IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ශ්‍රීලනිපයෙන් අපේක්‍ෂකයකු ඉදිරිපත් කරන බව දයාසිරි මැතිවරණ කොමිසමට කියයි

(නාලක සංජීව දහනායක)

ශ‍්‍ර‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපතිවරණ අපේක්‍ෂකයකු ඉදිරිපත් කරන බවට පක්‍ෂ මහලේකම්, කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා මැතිවරණ කොමිසමට අද (05) සවස දැනුම්දුන් බව ශ‍්‍ර‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී  වීරකුමාර දිසානායක මහතා පැවැසීය. 

ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අපේක්‍ෂකයකු ඉදිරිපත් කළයුතු බවට පක්‍ෂයේ මධ්‍යමකාරක සභාව ගත් තීරණයක් අනුව මෙම දැනුම්දීම කළ බවද ඔහු කීය.

ඒ අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්‍ෂකයා කවුද යන්න ඉදිරියේදී පැවැත්වීමට නියමිත සභා රැස්වීමකදී තීරණය කරන බවද  වීරකුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවැසීය.  



අදහස් (27)

ශ්‍රීලනිපයෙන් අපේක්‍ෂකයකු ඉදිරිපත් කරන බව දයාසිරි මැතිවරණ කොමිසමට කියයි

අනුර Thursday, 05 September 2019 04:33 PM

අපේක්ෂකයා කවුරුවුනත් ඇපත් නැතිවෙන වැඩක් තමයි

:       60       1

Bamunuarachchi Thursday, 05 September 2019 04:44 PM

මෙයා හදන්නේ අනුන්ටත් කෙලවලා තමනුත් කෙලවාගෙන හම්බයෙක් ජනාධිපති කරලා ඊටපස්සේ එපත්තට පනින්නයි

:       217       2

ආන්ජලෝ නුගාරා Thursday, 05 September 2019 04:56 PM

නියමයිì බලමු රටේ ජනතාව කොහොමද ඡන්දය පාවිච්‍චි කරන්නෙ කියලා.

:       1       190

sunil milano Thursday, 05 September 2019 05:01 PM

අපිනම් දැනගෙන හිටියා.

:       0       152

Thilina Thursday, 05 September 2019 05:09 PM

එන්න එන්න. සාදරයෙන් පිළිගන්නවා. සිංහල මිනිස්සුනේ මේ වගේ පක්ෂ වලට බෙදෙන්නේ නැතුව හොඳ සිංහල අපේක්ෂකයෙක් වෙනුවෙන් ඡන්දය භාවිතා කරන්න ..මේ අන්තිම අවස්තාව

:       592       1445

Nandalal DE SILVA - France Thursday, 05 September 2019 05:37 PM

අයියෝ පොහොට්ටුව පිපිච්ච ගමන් පරවෙලා ගියේ මොකද?

:       0       0

ගල්කටස් Thursday, 05 September 2019 05:44 PM

ඇයි එකට හිටගන්න බැරි. සිංහල ජාතිය නැති කරලා දානකම් ද බලන් ඉන්නෙ

:       0       0

Rasika Thursday, 05 September 2019 10:03 PM

මේ දයාසිරි කොහෙන්ද අවේ. පෙරමුණු ආණ්ඩුවේ හිටිය පස්සේ UNP එකට පන්න . ශ්‍රීලංකා නිදහස් පක්ෂේ ඉන්නේ unp එකේ කට්ටිය දැන්. සිරිසේන ජනාදිපති එක්සත් ජාතික පෙරමුණෙන් ජන්දේ ඉල්ලුවේ කියල මතකත් නැහැ . ගමේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ අයනම් මෙයාලට ජන්දේ දෙන්නෙ නෑ.

:       0       5

Roshan Perera Thursday, 05 September 2019 10:06 PM

අන්න හොඳයි. බලමු 2% ගනීද කියල. මොනවා උනත් ඔය පක්ෂේ උන් ගොටගේ ආණ්ඩුවට එන්නේ නැති එක නම් ඉතා හොඳයි.

