(කාංචන කුමාර ආරියදාස)
ගලේවෙල අලුත්වැව ප්‍රදේශයේ විසක් ශරීරගත කර සුනඛයන් 10 දෙනෙකු පමණ ඝාතනය කර ඇතැයි ප්‍රදේශවාසීන් ගලේවෙල පොලීසියට අද (24) පැමිණිලි කර තිබේ.
අද පෙරවරුවේ තැන තැන සුනඛයන්ගේ මළ සිරුරු දැකීමත් සමඟ ප්‍රදේශවාසීන් මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් සොයා බැලීමක් සිදු කර තිබේ.
එහිදී නිවෙස්වල සිටි සුනඛයන් දස දෙනෙකුගේ පමණ සිරුරු සොයා ගැනීමට හැකි වී තිබේ.
ගලේවෙල අළුත්වැව ප්‍රදේශයේ සත්ව ගොවිපලක හිමිකරුවන් විසින් මෙම සතුන් දිගින් දිගටම ඝාතනය කරන බවත් මෙවර මෙම සතුන්ට විසක් ශරීර ගත කර මරා දමන්නට ඇතැයි ප්‍රදේශවාසීහු චෝදනා කරති.
මීට පෙර ද පහර දී සහ වෙඩි තබා ප්‍රදේශයේ සුනඛයන් ගොවිපල හිමිකරුවන් විසින් මරා දමන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට පවා පැමිණිලි කොට ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
මෙම සුනඛයන් දිගින් දිගටම ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළ විට එම ව්‍යාපාරිකයන් ප්‍රදේශවාසීන්ට පහරදීමට සහ ඝාතනය කරන බවට තර්ජනය කරන බව ද ඔවුහු කියති.
මෙම සුනඛයන් තැන තැන මැරී වැටී ඇති අයුරු පෙන්වන ප්‍රදේශවාසීන් මේ පිළිබඳව ගලේවෙල පොලීසියට ද පැමිණිලි කර ඇතත් පොලිස් කණ්ඩායමක් පැමිණ පරීක්ෂාකර හෙට ( 25) උදෑසන 9 ට මෙම අයිතිකරුවන්ට පොලිසියට පැමිණෙන ලෙස දැනුම් දුන්නේ යැයි ඔවුහු පවසති.
අලුත්ගම ප්‍රදේශයේ ඉතා අමානුෂික ආකාරයෙන් නිවෙස් වල සුරතලයට ඇති කළ සුනඛයන් මරා දැමීම සම්බන්ධයෙන් ඔවුහු දැඩි කනස්සල්ලට පත්ව හැඬූ කඳුළින් කියා සිටියේ මෙවැනි අපරාධ සඳහා වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසය.
ගලේවෙල පොලීසියේ ඉහළ පොලිස් නිලධාරියකු කියා සිටියේ පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු පැමිණිල්ලක් අනුව ප්‍රදේශයේ පරික්ෂා කිරීම සඳහා පොලිස් කණ්ඩායමක් යැවූ බව ය කෙසේ වෙතත් තවදුරටත් මෙම සුනඛයන් මිය යෑම සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු පවත්වන බවද පොලිසිය ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම
කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ
ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
විසක් ශරීරගත කර සුනඛයින් 10 ක් ඝාතනය කරලා
සමිත සේනක අලුත්ගමගේ Wednesday, 24 June 2020 10:23 AM
මේ රටේ මෑත කාලයේ අසන්නට දකින්නට ලැබෙන්නේ මහා අවාසනාවන්ත දේවල් තමයි. කිසිම අනුකම්පාවක් නැති මහා නපුරු දරුණු මිනිසුන් තමයි දැන් බොහෝවිට රටේ සිටින්නේ.. අසරණ බල්ලෙකුටවත් පණපිටින් ඉන්නට නම් දෙන්නේ නැහැ. මේ වැනි වැඩකරන තිරිසනුන්වන් මිනිස් වෙස්ගත්තන්ට නිසි දඬුවම් දිය යුතුයි...
wedage Wednesday, 24 June 2020 11:00 AM
තමන්ට රැක බලාගැනීමට නොහැකිනම් සුනඛයන් ඇති කිරීමෙන් වලකින්න.
විජිත් Wednesday, 24 June 2020 11:06 AM
ගමේ මිනිස්සු තමයි ගමේ අයිතිකාරයෝ. ඒක තමයි ... මුලින්ම ඔබලා හිතට ගන්න. ඔය සිංහල ,දෙමල ,මුස්ලිම්... ජාතිබේදත්... බුද්ධාගමේ... ක්‍රිස්තියානි.. මුස්ලිම්. ආගම බේදත් අතහැරලා ගමේ සියලු දෙනාම එකට එකතුවෙන්න...
BamunuarachchiThursday, 25 June 2020 06:23 AM
සියලු දෙනාම එකට එකතුවෙන්න කියන්නේ බල්ලන් පරිස්සම් කරන්නද?
ravi Wednesday, 24 June 2020 11:30 AM
මේ අහිංසක සත්තුන්ට මෙවැනි අපරාධ කරන අයට හෙනම තමයි...!!!
chandra Wednesday, 24 June 2020 12:13 PM
සුරතලයට ඇති කරන සුනඛයින් අයාලේ යැවීමෙන් වළකින්න. අයාලේ යැවීම වැරදියි. අයාලේ යැවීම සම්බන්ධයෙන්ද පරීක්ෂණ කටයුතු කරන්න...
