දකුණු අප්‍රිකාවට එරෙහිව පෝර්ට් එළිසබෙත්හිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදීත් කඩුලු 8 ක දැවැන්ත ජයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගාවලියේදී 2-0 ක ජයක් ලබාගත්තේය. ජයග්‍රහණය සඳහා ලකුණු 197 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 ක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියේය.
ඩර්බන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 1 ක අති විශිෂ්ට ජයක් ලබාගත්තේ අවසන් කඩුල්ල වෙනුවෙන් ලකුණු 78 ක වාර්තාගත සම්බන්ධතාවක් ගොඩනඟමිනි.
ආසියාතික කණ්ඩායමක් දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරගාවලියක් ජයගත් පළමු අවස්ථාව ලෙසින් මෙම තරගාවලි ජයග්‍රහණය ඉතිහාසයට එක්වෙයි.
තරගාවලියේ සම්පූර්ණ විස්තර සඳහා www.kelimandala.lk වෙත පිවිසෙන්න.
සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම
කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ
ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය ජයගනී
Raveendra Saturday, 23 February 2019 10:47 AM
දරුවනේ නුඹලාට අපගේ උණුසුම් සුබපැතුම්!!!
Raveendra Saturday, 23 February 2019 10:55 AM
තරගයක දිනුමත් සිහිනයක් පමණක් වූ අපට... තරගාවලියක් නම් උනි විහිළුවක් සැමවිටම... එනමුත් සිහිනයක්ම වූ සියල්ල සැබෑ වුනි... පතනවා සුබ පැතුම් මුළු හදින් දරුවනි සැමට...
Ranjith Subaasinghe Saturday, 23 February 2019 11:49 AM
මහා ජරා කතාවක්.. මෙන්ඩිස් කිව්වා මැච් එක ඉවර වෙලා එයත් එක්ක ක්‍රිකට් දන්නා අය විතරයිලු හිටියේ... එතකොට එයාට ගහන්න බැරි වෙනකොට ඔය ළඟ ඉන්න ක්‍රිකට් දන්නා අය මොනවත් කියලා දුන්නේ නැත්ද? ඔය කියන්න ඇත්තේ ක්‍රිකට් නොදන්නා අයට කට වහගෙන ඉන්න කියලා. එ්කට එයාගේ තාත්තවත් අයිතියි. මුල මතක නැති හාදයින්.. හොඳ, උගත් පසුබිම්වලින් අපු අය ඔහොම දොඩවන්නේ නැහැ. තව කොහොමද ලාරා වගේ රෙකෝර්ඩ් කැඩුවා නම්. ලකුණු 80 තමයි ඔය කතා. ඒ යකා ගැහුවේ නැත්නම් අනිත් අය ගහනවා. මොවුන් අස්කරලා දමන්න ඕනේ. චන්දිමාල් හොඳ ටෙස්ට් රෙකෝර්ඩ් එකක් තියාගෙන ගෙදර යැව්වා නම් මේකා ලොක්කෙක්ද තියාගෙන ඉන්න. ලංකාවට ගහන්න ඕනේ තරම් හොඳ වටිනා කොල්ලෝ ඉන්නවා.
SPSaturday, 23 February 2019 12:42 PM
ඔයා බුකියෙන්ද? ආයෙත් වැඩ පටන්ගන්නද යන්නේ?
RaviSaturday, 23 February 2019 01:02 PM
ඔයා ක්‍රිකට් දන්නවද? කුසල් මෙන්ඩිස් ඩේල ස්ටේන්ගේ අද පළවෙනි ඕවරයට ගහපු හතරේ ඒවා තුන කොහොමද? ක්‍රීඩකයෙක් තරුණ වයසේදී අනවශ්‍ය විවේචන නිසා ඇතිවෙච්චි පීඩනයට තමා එහෙම කියන්න ඇත්තේ...
RanjithSaturday, 23 February 2019 10:27 PM
ඔයට වඩා පොඩි කාලේ තමයි අරවින්ද, අර්ජුන ශ්‍රී ලංකා ටීම් එකට ගැහුවේ.
anuraSaturday, 23 February 2019 01:11 PM
ඔබගේ කථාව "ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් " කිව්වා වගෙයි.
