IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘වතුකම්කරුවනට දිනක වැටුප 1000 ක් දෙන්න බෑ’


 
 
(රංජන් කස්තුරි)

 
වතුකම්කරුවන් ඉල්ලා සිටින පරිදි දිනකට රුපියල් 1000ක මූලික වැටුපක් කිසිසේත් ලබාදිය නොහැකි අතර වතු සමාගම්වලට ලබාදිය හැක්කේ දිනකට රුපියල් 600ක මූලික වැටුපක් පමණක් යැයි ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති සුනිල් පොහොලියද්ද මහතා කොළඹදී අද (25) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.


වතුකම්කරුවකු දිනකට රුපියල් 1000ක මූලික වැටුපක් ඉල්ලා සිටීම අසාධාරණ හා අතාර්කික යැයි ද එසේ දුනහොත් තේ කර්මාන්තය කඩා වැටී රටේ ආර්ථිකයට විශාල බලපෑමක් සිදුවිය හැකි බවද පොහොලියැද්ද මහතා කීය.


වතුකර්මාන්තය ආරක්ෂා කරගනිමින් කම්කරුවන්ට ද අසාධාරණයක් නොවන පරිදි ඔවුන්ට දිනකට රුපියල් 600ක් මූලික වැටුප ලෙස ලබාදීමට වතු හාම්පුතුන් යෝජනා කරන බවද ඔහු කීය.


දැනට වතුකම්කරුවකුට දිනකට ලැබෙන රුපියල් 805ක මුදල රුපියල් 940ක් දක්වා ඉහළ නැංවීමට වතු හාම්පුතුන් යෝජනා කරන නමුත් ඊට කම්කරුවන් හා වෘත්තීය සමිති එකඟ නොවීම අවාසනාවන්ත තත්වයක් යැයිද සුනිල් පොහොලියද්ද මහතා කීවේය.


නව යෝජනාවට අනුව වතුකම්කරුවකුගේ මාසික වේතනය රුපියල් 3375කින් ඉහළ යන බවද ඔහු පැවසීය.


මීට අමතරව තේ දලු කිලෝ 16ත් 18ත් අතර ප්‍රමාණයට වඩා වැඩිපුර නෙළන කම්කරුවන් සඳහා අමතර තේ දලු කිලෝවකට රුපියල් 28.75 බැගින් ගෙවීමටද යෝජනා කර තිබේ. 


එම තීරණයට අනුව දිනකට නියමිත ප්‍රමාණයට වඩා තේ දලු කිලෝ 3ක් නෙළන කම්කරුවකුට ඒ සඳහා මසකට රුපියල් 1000ක අමතර මුදලක් ලැබෙන බවද සභාපතිවරයා සඳහන් කළේය.


මීට අමතරව වතුකම්කරුවන්ට පහසුකම් සැපයීමට වතු සමාගම්වලට සිදුවන අතර ඒ සඳහා එක් කම්කරුවකු වෙනුවෙන් දිනකට රුපියල් 125ක් වැනි මුදලක් වැය කෙරෙන බවද ඔහු කීය.



අදහස් (7)

‘වතුකම්කරුවනට දිනක වැටුප 1000 ක් දෙන්න බෑ’

kap Thursday, 25 October 2018 11:42 AM

මේ මිනිස්සුන්ට දෙන දීමනා වැඩි කරලා නිෂ්පාදනය වෑඩි කරගන්න. අනික ඒ මිනිස්සු ජීවත් වෙන්නෙ අපායවල් වල. පෙරිය දොරේ, සින්න දොරේ බන්ගලාවෙ ඉන්නවා.

:       0       0

sampath Thursday, 25 October 2018 01:01 PM

කිලෝ 18 කට රුපියල් 940 ක් කියන්නේ කිලෝ එකට රුපියල් 53 ක් ගෙවනවා. දැනට අමු තේ කිලෝ එකක මිල රුපියල් 72යි. පොහොර ගහලා නඩත්තු කලාම වතු හිමියාට ඉතුරුවෙන්නේ මොනවද? මෙයාලා කරන්න ඕනේ දවසට කිලෝ විස්සක් කඩලා 1000 ක් ඉල්ලන එක. එහෙම නැත්නම් වතු හිමියන්ට වෙන්නේ තේ වතු මෙයාලටම බාර දීලා නිකම් ඉන්න.

