වෙනි වතාවට ඇමතිකමක් ලැබුන මොහු හිතෙන හිතෙන ගිවිසුම් අත්සන් කරමින් මේ පැටලුම තවත් ගැටලුකාරී තත්වයකට ගෙනයාවි කියලයි මටනම් හිතෙන්නේ..ඒ විතරක් නොවෙයි මහජන චන්දෙකින් පත්වුන කෙනෙකුත් නොවෙයි නිකම්ම නිකම් " පින් " ඇමතියෙක්. මේ ගිවිසුම ජනාධිපතිතුමා මුලිකවී එතුමා පත්කරන විද්වත් කමිටුවකින් ඇගයීමක් සිදුකොට , නැවතවරක් සංශෝධනය කර රටට උචිත ආකාරයට සකස් කොට ක්‍රියාවට නැංවිය යුතුයි කියලයි මගේ අදහස. අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීමෙන් පලක් නැත.

:       0       0

surath Thursday, 31 January 2019 01:59 AM

ගිවිසුමත් අවුල්. දාන කොමිසමුත් අවුල්. රටට වෙන විපත් අනන්තයි.

:       0       0

Amila Thursday, 31 January 2019 02:29 AM

අත්සන් කරන්න ඉස්සෙල්ලා කරන්න ඔන ඒවා වැය ශීර්ෂය අනිවා පරදින නිසා බයට කරන ඒවා මේ. ආන්ඩුවක් විනාශ කරන්න මේ වගේ චන්ද පදනමක් නැති ලෙඩ්ඩු එකෙක් හිටියත් ඇති.

:       0       0

sunil vijaya Thursday, 31 January 2019 04:26 AM

ඉස්සෙල්ලා මෙයා හිරේ දාන්නා ඕනේ. වංචා, කපටිකම් තමයි කළේ... රටම විනාශයි..

:       0       0

Hafeel Thursday, 31 January 2019 09:12 AM

එහෙම අවුල් තියෙනවාද?

:       0       1

විජිත් Friday, 01 February 2019 12:27 AM

මේ ඇමතිගේ මුහුණ බලන්න....මිනිහා හීනෙන් බයවෙලා වගේ. කරන වැඩවලට කුඩුවට යන්න වුනොත්...අනේ මේ වල පයයි ගොඩ පයයි තියාගෙන මොන සිංගප්පුර් ගිවිසුමද...යන තැනකට වැඩක් කරගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’බාල බෙහෙත් හොරු කවුද’’: විශේෂ හෙළිදරව්වක් එන සතියේ
2024 අප්‍රේල් මස 27 173 0

බාල ඖෂධ ජාවාරම, ප්‍රමිතියෙන් තොර බෙහෙත් මිලදී ගැනීම, ඒවාට සම්බන්ධවූ පිරිස් සහ ඊට අදාල තවත් වැදගත් ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් හෙළිදරව් කෙරෙන පරිපූර්


තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 72 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 1166 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 2051 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 2303 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 1157 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 346 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1571 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site