NuwanSunday, 24 February 2019 03:27 AM
සමාජ ජාල වල කතා කරන්න තහනම් නම් ක්‍රිකට් වගේ ප්‍රසිද්ධියට පත්වෙන වෘත්තීය තෝරාගන්න එපා. මිනිස්සු ක්‍රිකට් බලන නිසා තමයි අනුග්‍රාහකයෝ සල්ලි වියදම් කරන්නෙ. මේ වගේ ප්‍රසිද්ධියෙ කුජීත උනොත් ස්පොන්සර්ශිප් උනත් නැතිවෙන්න පුලුවන් වෙන රටකනම්.
smn Saturday, 23 February 2019 11:53 AM
ක්‍රීඩකයන්ට අපගේ උණුසුම් සුබපැතුම්!.. හරීන් ඇමැතිතුමාට අපගේ උපහාරය..!
mennaSunday, 24 February 2019 06:27 AM
මෙතුමා දේශපානය ගාවන්න හදන්නේ. මොන ඇමති ආවත් ක්‍රීඩාව ක්‍රීඩාව විදියට ජය පැරදුම දෙකම බාරගන්න පුළුවන් ක්‍රීඩකයන්ගේ කුසලතා මෙන්ම ජිවිතද සාර්ථක කර ගන්න පුළුවන් ක්‍රමයක් ඕනේ.
lal Saturday, 23 February 2019 11:53 AM
කුසල් මෙන්ඩිස් හොඳයි. සුබපැතුම් තරුණයා...ඉදිරි තරඟවලදීත් ඔය විදියටම උනන්දුවෙන් ක්‍රීඩා කරන්න..
විජිත් Saturday, 23 February 2019 12:03 PM
වාසනාවන්ත දරුවනේ, මෙය ඔබ කණ්ඩායමේ අධිෂ්ටානය පෙරදැරි කරගත් විශිෂ්ටතම ජයග්‍රහණයක් මිස... ක්‍රිකට් පාලක මණ්ඩලය නම්වූ බුකි මුදලාලිලාගේ හැකියාවක් නොවනබව මේ රටටම පමණක් නොව මුළු ලොවටම පැහැදිලිය. මේ ශක්තිය ධෛර්යය මෙලෙසම පවත්වාගෙන යාමට යම්කිසි බාධාවක් වේ නම් ඒ අන් කිසිවක් නොව අපේ රටේ දේශපාලනීකරණය වූ, බුකි කරණය වූ නාකි රැලක් සිටින ක්‍රිකට් පාලක මණ්ඩලයයි. සුබ පැතුම්...!!!
MaheeSaturday, 23 February 2019 06:50 PM
විජිත්, ඔබ සමග 100% ක් එකඟයි.
Praba Saturday, 23 February 2019 12:20 PM
අපතයන් අයින් කරන්න කියලා කෑ ගහපු පණ්ඩිතයෝ කොහේද දන්නෑ..
Nelson de Silva Saturday, 23 February 2019 07:18 PM
කුසල් මෙන්ඩිස්ට, ඕෂධ ප්‍රනාන්දුට සහ මුළු කණ්ඩායටම සුභ පතනවා අද ලැබූ ජයග්‍රහණය ගැන. අපි බලපොරොත්තු වෙන්නෙත් යම් ප්‍රමාණයකට ජයග්‍රහණ. හොදින් ක්‍රීඩා කිරීම ඒ වගේම වැදගත්. ආරම්භයෙදීම හතරේ පහර තුනක් ගහන එක හොදයි. නමුත් කුසල්ගේ දුර්වලකම වුනෙත් ඉවසීම අඩුකම කියලයි මට හිතෙන්නේ. මමත් හිතුව කුසල් මැච් කීපයකට එලිය තිබ්බනම් හොදයි කියල. ඒ ක්‍රිකට් නොදැනීමම නෙවෙයි. අපි අසාදාරන විදියට ජයග්‍රහණ සහ හැම ඉනිමකදිම ලකුණු බලාපොරොත්තු වෙන්නේ නැහැ, නමුත් රටටත්, ක්‍රිකට් ක්‍රීඩාවටත්, කලින් තිබුණු තත්වයටත් සාධාරණයක් විය යුතුයි. ඒ වගකීම සමගයි ක්‍රීඩා කරන්න ඕන. එහෙම වගකීමෙන් ගහලත් ලකුණු නොගන්න මැච් පරදින වෙලාවල් තියෙනවා. කුසල් දක්ෂයි. ඉවසීම සහ සැලසුම් කිරීම තව දියුණු කර ගත යුතුයි. කොහොම උනත් අද මැච් එක වෙනුවෙන් ඔහුට සුබ පතනවා. ඊටත් වඩා ඕෂදට සුබ පතන්න ඕන. කුසල් කියපු දේ හරි නැහැ. ඔහුට ඊට වඩා හොද දෙයක් කියන්න තිබුන. වෙලාවට රුමේෂ් කුසල් කියපු ඒ දේවල් පරිවර්තනය කලේ නැහැ. ඒ ගැන ඔහුට ස්තුති වෙන්න ඕන.
isurandi Sunday, 24 February 2019 04:24 AM
හදපිරි උණුසුම් සුබපැතුම් සියලුම ක්‍රීඩකයන්ට. රටේ කිර්ති නාමය තව තවත් දිදුලවන්නට ඔබලාගේ කැපකිරීම හා නිහතමානි ක්‍රීඩා පසුබිම ඉදිරියටත් ඔප්නංවා ගතයුතු කාලයයි මේ.