IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


වැරැද්ද වහගන්න විවිධ දේ කියනවා

(තරිඳු ජයවර්ධන සහ අංජුල මහික වීරරත්න)


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අගමැති ලෙස පත් කළ හැක්කේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතුරින් වැඩිදෙනකුගේ විශ්වාසය ඇති කෙනා බවත්,  එසේ නොමැතිව මහින්ද රාජපක්ෂ මහතා  අගමැති ලෙස පත් කිරීමේ වරද වසා ගැනීමට  විවිධ දේ  පවසමින් සිටින බවත්, හිටපු  අගමැති රනිල් වික්‍රමසිංහ මහතා  අද (29 වැනිදා) සවස පැවසීය. වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ  අරලියගහ මන්දිරයේදී  විශේෂ ප්‍රකාශ කරමිනි.

රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

‘‘2015  වසරේදී ජනතාව ඡන්ද දුන්නේ රටේ දූෂණ  නැති කරන්නයි. අගෝස්තු මහ මැතිවරණයෙන් පසු අගමැති ලෙස මා පත් වුණා . අපි කටයුතු කළේ ජාතික ආණ්ඩුවක් හැටියට.

අපි  ස්වාධින කොමිෂන්  සභා ඇති කළා. තොරතුරු පනත ගෙනවා. ජනමාධ්‍ය නිදහස ඇති කළා. මහපරිමාණ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කළා. ඊයේ ජනාධිපතිවරයා මටත් කැබිනට් මණ්ඩලයටත් චෝදනා එල්ලා කළා. මං එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරනවා.

ආණුඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අගමැති ලෙස පත් කළ හැක්කේ පාර්ලිමේන්තුවේ  විශ්වාස වැඩියෙන් තියෙන කෙනාවයි. එහෙම නැතිව මහින්ද පත් කළා. දැන් වරද වහගන්න විවිධ දේ කියනවා. පොඩි ළමයෙකුවත් එහෙම කියන්නේ නෑ.

අපේ රට මුහුණ දී  ඇති අවාසනාවන්ත තත්ත්වයට විසදුම් ඇත්තේ පාර්ලිමේන්තුව තුළයි. දේශපාලන පක්ෂ  ඉල්ලා ඇත්තේ පාර්ලිමේන්තුව කැඳවන ලෙසයි.

මේ තත්ත්වය රටට හොඳ නෑ. අපි අමාරුවෙන් පාලනය කරගෙන ආව ආර්ථිකය කඩා වැටීගෙන යනවා. එජාපය සහ අනික් පක්ෂත් ප්‍රජාතන්‍ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින බව කියන්න කැමතියි.

ව්‍යස්ථා විරෝධී ඒකාධිපති පාලනයකට ඉඩ දෙන්නෙ නෑ ‘‘ යයිද වික්‍රමසිංහ මහතා පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ සිට කළ විශේෂ ප්‍රකාශය පහත දැක්වේ.

 

 

ඡායාරූප - චතුර එස් කොඩිකාර



අදහස් (16)

වැරැද්ද වහගන්න විවිධ දේ කියනවා

Tharindu Monday, 29 October 2018 12:18 PM

මේවා දකිද්දි හිනාව නවත්තගන්නත් බැහැ

:       308       248

Sam Monday, 29 October 2018 12:29 PM

2015 ජනවාරියේදී බහුතරයක් නැතිව ඔබ අගමැති වුණෙත් ජනාධිපතිගේ කැමැත්තට. ඇයි එතකොට ඒ දෙය වැරදියි නොකිව්වේ...?

:       2404       3721

bandulaMonday, 29 October 2018 01:07 PM

2015 තිබුනේ 18 වන ව්‍යවස්ථාව එදා ජනාධිපතිට පුර්ණ විධායක බලතල තිබුන ඕනෑම කෙනෙක් තම අභිමතය පරිදි පත් කරන්න. නමුත් 19වෙනි එකේ එම බලතල තියෙන්නේ පාර්ලිමේන්තුවේ වැඩි කැමැත්ත අනුව ජනාධිපතිතුමාට පුළුවන් පත්කරන්න. 2015 අගෝස්තු ඡන්දෙන් මේ ආණ්ඩුව පත්වුණේ 19 අනුව. ඔය 19 ට ඔය 225 න් 223 ක් හෝ 224 ක් කැමති වුනා. ජනාධිපතිතුමා ස්ව කැමැත්තෙන්ම තම බලයේ සමහර ඒවා ව්‍යවස්ථාදායකයට පැවරුවා එදින උදේ වරුවේ විශේෂ ප්‍රකාශයකුත් කලා මතකයි.