:       59       0

Mahinda Friday, 06 September 2019 01:11 AM

ඔයිට කලිනුත් අන්තිම අවස්ථා තිබුන චන්දෙ ඉල්ලන කට්ටියට අන්තිම අවස්ථා වෙනවනම් ජනතාවට නැවුම් අවස්ථා උදාවෙනවා.

:       0       1

මුණසිංහ Friday, 06 September 2019 01:17 AM

මෙයා හිතන් ඉන්නව එයාට ලක්ෂ 14ක් ඉන්නව කියල. ලක්ෂ 3ක් ගත්තොත් පුදුමයි! මෙයා පක්ෂය ජවිපෙටත් පල්ලෙහාට දාලා නැති බංගස්ථාන කරලම දාන්නයි හදන්නෙ. ඉස්සෙල්ලාම කියන්න ඕන මේ කොන්ත්‍රාත්තුව දුන්නෙ කවුද කියල. අත්තනගල්ලෙ චන්ද්‍රිකාට චෙච්ච දේ දන්නව නේ! එයා හිතුව ප්‍රාදේශිය සභාව දිනන්න! මොකද වුනේ?

:       71       12

gunarathna Friday, 06 September 2019 01:52 AM

දයාසිරි මහත්තයෝ ශ්‍රීලංකා එකෙන් අපේක්සකයෙක් දානවනම් චන්ද ලක්ස දෙකතුනක් ගන්ට පුළුවන්.නමුත් සන්දානෙන් අපේක්සකයෙක් දානවනම් තවත් වැඩිපුර චන්ද ගන්ට පුළුවන්.ප්‍රස්නේ තියෙන්නේ සන්දානේ මහලේකම් අමරවීර මේ ගෙන මොකුත් කියන්නේ නැහැ.මොන කයිවාරු ගැහැව්වත් අවසානේ නවතින්නේ ගෝටගේ කකුල් දෙක ගාව තමා. එහෙම නෙතිනම් රනිල් ලගට ගිහිල්ල මුලින් හිටිය වගේ දෙකට නැමිල ඉන්න එක තමා වෙන්නේ.

:       205       2

Gamarala Friday, 06 September 2019 02:09 AM

සිතේ. පවතින ඊර්ෂ්‍යාව හතුරට උදවුවක් බව නොදන්නවා නොවේ.

:       0       1

Gamarala Friday, 06 September 2019 02:09 AM

සිතේ. පවතින ඊර්ෂ්‍යාව හතුරට උදවුවක් බව නොදන්නවා නොවේ.

:       0       1

sirimal Friday, 06 September 2019 02:44 AM

තමන්ගේ තරම දැනගන්න මේක හොඳ අවස්ථාවක් . ජනපති තනතුර හා සුළු ජාතික පක්ෂ නිසා ගත්ත ලක්ෂ 14න් ලක්ෂයක් ඉතිරි කරගතහොත් ඇති .

:       0       5

indika Friday, 06 September 2019 03:31 AM

උපරිම ලක්ෂ 5ක් ගනී !

:       0       16

Wasudewa Friday, 06 September 2019 03:40 AM

හුරේ හුරේ දයාසිරි....දැන් තමය් මොලේ පැදිලා තියෙන්නේ.මොකද බණ්ඩාරනායක උතුමාණන් ඔය ශ්‍රීලනිප හැදුවේ දිවිහිමියෙන්.පොහොට්ටු විහිලු කාරයන්ට පක්ෂය බාල්දු කරන්න එපා. මේවට චන්ද්‍රිකා නෝනා සම්පුර්ණයෙන් වගකියන්න ඕනේ.

:       11       449

කුමාර තෙන්නකෝන් Friday, 06 September 2019 03:47 AM

එක දෙයක් කියන්නම් ශ්‍රිලනිප ගියපාර ලක්ෂ 10 ක් විතර ඡන්ද ගත්තා.....මේ පාර ලක්ෂ 5 ක් ගත්තත් ගෝඨගෙන් තමයි ඡන්දය කැඩෙන්නෙ........ජවිපෙ වෙනම ඉල්ලනවා........එ.ජා.ප. පාක්ෂිකයන් උද්යෝගයකින් සජිත් වටා එකතුවෙලා....ඒක නිසා.....සජිත්ට ගොඩක් වාසියි.......සුළු ජාතික පක්ෂවල සහයෝගයත් එජාපයට තමයි ලැබෙන්නෙ.....ඒක නිසා.....අඩු ඡන්ද පරතරයකින් හරි එක්සත් ජාතික පෙරමුණ ජයග්‍රහනය කරනවා.......බොරු නම් මේ පෝස්ට් එක කොපිකරලා ජනවාරි 10 බලන්න තියාගන්න....මම කියපුවා කිසි දෙයක් වැරදිලා නෑ.....

