IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


‘‘ශ්‍රීලනිපය සමඟ පැවැත් වූ සාකච්ඡාව සාර්ථකව අවසන් වුණා‘‘

(නාලක සංජීව දහනායක)

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමඟ පැවැත්වූ සාකච්ඡාව සාර්ථකව අවසන් වූ බවත් තමන්ට ඔවුන්ගේ සහය ලැබෙනු ඇතැයි විශ්වාසකරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවැසීය.

නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පවත්වන සාකච්ඡා මාලාවේ අටවැනි සාකච්ඡාව කොළඹ -07, ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේදී අද (06) පස්වරුවේදී පැවැත්විණ.

පළමුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡාව අද පස්වරු 2.30ට පමණ ආරම්භ විය. පැය එකහමාරකට ආසන්න කාලයක් එම සාකච්ඡාව පැවැති අතර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නියෝජනය කරමින් එහි මහලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර, හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලසන්ත අලගියවන්න යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සහභාගිවූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් හා ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ යන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සහභාගි වූහ.

එම සාකච්ඡාවෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතර සාකච්ඡාව ආරම්භ වූහ.

පැයකට අධික කාලයක් පැවැති එම සාකච්ඡාව අවසන්වීමෙන් පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මහතා සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ පවත්ව සාකච්ඡාවල යම් ප‍්‍රගතියක් තිබෙන බවයි.

ඒ අනුව අපේ පක්‍ෂයේ අනන්‍යතාවය ආරක්‍ෂාකරගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එකතුවෙන්න අපි උපරිම උත්සාහ දරන බව කී අමරවීම මහතා රට ගොඩනැගීම සඳහා  ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කරන අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරන බවද කීය.

විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්‍ෂ මහතා සමඟ පැවැති සාකච්ඡාවේදි ප‍්‍රතිපත්තිගරුකව රට පාලනය කිරීම, පිරිසිදු පාලනයක් ගෙනයාම පිළිබඳව ඔහු අපගෙන් අදහස් ලබාගත් බව කී අමරවීර මහතා මෙම සාකච්ඡාවේදි එකඟ වූ කරුණු පිළිබදව පක්‍ෂයට දැනුම්දීල ඔවුන්ගේ අදහස් ලබාගෙන ලබන සතියේදී ඊළඟ සාකච්ඡාව පවත්වන්න බලාපොරොත්තු වෙන බවද පැවැසීය.

එමෙන්ම යම් ආකාරයකින් මෙම සාකච්ඡා බිඳවැටුනොත් ගතයුතු ක‍්‍රියාමාර්ගයක් තිබිය යුතු බැවින් ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අපේක්‍ෂකයකු ඉදිරිපත් කරන බවට පක්‍ෂයේ මහලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමට දැනුම් දුන් බවද කීය. එහෙත් අපි අපේක්‍ෂකයකු ඉදිරිපත්කරන බවක් ඉන් නොකියවෙන බවද මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කර තම පක්‍ෂයටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත් තිබෙන ප‍්‍රශ්න පිළිබඳව පාර්ශ්ව දෙකම හොඳ අවබෝධයකින් පසුවන බවය.

ඒ අනුව එක්වීම සඳහා දෙපාර්ශ්වයටම යම් යම් කැපකිරීම් සිදුකිරීමට සිදුවන බවද කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් සාකච්ඡාවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කර සිටියේ එක්සත් ජාතික පක්‍ෂය පරාජයට පත්කිරීම පක්‍ෂ දෙකේම අරමුණ විය යුතුබවය.

ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන් එක්සත් ජාතික පක්‍ෂයට විරුද්ධ පදයක් සොයනවා විනා සමාන පදයක් සෙවිය යුතු නැති බවය. ඒ අනුව මෙම සාකච්ඡා දෙස සුභවාදීව බලන බවද මන්තී‍්‍රවරයා කිය.

(ඡායාරූප - ඉෂාන් සංජීව)

 

 

 



අදහස් (17)

‘‘ශ්‍රීලනිපය සමඟ පැවැත් වූ සාකච්ඡාව සාර්ථකව අවසන් වුණා‘‘

Chathuri Friday, 06 September 2019 02:11 PM

දැන් මේ දෙගොල්ලෝ කතා වෙලා තියෙන්නේ පක්ෂ දෙක එකතුවෙලා. රටට, ජනතාවට සෙත සලසන නායකයෙක් ඉදිරිපත් කරනවා වෙනුවට, එක්සත් ජාතික පක්ෂය පරද්දවන්න... කතා කරන් තියෙන්නේ... පැය 2ක කාලයක් තුළ, අනේ මෙහෙමත් හරක්.., පරද්දවන්න දැන් වුණත් පුළුවන්. දූෂණ නඩුවලට පෙනී සිටලා අපි සුදනෝ කියන්න... ඇයි නඩුවලට පෙනී නොසිටින්නේ, සිතාසි ඉදිරිපත් කරමින්, දැන් ඉඳලා ඉවරයි ඡන්දෙ ඉවර වෙනකම්, සුදු වෑන් වලින් පරිස්සම් වෙන්න වෙයි. අධිකරණ ඇමැතිත් කියනවද? ගෝඨා හොඳයි කියලා.. එහෙම වුනොත්, එයාට නඩුකාර තනතුර ලැබුනේ අපායෙන් වෙන්න ඇති.. මෛත්‍රි තවම ගුවන්විදුලි වහගෙන වෙන්න ඇති, මේ කතාව තවම දන්නේ නැත්තේ..