:       57       505

K PereraMonday, 29 October 2018 04:06 PM

සෑම්, අදහස් දමන විට ඔයා නොදන්නා දේවල් ලියන්න එපා, සුරේන් මහතා දමාපු අදහස කියවලා වටහාගන්න.

:       201       56

Thilina Monday, 29 October 2018 12:29 PM

ඉතින් මහත්තයෝ අඬඅඬ ඉන්නේ නැතුව යන්නකෝ අධිකරණයට.. එතකොට ඕකේ ඇත්ත නැත්ත බලාගන්න පුලුවන්නේ.. කෝ ඔබතුමා මහබැංකුව ගැන ඝාතන කුමන්ත්‍රණය ගැන වචනයක් වත් කතා කලේ නැහැනේ.. මේකේ කුලියට ලයික් දාන අයවත් ඒ ගැන පැහැදිලි කලොත් නරකද?

:       646       1828

මංගල Monday, 29 October 2018 12:43 PM

ඉක්මනටම මහ ඡන්දෙකට යමු. රටේ මිනිස්සු නිවැරදි තීරණය දෙයි. දැන් මේ නාඩගම් ඇති.

:       14       90

කාන්ති Monday, 29 October 2018 12:50 PM

දැන් ඉතින් මහබැංකු කොල්ලයේ වරද පිළිඅරගෙන ජම්පර් එකක් අඳින්නට පුරුදු වෙන්න.

:       1045       2004

Nuwan Monday, 29 October 2018 12:59 PM

ඡන්දෙ ඉල්ලන්න පටන් ගත් දා ඉදන් පැරදෙනවා.

:       34       74

samwil Monday, 29 October 2018 01:33 PM

මහතානෙනි මහමැතිවරණයකට යමු. ඒක තමා නියම නිවැරදි තීරණය.

:       36       100

lalith Monday, 29 October 2018 01:44 PM

ඔය පාර්ලිමේන්තුවේ බහුතරයෙන් විධායක බලතල අතට අරගන්න ගිය එකෙන්නේ සේරම වුනේ? ඔබතුම කෘත්‍යාධිකාරී මණ්ඩලය පත්කරනවා, කෘත්‍යාධිකාරී මණ්ඩලය අපේක්ෂකයෝ ලැයිස්තුව හදනවා, ඒ අපේක්ෂකයෝ විධායක බලතල ඇති අගමැති ලෙස ඔබතුමාවම පත් කරනවා. එකට පාර්ලිමේන්තුවේ බහුතරය කියලා කියනවා. ඔය ක්‍රමයෙයි තමුන් තමුන්වම පත්කරගැනිමෙයි වෙනසක් තියෙනවද? ජනතාවට තමන්ගේ පාලකයා තෝරාගැනීමට ඇති අයිතිය එහෙන් මෙහෙන් වහෙන් ඔරෝ ක්‍රමයට කොල්ලකාලා රජවෙන්න යන එක රටේ සමහරකුට නොතේරුනාට අපටනම් තේරෙනවා. රටට වැඩක් කරන්න. ජනතාවගේ සිත් තුලට රිංගන්න.

:       31       414

Appuhami Monday, 29 October 2018 02:02 PM

බයියන්ට සිහින ගොඩයි.. !!!

:       189       64

Surain Monday, 29 October 2018 02:05 PM

සෑම් මහතා වෙත, 2015 ජනාධිපතිවරණය දිනපු වෙලාවේ රනිල්ව අගමැති කලේ සිරිසේන මහතා දිනුවට පසු පොදුජන පෙරමුණේ සිරිසේන ජනාධිපතිට සහයට අාපු 80 ට වඩා වැඩි මන්ත්‍රීවරු කණ්ඩායමකගේ සහයෝගය ඇතිව මුළු මන්ත්‍රී සංඛ්‍යාවකින් මින්ත්‍රීවරු 135 ට වඩා වැඩි ගණනකගේ කැමැත්ත ඇතිවයි. ඊට මසකට පසු අය වැය ඡන්දය ඉතාම වැඩි ඡන්ද ගණනකින් පාර්ලිමේන්තුවේ සම්මත වුණා. එයින් පැහැදිලි වුණේ ඔහුට අාසන 135ට වඩා මන්ත්‍රීවරුන් සංඛ්‍යාවකගේ සහයෝගේ තිබුණු නිසයි. දැන් මහින්ද මහත්තයට ඒවගේ තියෙනවා නම් පාර්ලිමේන්තුව කල් දාලා මන්ත්‍රීවරු බිලිගන්නට වැඩ නොකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඡන්දය විමසා හරි තීරණය ගන්න බය අැයි?