:       3       211

jayath Friday, 06 September 2019 03:56 AM

මරේ මරු ! වසර හැට ගණන අතීතයේ හිටිය මහා ලේකම් ලාගෙන් මේ වගේ අභීත , ජන හද හස්ම හඳුනාගෙන තීරණයක් ගත්තේ ඔබතුමා විතරයි .හැබැයි මට ප්‍රශ්න දෙකක් තියනවා 1) දැම්මට දිනන්න පුලුවන්ද 2) ඔබතුමාත් අරපැත්තට පනින්නේ කවදද ? මේ ව කාලය පිලිඹද ප්‍රශ්න විතරයි ( අපේ වට්ටක්ක මාමත් දැන් අර විලිලජ්ජ නැතුව (එක ඔතන ඉන්න 225 ටම නැහැ )ගෝටා සරණන් ගච්චාමි කියන්නේ

:       12       102

Anu Friday, 06 September 2019 04:32 AM

හ...හා..! දකුණට සිග්නල් දාල වමට හරවන රියදුරුමහතා ගැන මුළු රටම හොඳින් දන්නා නිසා මෙය පුදුමයක් නෙමෙයි. මුළු රටේම අනන්‍යතාව, විශ්වාසය සහ අභිමානය බිඳපු මේ අයගේ වැඩ, කතා ගැන මොනවට කියනවද? අවසානයේ අලියට මුක්කු ගැහුවේ නැත්තම් තමා පුදුමේ!

:       119       21

thilakasiri Friday, 06 September 2019 05:58 AM

පුද්ගලයෙකුගේ හිත ඕනෑම අවස්ථාවක වෙනස්විය හැකි බැවින් පුද්ගලෙයකු කරන කියන දේ හා කල කි දේ ගැන බලා ඔහු හොද හෝ නරක කරයිද කිව නොහැක. මිනිසුන් හොද හෝ නරක කරන්නේ ඒ ඒ අවස්ථාවේ උපදින හිත අනුවය. එනිසා කිසිවිටක තනි පුද්ගලයෙකු කෙරහි විශ්වාසය නොතබා සමුහයක් විසින් කරනු ලබන වැඩ සටහන් ක්‍රියාවට නගා එකිනෙකාට පැවරෙන වගකීම නිසි අයුරු කරනවද කියා විමසා නුසුදුස්සෝ ඉවත් කිරීමට ඡන්දය පාවිච්චිකළ යුතුය. එකල විධායක ජනපති ක්‍රමය තමන්ට ගැලපෙන අයුරු නිර්මාණය කළ ජේආර්ට හැර ඔහුගෙන් පසු ඒ තනතුරට පත්වූ සැවොම වියරු වූ හැටි කව්රුත් දනිති. රනිල්ට පිංසිදුවන්න අවුරුදු 42 පසු ඒ වියරුව ඇතිකළ හේතුව වූ ජනපති සතු වූ අසීමිත බලතල අගමැති කතානායක හා ජනපති අතර බෙදා ඒ තිදෙනාම පාර්ලිමේන්තුවට වගකිවයුත්තන් කර අධිකරණය ඇතුළු මුළු රාජ්‍ය යාන්ත්‍රණයම ස්වාධින කළහ.ඉදිරියේදී ජනපතිවරණයද නවතා ජනතා නියෝජිතයින්ගෙන් පත්වෙන පාර්ලිමේන්තුවෙන් ඒ තිදෙනා පත්කිරීම වඩා ඵලදායකය. ඒ පැවති ක්‍රමයට මනස ක්‍රියා කරන අය තමන් ජනපති වූ විට කරන දේවල් කීවාට පැවරෙන වගකීමට පමණයි කලහැක්කේ. පවතින නිතිය විනය නොතකා ක්රියකරන්නවුන් පිස්සන් මැරයන් හා ත්‍රස්තවාදීන් ලෙස හැදින්වේ