:       215       1028

dewa Friday, 06 September 2019 02:19 PM

එතකොට අර සෙල්ෆ් ජනාධිපති අපේක්ෂකයාට මොකද වෙන්නේ?

:       1       44

කොණ්ඩයා Friday, 06 September 2019 02:21 PM

ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අපේක්‍ෂකයකු ඉදිරිපත් කරන බවට පක්‍ෂයේ මහලේකම්වරයා විසින් මැතිවරණ කොමිසමට දැනුම් දුන් බවද, එහෙත් අපි අපේක්‍ෂකයකු ඉදිරිපත්කරන බවක් ඉන් නොකියවෙන බවද මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. (උ.ගැ.) පිළිගන්නෙත් නෑ ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ කියල කවුදෝ කිව්වලු...

:       0       77

sirimal Friday, 06 September 2019 02:48 PM

"පක්‍ෂයේ අනන්‍යතාවය ආරක්‍ෂාකර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එකතුවෙන්න අපි උපරිම උත්සාහ දරන බව කී අමරවීර මහතා රට ගොඩනැගීම සඳහා ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කරන අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කරන බවද කිවේය. "මේක කෙරෙන දීගයක් නෙවේනේ මහත්තයෝ. පොදුජන පෙරමුණ දැනටමත් අපේක්ෂකයා තෝරාගෙන ඉවරයි. ඉතින් ඇයි මේ වහෙන් ඔරෝ කතා කියකියා කොලේ වහලා ගහන්න දඟලන්නේ. ඒ වගේම ගෝඨාභය මහත්තයටයි, එතුමා වටේට ඉඳගෙන ඔය "වොයිස් කට්" දෙන කට්ටියටයි තියෙන නඩු කන්දරාව ගැන හිතනකොට "ප්‍රතිපත්තිගරුකව රට පාලනය කිරීම සහ පිරිසිදු පාලනයක් ගෙනයාම පිළිබඳව උපදෙස් දෙන්න කියලා ඉල්ලුවේ " කලිසමකුත් ඇඳගෙනද" කියලයි අහන්න තිබුනේ මහත්තයෝ...

:       57       548

chandima Friday, 06 September 2019 03:05 PM

ඒ කියන්නේ ගහ මරාගත්තේ නැතිද?

:       0       14

Mahee Friday, 06 September 2019 03:25 PM

සාකච්ඡාව ඇරඹෙයි. "අපි එකතුවෙලා මේ හොරු ටික එලවලා දාමු නේද?", "ඔව්, ඔව්, අපි එහෙම කරමු.", මොවුන්ට බැරිවෙච්ච හරියත් අල්ලලා අපි සංවර්ධනේ වෙමු නේද?", ඔව් ඔව්, අපි එහෙම එකතු වෙලා සංවර්ධනේ වෙමු", "එකතු නූනොත් මුන් එලවාගන්න බැරිවෙයි නේද? ඔව් ඔව් අපි එකතුවෙලා මුන් එලවලා සංවර්ධනේ වෙමු", අපරාදේ අපි පැය එකහමාරක් නාස්ති කලේ නේද". "නෑ නෑ, අපි රට, ජාතිය, ආගම, ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන්නේ එහෙම පැය එක හමාරක් හරි නාස්ති කලේ", සාකච්ඡාව අවසන් වෙයි. සභාව සතුටින් විසිරයයි.

:       0       254

Chanak los angeles Friday, 06 September 2019 03:40 PM

8 පාරක් සාකච්චා කරලා? ඒ වුණාට පොහොට්ටුවෝ එජාපයේ ඇසේ තිබෙන කෙන්ද හොයනවා තමන්ගේ ඇසේ පොල් පරාලයක් තියාගෙන. අපි කියනවා පොහොට්ටුවන්ට මීට පසුව මාධ්‍ය සමුළු නොතියා තමන්ගේ ඇසේ තිබෙන ඔය පොල්පරාලය ගලවා ගන්නකන් රෙද්දක් පොරවාගෙන හොඳට නිදාගන්න කියලා.