Prabha Wednesday, 24 June 2020 12:20 PM
ගමේ හැදෙන බල්ලා ගෙදරින් පැන ගම වටේ රවුමක් ගසා කුඹුරෙන් මඩ නාගෙන පොඩි වලියක් එහෙම දාගෙන එන එක උන්ගේ ජන්ම පුරුද්දක්. ඒක තේරුම් ගන්න පුළුවන් දම්වැලක් අතින් අරන් ගම පුරා බල්ලා හොයන්න ගිය අපි වගේ අයට විතරයි.
Buddhika PWednesday, 24 June 2020 03:25 PM
ඔබගේ සටහන කියෙව්වම හරිම සංවේදී විදියට අපේ ගමේ පුංචි කාලේ මතක් වුනා. හරියටම සතියට එකපාරක් වත් ඔබ කියන විදියටම වෙනවා. ගෙදර දෙන්නෙක් කෝටු දෙකක් අරගෙන, දම්වැලුත් අරගෙන දෙපැත්තට යනවා.., හොයන්න. මිනිස්සුන්ට නිකන් පේන්න කොටු පාරකුත් ගහලා පොඩ්ඩක් කෑ ගහල තමයි ගේන්නේ. හුඟක් මිනිස්සු අපි එක්ක කොච්චර හොඳ වුණත්, කැමති නෑ, වත්තට එනවට. අපේ කෝටු පාරට මිනිස්සුත් තරහ ටිකක් අඩු කර ගන්නවා.
PrabhaWednesday, 24 June 2020 05:52 PM
කොච්චර සැර බල්ලෙක් වුණත් එකපාරක් ආදරෙන් කතාකළාම ඌට ඔක්කොම අමතකයි.. ඒක තමයි බල්ලාගෙයි, මිනිසාගෙයි වෙනස...
Buddhika P Wednesday, 24 June 2020 01:32 PM
දැනට අවුරදු 27 කට විතර කලින්. අපි කතරගම වන්දනාවේ ගියා. අපි දේවාලෙට නොයන නිසා, පාන්දරම වගේ ගියේ කිරි වෙහෙරට. මගේ දුවට අවු 3ක් විතර ඇති. කිරිවෙහෙර පඩිපෙළ ගාවදි, දුව අපි පස්සෙන් ගිහින් එක පාරටම අඟල් 7 - 8 බලුපැටියෙක් ඇහිඳ ගෙන ආවා. බලුපැටිය හිටියේ මැරිලා. එයා පඩිපෙළ උඩින් තියලා වතුර දුන්නා. පස්සේ වට පිට බැලුවම, තව පැටවූ 10 - 15 විතර හා ලොකු බල්ලොත් කිරිවෙහෙර වටේ මැරිලා. මම දුවව වඩාගෙන, අතුගාන ගෑනු කෙනෙක් ගාවට ගිහින් ඇහුවා, මේ මොකද කියල. කිසි කෙනෙක් උත්තර දෙන්නේ නෑ. පස්සේ මුවා වෙලා වගේ හිටපු ගෑනු කෙනෙක් කිව්වා, ඊයේ පුජාවට ආපු ගෑනු කෙනෙක්ව බල්ලෙක් කාලා. ඊයේ රෑ දේවාලේ හා පන්සලේ හිටපු බල්ලෝ ඔක්කොටම වස දුන්නා කියලා.
සමිත සේනක අලුත්ගමගේ.Wednesday, 24 June 2020 02:12 PM
බුද්ධික මහතා, දේවාලේ සිදුවුණු දේට කණගාටුයි.. ඔය දේවාලේ කෙනෙකුට මා අලුතින්ම ගත්ත ට්‍රැක්ටරයක් බදු දුන්නා. පසුව වසර දෙකක් වාහනේ ගෙවෙනකම්ම නිකං වැඩගත්තා. අන්තිමේ ටේලරේත්, හොරෙන් විකුණා ගත්තා. ඊට පසුව මා පොලිසියේ මැදිහත්වීමෙන් එන්ජින් කොටස ලබාගෙන අඩුවට විකුණා දැම්මා... ඒ විතරක් නොවෙයි, ඕවායේ ඉන්න සමහර දෙනා රෑට තුවක්කුත් අරන් දඩයමේ ගොස් අහිංසක සතුන්ට ගිනි බිඳිනවා.. දෙවියන්, බුදුන් වන්දනාමාන කළාට ඔවායේ සිටින සමහර අය ළඟින් ගියොත් අපේ ඇසක්වත් ඉතුරුවෙන්නේ නැහැ.. ඔන්න ඕක තමයි මේ රටේ බොහෝ සිද්ධස්ථානවලට ඇති සැබෑ තත්වය. අහුවෙන්නනන් හොඳ නැහැ.
Bamunuarachchi Friday, 26 June 2020 02:53 AM
දඩාවතේ යන බල්ලන්ගේ මිනිසුන්ටත් කරදරයි. ඒකයි මිනිස්සු, බල්ලන්ට මෙහෙම කරන්නේ... බල්ලන්ගෙන් මිනිසුන්ට තිබෙන කරදර ලීවාට වැඩක් නැහැ.