:       0       2

wimal Friday, 06 September 2019 06:17 AM

අසව් ...අසව් … සිංහලයනි තොපලාගේ මොලේ දැන් තමා පාවිච්චි කරන්න ඕන වෙලාව. අවස්ථා වාදී හිතුවොත් ලංකාව තවත් ආගදෙට ඇද යනු ඇත. සිංහල ජාතිය කෑලි කෑලි වලට කඩෙන කම් සුළු ජාතින් බොහොත් ආසාවෙන් බලා සිටිනු ඇත. ඔවුන් තමුන්ගේ අරමුණ පමණි. දැන් එකතුවෙන්න තියන අන්තිම වතා වය්. දැන් පාට පක්ෂ බලන්න එපා. සිංහලයනි එකතු වෙයව්. ඔබ සැමට තෙරුවන් සරණය්.

:       0       4

සරණ Friday, 06 September 2019 06:24 AM

මෙයාලගෙ උත්සහය සජිත්ව හො ගොඨාභය ගෙන එමයි ශුුි.ල.නි.ප එමගින් ගොඩ යන්න හිතන් ඉන්නෙ .මෙයාලට සිංහල අපි ගැන හැගීමක් නැහැ තියෙන්නෙ බලයට කෑදර කම විතරයි.එකයි ඔය වගෙ කුහක වැඩ කරන්නෙ.සිරිසෙන ජනාධිපතිතුමා තමා මෙරට මෙවන් අගාදයකට අැද දැම්මෙ. තමන්ව ඔය තත්වයට ගෙනාපු පකෂයත් කෑවා ජනාධිපති කරවපු අයවත් කාලම දැම්මා 2015 ත් 2018 ත් දැනුත් හිටපු ජනාධිපතිතුමාටත් අැරලම දැම්මා. රට විකාර රෑපි කරලම දැමිමා .මෙ රටෙ අසාර්ථකම ජනාධිපති ලෙස ඉතිහාසයට එක්වනු අැත. කෙසෙ වෙතත් මෙවර අපි පක්ෂ වලට ඡන්දය දෙන්නෙ රට රකින අනාගත අපෙ දරුවන්ටත් රටක් ඉතිරි කරන නායකයා වන ගොඨාභය මහත්තයට විතරමයි ඡන්දය දෙන්නෙ දිය යුත්තෙ නැතිනම් අපි බලං ඉන්නකොටම අපටත් නොදැනි අරාබියක් වනවා ලගදීම

:       0       33

sirimal Friday, 06 September 2019 08:29 AM

මෛත්‍රීපාලද, වෙල්ගමද කියලා තෝරාගන්න බැරි.. එ්කලු දැනට තියෙන ප්‍රශ්නය... අන්තිමට ගෝඨාභය තෝරා ගත්තොත් පුදුමවෙන්න එපා...

:       0       35

jagath Saturday, 07 September 2019 06:51 PM

ලක්ෂ 25 කට අධික ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ එකම පැතුම තම පක්ෂයේ ජනාධිපතිවරයෙක්... එයයි එකම පැතුම...!!!

:       0       0

BamunuarachchiMonday, 09 September 2019 01:33 AM

කොහෙද හලෝ ලක්ෂ 25ක් 2018 ලැබුනේ 1497234 යි. මේ අවුරුද්දට කරපු ගොන් පාට වලට චන්ද අඩුවෙනවා මිස වැඩි වෙන්නේ නැත. සිරිසේන මේ වුරුදු 5 කරපු එක දෙයක් කියන්න.

:       0       0

Bamunuarachchi Monday, 09 September 2019 01:39 AM

"අසව් ...අසව් … සිංහලයනි තොපලාගේ මොලේ දැන් තමා පාවිච්චි කරන්න ඕන වෙලාව. " නැති දෙයක් කොහොමද හලෝ පාවිච්චි කොරන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 421 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 849 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1013 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 579 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 590 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 209 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site