:       102       318

Chanak los angeles Friday, 06 September 2019 03:56 PM

ගෝඨාභය නීතිගරුක සමාජයක් ගොඩනගන්න සාකච්ඡා කරනවා කිව්වම මම හිතනවා මේ දකින්නේ හීනයක්ද කියා? කඩුහොරකමට අසුවූ මංජු ශ්‍රී නමැති සාටකවාදී පුද්ගලයා ඔවුන්ට විරුද්ධ වෙලා සියලු සත්‍ය හෙළිකරනවා කියා සාක්ෂි දීමට පෙළඹුණු විට ඔහු සොයා බන්ධනාගාරයට ඇතුළු වූ සාටක හමුදාවට විරුද්ධව බන්ධනාගාර ජේලර්වරුන් විරෝධය දැක්වූ විට මේක ආරක්ෂක ලේකම්ගේ ඕඩරයක් කියන දෝංකාරය මුළු බන්ධනාගාරයේම ඇසුණාලු. ඊට පසුව ඔහු ඇතුළු 27 ක් ඝාතනය කරනු ලැබුවා. ගෝඨා මොනවගෙන් ගැලවුනත් මේ සිද්ධියෙන් ගැලවීම බොරු...

:       1133       1995

Chanak los angeles Friday, 06 September 2019 04:14 PM

මම නම් පතන්නේ ඔය සාකච්ඡා අසාර්ථකම වේවා කියලයි...

:       319       461

Amila Friday, 06 September 2019 04:28 PM

අන්න 73 මන්ත්‍රී මහල්ලෙක් නැතිවුණා.. මේ 70 ලෙඩ මහල්ලා ගැණත් මහන්සිවෙන එක තේරුමක් නැති වැඩක්..

:       195       552

vidya Friday, 06 September 2019 07:55 PM

ලංකාවේ තියන නඩු ටිකයි, ඇමරිකාවේ තියෙන නඩු ටිකයි දැන්මම ඉදිරිපත්වෙලා විසඳාගත්තොත් නරකද?

:       60       175

MaheeSaturday, 07 September 2019 12:37 PM

විද්‍යා, එහෙම වුවමනා නැහැ. ඒ මොකද කියලා ඔන්න මං කිව්වයි කියලා ලියලා තියාගන්න. මෙයා ඇමෙරිකන් පුරවැසියෙක්... ලංකාවේ නීතියෙන් ගැලවෙන්න තාවකාලිකව සමහරවිට ඒක අත්හල කෙනෙක්... නමුත් මෙයා දිනුවොත්, ඇමෙරිකාව දිනුම්. තමන්ගේ පුරවැසියෙක්, ගැත්තෙක් ශ්‍රී ලංකාවේ ජනාධිපති වෙනවා. ඉතුරු හරිය කියන්න ඕනෑද? ආරක්ෂක ජොබ් එක කරද්දීත් එහෙම නෙමෙයිද වුනේ? ඒ කාලේ අමෙරිකාවත් එක්ක අත්සන් කළ ප්‍රශ්නගත ආරක්ෂක ගිවිසුම මතකද? දිනුවොත් ඉතින් මොන නඩුද..?

:       37       101

Chanak los angeles Saturday, 07 September 2019 03:31 PM

‘‘ශ්‍රීලනිපය සමඟ පැවැත් වූ සාකච්ඡාව අසාර්ථකව අවසන් වුණා‘‘ බණ්ඩාරනායක ශ්‍රීමතාණන් විසින් ඉතා පිරිසිදුව පංචමහ බලවේගයක් එක්කර සෑදු නිර්මල පක්ෂයක් අන්ත දූෂිතයන් පිරිවරා ගත්තු පොහොට්ටුවකට පෑහෙන්න සොබාදහම පවා ඉඩ නොදෙන්නේය...

:       0       0

isuru Saturday, 07 September 2019 06:46 PM

කට ඇරියොත් ගල් පැලෙන පචමයි සාටකලා කියන්නේ... සිරිසේන ජනාධිපතිතුමා හෝ වෙල්ගම මැතිතුමා ජනාධිපති කමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කරනවා..!!!

:       0       0

Chanak los angeles Saturday, 07 September 2019 10:41 PM

ඔන්න දැන් ඕනෑනම් පුළුවනි කෙවිටක් ගෙන සාටකයින්ගේ කරට නැගලා ජුහ් ජුහ් කියලා අශ්වයන් පදවන්න.. පේනවා නේද ඡන්දෙ කඩාගන්න ඇදබාන බේගල්...?

:       0       0

kamal Sunday, 08 September 2019 03:14 AM

මොනපාට වෑන් එකකින්ද සාකච්ඡාවට ආවේ..?

:       0       0

ranjith Sunday, 08 September 2019 09:51 AM

රටේ නායකයා තීන්දු කරන්න නෙවෙයි. ජනතාව නියම සුදුස්සා තෝරලා කතිරේ ගැසූ ජනතාව ගොනාට අනදවන්න දැන් ලේසි නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 468 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 921 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1086 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 618 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 622 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 215 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site