IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘විරැකියා අනුපාතය පහළ දමන්න රජය දැනටමත් කටයුතු කරලා’

(හසිත රංග ගුණතිලක)
 
ශ්‍රී ලංකාවේ විරැකියා අනුපාතය පහළ දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ නව රජය දැනටමත් ක්‍රියාකර ඇතැයි විදේශ සබඳතා නිපුණතා සංවර්ධන රැකිරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා බත්තරමුල්ලේදී අද(23) පැවසීය.
 
බත්තරමුල්ල සුහුරුපාය පිහිටි අමාත්‍යංශ සංකිර්ණ ශ්‍රවණාගාරයේ පැවති ‘ලක් රැකියා හරසර 2019’ සම්මාන ප්‍රධානෝත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
 
මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ මෙම සම්මාන ප්‍රදානයේදී නිෂ්පාදන සහ සේවා අංශ වෙනුවෙන් දිස්ත්‍රික් මට්ටමෙන් කැපී පෙනෙන සේවාවක් කළ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට රන්, රිදී හා ලෝකඩ සම්මාන පිරිනැමිණි.
 
තරුණ පරපුර නිපුණත්වයෙන් ශක්තිමත් කර ලෝක ආර්තිකය තුළ ශ්‍රී ලංකාව ආදායම් ලබා ගත හැකි මධ්‍යස්ථානයක් බවට පත් කරන බවද ගුණවර්ධන මහතා කීය.
 
රටේ ආර්ථිකය නැංවීමට හැකියාවෙන් පිරිපුන් තරුණ පරපුරක් රටට අවශ්‍ය බවත්, තම රජයේ ප්‍රමුඛ අරමුණ වන්නේද මෙරට තරුණ පරපුර වෘත්තීමය අතින් සවිබල ගැන්වීම බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
 
(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)

 



අදහස් (4)

‘විරැකියා අනුපාතය පහළ දමන්න රජය දැනටමත් කටයුතු කරලා’

saman Monday, 23 December 2019 12:22 PM

ශ්‍රී ලංකා මහබැංකුවේ නිල වෙබ් අඩවියට අනුව 2018 විරැකියා අනුපාතය 4.4%. 2000 ඉඳන් ගත්තම එ්ක වැඩිම වෙලා තියෙන්නේ 2002 (8.8%) ඊට පස්සේ දිගටම වගේ අඩු වෙලා එක දීර්ඝකාලීන ස්ථාවර අගයක් වෙච්ච 4-4.7% ගානකට ඇවිල්ල මට පේන විදියට... ඊට වඩා අඩු කරන්න පුලුවන්ද කියලා ප්‍රශ්නයක් තියනවා. මොකද ඔය රැකියා 45,000 වැඩපිළිවෙල සහ රැකියා දශලක්ෂයේ වැඩසටහන වගේ තේමා මීට කලිනුත් තිබ්බා. ඒවා ඔක්කෝටම රජයේ රැකියා තමයි වැඩිපුර බාරදුන්නේ. මාසෙකින් කිසිම සංවර්ධන වැඩපිළිවෙලක පටන් ගන්නේ නැතුව 4.4% වඩා අඩු කරනවා කියන්නේ පොඩි චකිතයක් තියනවා.

:       39       213

Nimal Monday, 23 December 2019 05:13 PM

සක්කරයාගේ පුතා වයිමාවත් ඇවිල්ලද? 2500 කට පවුලකට මාසයක් කන්න පිළිවන් කිව්වේ මෙයා නේද?

:       10       10

lalithm Tuesday, 24 December 2019 02:57 AM

මොනවා හරි කරලා රටේ පාරවල්ගානේ රස්තියාදුවෙන කොල්ලොයි ගෙවල්වලයි ෂොපින් සෙන්ටර් වලයි කාලෙ කන කෙල්ලොයි ටික රටේ ශ්‍රම බලකායට යොදවගතහැකි ආණ්ඩුවේ නොවෙන රැකියාවලට යොමු කරන්න. රජයේ රැකියා කියන්නේ පින් පඩි දීම විතරයි. හොඳින් හෝ නරකින් මෙය කල යුතුමයි.

:       0       18

Bamunuarachchi Saturday, 28 December 2019 11:50 AM

මොකක්ද මේ විරැකියාව? වැඩක් කර ගන්න මිනිහෙක් හොයාගන්න නැහැ. දැනට රැකියා කරන මිනිස්සුත් හොයන්නේ රජයේ රැකියා... එ්කයි මේ විරැකියා කතාව...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 189 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 418 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 501 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 315 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 413 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 146 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site