:       0       0

td Thursday, 25 October 2018 01:48 PM

වතුකම්කරුවන් ඉල්ලා සිටින පරිදි දිනකට රුපියල් 1000 ක මූලික වැටුපක් කිසිසේත් ලබාදිය නොහැකි අතර වතු සමාගම්වලට ලබාදිය හැක්කේ දිනකට රුපියල් 600ක මූලික වැටුපක් පමණක් යැයි ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති වරයා කියා සිටි. ලංකාවේ දැනට තේ වතුවල සේවය කරන පිරිස වැටුප් වැඩි වීම ඉල්ලන්නේ ඔවුන් වෙනුවෙන් සහ ඔවුන් ගේ පවුල් නඩත්තු කිරීම වෙනුවෙන්ය. ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය සහ රජය දුරබලා කටයුතු නොකළහොත් දැනට වතුකම්කරුවන් ලෙස සේවයකරන අයගේ දුදරුවන් නුදුරු අනාගතයේ තේ වතුවල සේවය කිරීම කෙසේවත් නොකර වෙනත් රැකියාවන් සදහා යොමුවනු අත.

:       0       0

rasika Thursday, 25 October 2018 02:21 PM

වතු කම්කරුවන්ට විතරක් නෙමෙයි ලංකාවේ බොහොමයක් රජයේ සේවකයන්ගේත් වැටුප් වැඩි කරන්න ඕනේ. බදු මිල ඉහල යනවා එත් වැටුප එතනමයි. විශේෂයෙන් රජයේ සේවකයන්ගේ වැටුප් විෂමතාවය නැති කරන්න ඕනේ.. අවුරුදු තුනක් කැම්පස් ගිහින් තවත් අවුරුදු ගානක් බලන් ඉදලා, ගුරු තරග විභාගයෙනුත් පස් වෙලා ගන්න ගුරුවරයෙක්ගේ වැටුප දිනකට රුපියල් 750- 900 අතර වෙන්නේ. එත් කවදාවත් ගුරුවරු වර්ජන පිකටින් කරලා නැහැ ඒ නිසාම ඔවුන්ට අයිතිවාසිකම් ලැබෙන්නේ නැහැ.

:       0       0

BamunuarachchiSaturday, 27 October 2018 11:39 AM

රටට සේවයක් වෙන්නේ නැති රජයේ සේවකයින්ට සත 5 වැඩිකරන්න එපා. පඩි වැඩිකිරීම වෙනුවට ජීවන වියදම පහත හෙලීමට කටයුතු කරන්න. එය රටේ සියලු දෙනාටම යහපතක් වෙන දෙයකි...

:       0       0

ක්‍රිෂාන්ත Thursday, 25 October 2018 02:31 PM

තේ වතු හිමියෝ ගෙදර ඉදන් සැප විදින්නේ, ඒ අයගේ දරු පරම්පරාවන් සැප විදින්නේ මේ මිනිසුන්ගේ දහමිස දිය නිසයි. අනිවාර්යයෙන් මේ මිනිසුන්ගේ පඩි වැඩි විය යුතුය. ඔච්චරම පාඩු ලබන වගාවක්නම් අයිතිකරුවෝ අතක් පයක් හොල්ලානේ නැතිව, සුර සැප විදින්නේ කෙසේද ? ගෙවන්න බැරිනම් , වතු ටික නැවත ආණ්ඩුවට ගත යුතුය .

:       0       0

nishantha Thursday, 25 October 2018 04:37 PM

ඉන්දියාවෙන් හෝ නේපාලයෙන් කම්කරුවන් ගෙන අවොත් අපේ නිෂ්පාදන පිරිවැය අඩුවී ලෝකයේ හොඳ තරගකාරී මට්ටමකට යලිත් අවතීර්ණ වී රටට වැඩි විදේශ විනිමයක් ගෙන ඒමට හැකිවේවි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 266 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 221 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 173 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 470 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 958 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 149 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1713 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1555 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site