:       627       634

RNG Monday, 29 October 2018 04:23 PM

පොඩ්ඩක් ඉන්න. මොකද මේ කලබල වෙලා. ඒක වෙලාවට පෙන්නාවි ඒ අය. දැන් රනිල්ට ඔය කියන තරම් බහුතරයක් නෑ. ඔබම කියන විදියට රනිල් බහුතරය පෙන්නුවේ සිරිසේන ජනාධිපතිට සහයට ආපු මන්ත්‍රීවරුන්ගෙන්නේ ..

:       122       283

සතයපාල Monday, 29 October 2018 02:07 PM

පොඩි ළමයෙක් නොවෙයි මන්ද බුද්ධිකයෝ කියන කතා කියන්නේ. එයාට හැමදාම තියෙන්නේ මරබිය කාලයක්... එල්.ටී.ටී.ය තමන්ව ඝාතනය කරන්න හැදුව බව කිව්වා. තවත් වරක් රාජපක්ෂලා තමන්ව මරන්න සුදානම් වුනා කිව්වා. දැන් රනිල් තමන්ව ඝාතනය කරන්න හදන බවට චෝදනා කරන්නේ බල තන්හාවෙන් මනස විකෘතිවෙලා තියන නිසාවෙන්ය.

:       384       466

ruchi Monday, 29 October 2018 02:22 PM

මෙයාට ලැජ්ජාව කියන එක ගෑවිලාවත් නැහැ. මෙයා බලයට පත්වෙනකොට බහුතරයක් තිබ්බේ නැහැ. බලහත්කාරයෙන් වගේ පත්වීම ගත්තේ චන්ද්‍රිකාගේ උදව්වෙන්. මෛත්‍රිව දාගත්තේ ඡන්දෙ පරදින හින්දා...

:       372       630

දිලුම් Tuesday, 30 October 2018 03:23 AM

රටට වෙනදේ ගැන තඹ දොයිතුවකට එකේක්වත් කට හේල්ලන්නේ නෑ. රනිල් කියනවා රටේ ප්‍රශ්නවලට විසදුම තියෙන්නේ පාර්ලිමේන්තුවේ ලූ. මං නම් කියන්නේ රටේ ප්‍රශ්නවලට ප්‍රධාන හේතුවම ඔය කට්ටිය කියලා. අනික පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය කටෙ තිබුණත් ඔබ ඇවිත් මේ රට කාපු කෑමට මේ රටේ ජනතාවට ඔබ ගැන විශ්වාසයක් නෑ. මං අනිත් කෙනා හොදයි කියන්නේ නෑ. ඒත් අපේ රටේ ළමයින්ටවත් ඉන්න රටක් ඉතුරු වෙන්න නම් ඔබ අදම ඉවත් විය යුතුයි. අනික අනපේක්ෂිත අයුරින් සිකුරාදා රෑ නව අගමැති දිවුරුම් දුන් පසු මිනිස්සු රතිඤ්ඤා දමමින් සතුට ප්‍රකාශ කල හැටි ඔබ දුටුවාද ඒ රතිඤ්ඤා පක්ෂ සංවිධායකයො ගෙනත් දුන් ඒවා නෙ‍මෙයි ඒවා මිනිස්සු හදවතින්ම කරපු දේවල්. මිනිස්සුන්ගේ පීඩනය කොතරම්දැයි උගත් පුද්ගලයෙකු ලෙස එයින්වත් තේරුම් ගන්නට ඔබට බුද්ධියක් නැතිවෙන්නට බැරිය. කරන්නට තිබුණ වේලේ රට රටවල ඇවිද ඇමරිකවේ න්‍යාය පතුය ලංකාවේ දිගහැර කරගත් විනශයට දැං කරන්නට දෙයක් නැත.

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

’’බාල බෙහෙත් හොරු කවුද’’: විශේෂ හෙළිදරව්වක් එන සතියේ
2024 අප්‍රේල් මස 27 20 0

බාල ඖෂධ ජාවාරම, ප්‍රමිතියෙන් තොර බෙහෙත් මිලදී ගැනීම, ඒවාට සම්බන්ධවූ පිරිස් සහ ඊට අදාල තවත් වැදගත් ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් හෙළිදරව් කෙරෙන පරිපූර්


තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 53 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 1101 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1949 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 2182 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 1100 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1571 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site