IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ගිවිසුමට හෙට අත්සන් තැබේ

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු දේශපාලන පක්‍ෂ 15ක් එක්ව පිහිටුවන ‘ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය’ සඳහා වන ගිවිසුමට අත්සන් තැබීම එම දෙපාර්ශවයේ නායකයින්ගේ සහභාගීත්වයෙන් කොළඹ නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී හෙට (31) පෙරවරු 9.30ට සිදුකෙරේ.

මෙහි සම නායකයින් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන,  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන් පත්කෙරෙන අතර සභාපති, මහලේකම්, සමලේකම්, උප සභාපති ආදී සෙසු තනතුරු සඳහා පුද්ගලයින් නම්කිරීම ජනාධිපතිවරණයෙන් පසුව සිදුකෙරෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මහතා පැවසීය.

මෙම තනතුරු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර මෙන්ම මෙම සන්ධානයේ සෙසු සාමාජික පක්‍ෂ වෙත ද ලබාදීමට නියමිත බව මහලේකම්වරයා කියා සිටියේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය සහ මහජන එක්සත් පෙරමුණ ඇතුළු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දක්වන පක්ෂ 15ක් එම ගිවිසුමට අත්සන් තැබීමට නියමිත බව ද අමරවීර මහතා සඳහන් කළේය.

ඉදිරි මහ මැතිවරණය ඇතුළු මැතිවරණවලදී ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය යටතේ ‘පුටුව’ ලකුණින් තරග කිරීම සඳහා මෙම ගිවිසුම අත්සන් තැබෙන බව ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ, එම පක්‍ෂයේ නායක හා විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස යන මහත්වරුන් හා එම දෙපාර්ශවයේ නියෝජිතයින්, සෙසු පක්‍ෂවල සාමාජිකයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවීමට නියමිතය.



අදහස් (5)

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ගිවිසුමට හෙට අත්සන් තැබේ

Mahee Wednesday, 30 October 2019 02:32 PM

2009 දී මහින්දට ලැබුනේ දුටුගැමුණු මහරජතුමන්ට ලැබුනා වැනි අවස්තාවක්. දුටුගැමුණු රජතුමා රට සශ්‍රීක කළා පමණක් නොව ජාතික සමගිය ඇතිකොට මහා සංස්කෘතික පෙරලියක් ඇතිකළා. 2009 දී අපිත් 'මහා රජාණෙනි' කියලා අවංකවම කටපුරා කිව්වේ හරි අභිමානයෙන්, මුළු හදවතින්. අනේ ඒ ස්වර්ණමය අවස්තාව පවුලේ කට්ටියයි, හෙන්චයියෝ ටිකයි එකතුවෙලා විනාශ කරපු හැටි. දැන් ඉතින් සන්ධාන අටවාගෙන එන්නේ මොකටද කියන්න අපි හොඳින්ම දන්නවා.

:       3       74

AmilaWednesday, 30 October 2019 04:57 PM

අනිවාර්යයෙන්ම.. ඔහුට ලැබුනු ස්වර්ණමය අවස්ථාව නැති කරගත්තා.. පවුලේ එක්කෙනෙක් ඇවිත් එදා විකාර කළා නම් ඒ පවුලේම දෙන්නෙක් රටේ ප්‍රධාන තනතුරු වලට පත්කරගත්තොත් කොහොම තියෙයිද? අනිවාර්යයෙන්ම පවුල් පෙරමුණු පරාජය කළ යුතුයි..

:       52       89

vidya Wednesday, 30 October 2019 05:22 PM

පාර්ලිමේන්තුවේ ගුටිකෙලි කරන සෙට් එකක් එක්ක ඉදිරියට යන්නේ... ඔක්කොම අවලංගු කාසි වගේ...

:       0       25

NissankaThursday, 31 October 2019 04:02 AM

තාවකාලිකව වෙන්වී සිටි කල්ලි දෙකක් නැවත එක්වෙන්න මොකටද ගිවිසුම්?

:       0       1

mahinda Thursday, 31 October 2019 12:03 AM

ජේ.ආර් ව්‍යවස්තාව හැදුවේ එක් කෙනෙකුට... අවු 10ක් තුළ රට හදන්න බැරිනම් එයාට කවදාවත් එය කරන්න බැහැ කියන පදනමේ ඉඳන්. ඉතින් සන්ධානෙට නායකයින් තොරාගන්න කොට එය සිහියට ගත යුතුයි.

:       0       12

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 71 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 284 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 642 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 479 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 495 2

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 1148 1

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1560 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site