IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


වැඩබලන ඇමරිකානු තානාපති - දේශපාලන අංශ ප්‍රධානී කතානායක හමුවෙති

(ඩයනා උදයංගනී)

ශ‍්‍රී ලංකාව පත්ව  ඇති අස්ථාවරභාවයට පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළින් ඉක්මන් විසඳුමක් සොයාගනු ඇතැයි යන්න ඇමෙරිකාවේ  අපේක්ෂාව  බව ශ්‍රී ලංකාවේ එරට වැඩ බලන තානාපති රොබට් හිල්ටන් මහතා කතානායක කරු ජයසූරිය මහතා හමුවේ ප‍්‍රකාශ කර තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ වැඩබලන තානාපති රොබට් හිල්ටන් සහ ඇමෙරිකා තානාපති කාර්යාලයේ දේශපාලන අංශ ප‍්‍රධානී ඇන්තනී රෙන්සුල්ලි යන  මහත්වරුන් අද (29) පාර්ලිමේන්තුවට පැමිණ කතානායක කරු ජයසුරිය මහතා හමුවූ අවස්ථාවේ මේ බව සඳහන් කර ඇත.

මෙහිදී ඇමෙරිකා නියෝජිත දෙපල සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ උද්ගත වු තත්වය පිළිබඳව  තමන්  විමතියට පත් වු බවත්, ඒ පිළිබඳව  ඇමෙරිකා  රජයේ දැඩි සැළකිල්ල යොමු වු බවත්ය.

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (9)

වැඩබලන ඇමරිකානු තානාපති - දේශපාලන අංශ ප්‍රධානී කතානායක හමුවෙති

sirimal Monday, 29 October 2018 11:27 AM

කතානායක තුමා මහනායක හිමිවරුන් හමුවූ අවස්තාවේදී ලබන සිකුරාදාට කලින් පාර්ලිමේන්තුව කැඳවීමේ හැකියාවක් ඇතිබව පවසුවායැයි වාර්තා උනා. එහෙම උනොත් පාර්ලිමේන්තුවට අවස්තාවක් ලැබේවි දෙකෙන් එකක් තෝරා බේරා ගන්න. හැබැයි ඉතින් එදාට පාර්ලිමේන්තුව පවත්වාගෙන යාහැකි වාතාවරණයක් තිබුනොත් පමණයි. දැනට ලංකාවේ වාර්තා නොවෙන පිටින් දැනගන්නට ඇති තොරතුරු අනුව නම් එහෙම වෙයි කියල හිතන එකනම් අමාරුයි.

:       28       337

sirimal Monday, 29 October 2018 11:37 AM

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 126 දෙනෙකු අත්සන් කරන ලද ලියවිල්ලක් අද කථානායකතුමන්ට බාරදෙනු ලැබු බව රනිල් වික්‍රමසිංහ පවසා තිබෙනවා. එම ලියවිල්ල මගින් පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මණින් පාර්ලිමේන්තුව කැඳවා ව්‍යවස්ථානුකූලව මෙම දේශපාලන අර්බුදය විසඳන ලෙසටයි. මේ පිළිබඳව වික්‍රමසිංහ මහතා කියා ඇත්තේ "ශ්‍රී ලංකාවේ අගමැතිවරයා ලෙස මා ඉල්ලා සිටින්නේ මෙම දේශපාලන අර්බුදයට සම්බන්ධ සියලු පාර්ශවයන්ට රටේ උත්තරීතර ව්‍යවස්ථාදායකය වන පාර්ලිමේන්තුවට පැමිණ රටේ සාමය, ස්ථාවරභාවය හා ජනතාවගේ ස්වාධිපත්‍ය ආරක්ෂා කර දෙන ලෙසටයි. මා බලාපොරොත්තු වනුයේ කථානායකතුමා විසින් එතුමන්ගේ බලතල භාවිතා කොට හෙට හෝ අනිද්දා දින පාර්ලිමේන්තුව කැඳ වාවී කියයි" යනුවෙනි.

:       1       36

iron Monday, 29 October 2018 12:29 PM

විමතිය නොව පිස්සු හැදෙනවා. ලෝකයේ ප්‍රථම රට අගමැතිවරු 2 ක් උදේට එක අගමැති කෙනෙක් රැට එක්කෙනෙක්... ශිප්ට්වලට නම් තව කෙනෙක් ඕනෑ... එතකොට 3යි නියමයි.

:       0       322

සමන්ත Monday, 29 October 2018 01:25 PM

ආරංචියේ හැටියට හමුදාව සහ පොලිසිය දාලා පාර්ලිමේන්තුව අවහිර කිරීමේ සැලැස්මක් තියෙන බව ආරංචියි. ඒකත් දැනගෙන වැඩ කළා නම් තමයි හොඳ.

:       54       171

Saththaya Monday, 29 October 2018 01:58 PM

ලාංකිකයින් හැටියට අපිට ලැජ්ජයි කියන්න. අපේ රට හදන අයගේ උගත්කම, හැසිරීම ගැන... මහත්මා ගුණයක් කොහේ තියෙනවද? බල පෙරේතකම... මොකද තමන්ගේ බූදලයෙන් නෙමේ.. සමාජ සේවය කරලා තියෙන්නේ... මහජනතාව හූරා කාලා. බැලින්නම් ජනතාවගේ මුදල් හූරා කාලා ඔවුන්ගේ වත්කම් හිතුමතේ වැඩිකරගෙන දැන් ඒවායින් ගැලවෙන්න ත්‍රස්තවාදී කුමන්ත්‍රණ දියත් කරනවා. අවසානයේ තවත් බැටකන්නේ හොරුන්ගේ ජොලි බදු ගෙවන ජනතාව. යන්න එන්න වාහනයක්වත් තිබිච්ච නැති අයට අද පිටරටවල දේපල. හැමදාම ඉල්ලා සිටින්නේ හෙන හතම ගහන්න ඕන කියලයි.

:       1       120

සතයපාල Monday, 29 October 2018 04:31 PM

විමතියටවත් කණගාටූවටවත් පත් වෙන්න අවශය නැහැ මේක ලෝකයෙන්ම උතුම් රටනේ. මෙහේ වැඩ වෙන්නේ මෙහෙම තමයි.

:       56       271

sg Monday, 29 October 2018 06:23 PM

අනවශ්‍ය බාහිර රටවල මැදිහත් වීම වහාම නැවැත්වීම හොඳයි. මොවුන් අපේ ගැලවුම්කාරයෝ නොවෙයි.

:       30       234

rs Monday, 29 October 2018 06:53 PM

මෙයාලාගේ මැදිහත්වීම වහාම නවත්වන්න ඕනේ. මෙයාලා කියනදේ ඇහුවනම් යුද්දේ තාම තියෙනවා.. ප්‍රභාකරන් දකුණේ බෝම්බ පුපුරවනවා..

:       0       0

දිලුම් Tuesday, 30 October 2018 03:27 AM

මොවුන් එන්නේ අ‍පිට තියන ආදරේට වෙන්න ඇති. අනේ පුළුවන්නම් තව අවුලයි. මුන්ට දුක වෙන මොනවටවත් නෙමෙයි තමන්ට නටවන්න පුළුවන් රනිල්ව නැති වෙච්ච එකට. සෞදිය පණපිටින් මිනිස්සු මරල බෑග්වල දාල යනවා ඒවට කථා නෑ. මේ අය එනවා අපේ රටටම හොට දාන්න.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 343 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 715 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 882 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 478 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 531 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 190 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site