IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ලංකාවේ විශාලතම මත්කුඩු තොගය සමඟ දෙදෙනෙකු අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
රුපියල් මිලියන 2945ක් වටිනා හෙරොයින් මත්කුඩු කිලෝ 294යි ග්‍රෑම් 490ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
 
මෙම මත්කුඩු තොගය මෙතෙක් සොයාගත් විශාලතම මත්කුඩු තොගය බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
 
ඊයේ (23) රාත්‍රියේ සුපිරි වෙළද සංකීරණයක රථ ගාලකදී සැකකරුවන් දෙදෙනා මත්කුඩු සහ වෑන් රථ දෙකක් ද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
 
සැකකරුවෝ දෙදෙනා පානදුර කෙසෙල්වත්ත පදිංචිකරුවෝ වෙති.

(ඡායාරූප - ශාන්ත රත්නායක)



අදහස් (33)

ලංකාවේ විශාලතම මත්කුඩු තොගය සමඟ දෙදෙනෙකු අල්ලයි

sam Sunday, 24 February 2019 04:34 AM

ලංකාවේ නීතිය අනුව අල්ලා ගත් මත්කුඩු, ඒ සම්බන්ධ නඩුව අවසාන වී, ඒ නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමේ කාලසීමාවත් පසුවන තෙක් උසාවිය භාරේ තිබිය යුතු වෙනවා. මේ ක්‍රියාදාමය ආරක්ෂාකාරී නැති බවට පිළිගැනීමක් මහජනතාව අතර තියනවා. ඒ නිසා විශාල කුඩු තොග වල රස පරීක්ෂක වාර්තාව සහ ප්‍රමාණය ගැන උසාවියේදී තර්ක කල නොහැකි බවට නීති සම්පාදනය කොට කුඩු තොගය ඉක්මනින්ම විනාශ කිරීමට කටයුතු කරන එක හොඳයි. ලංකාවේ නඩු භාණ්ඩ ගබඩාව කඩාපු නැති උසාවියක් හොයන එක පටාචාරා අබ හෙව්වාටත් වඩා අමාරුයි.

:       300       500

හිච්චි මල්ලිSunday, 24 February 2019 06:17 AM

කතාව ඇත්ත. ඒත් අබ හෙව්වේ පටාචාරා නෙමේ කිසා ගෝතමීයයි.

:       92       174

samSunday, 24 February 2019 07:30 AM

හිච්චි මල්ලි, ඔබ හරි, මට නම පැටලුණා.

:       0       26

NeelakaSunday, 24 February 2019 07:54 AM

එතකොට සිදුහත් කුමාරයා පොඩිකාලේ රැකබලාගත්තේ පටාචාරාද?

:       282       111

NeelakaSunday, 24 February 2019 08:52 AM

සමාවෙන්න, හිච්චි මල්ලි මටත් පැටලුනා, ඔබ හරි.

:       0       0

MaheeSunday, 24 February 2019 10:02 AM

හිච්චි මල්ලි, ඔබ සෑම් නිවැරදි කරන හැටි දැක්කාම මට පොඩි එවුන් දෙන්නෙකුගේ කතාවක් මතක් වුණා. පොඩිම පොඩි කෙනා රෝදයක් පෙන්නලා අයියට මෙහෙම කියනවා. "අයියේ, මේ රෝදෙ හෙමින් කැරකෙන්නේ". අවුරුදු තුනේ අයිය මල්ලිව මෙහෙම නිවැරදි කරනවා. "ලෝදෙ නෙමෙයි මල්ලි, සෝදෙ, සෝදෙ".

:       0       5

Cisco Sunday, 24 February 2019 04:40 AM

ඒ වෙනුවෙන් කැපවී ක්‍රියාකළ අයට අපගේ ප්‍රණාමය පුද කරන්නෙමු. මට ප්‍රශ්නේ මේ අල්ලන කුඩු වලට මොකද වෙන්නේ කියලා?

:       0       174

Mahee Sunday, 24 February 2019 04:45 AM

මං මේ උඩින් තියනවා නොවෙයි. එයාගේ දාහක් වැරදි ඇති. නමුත් පොලිසිය ජනාධිපතිතුමා යටතට ගත්තට පස්සේ යමක් කෙරෙන බව පේනවා.

:       5       2037

සුපුන් Sunday, 24 February 2019 04:51 AM

ජනපතිතුමනි එල්ලුම්ගහට කඹේ ගේනකන් බලන් ඉන්න එපා අත් දිග කමිසයක් අඹරලා අරන් හරි එල්ලන්න.

:       0       236

Raveendra Sunday, 24 February 2019 05:04 AM

මේ රොටි හදන්න ද ආප්ප, කැද හදන්න ද මෙච්චර ? රටක් ජාතියක් මෙන්ම එම රටේ අනාගත පරපුරක් විනාශ කිරීමට උදව් දෙන සියලුම පාපතරයන් සමාජයෙන් ඉවත් කලයුතුමය. එමගින් පවක් නොව පිනක් සිදුවන්නේය.... අහෝ අපේ අනාගත පරපුර....

:       0       305

abaranSunday, 24 February 2019 06:05 AM

එහෙම කොරලා කොහොමද මහත්තයෝ...පාර්ලිමේන්තුවෙන් බාගයක්ම සමාජයෙන් ඉවත් කලාම අපේ රට පාලනය කරන්නේ කවුද ?

:       1       125

karthini Sunday, 24 February 2019 05:18 AM

කොහොමද දශමයටම කිරුවේ?

:       134       39

priyantha Sunday, 24 February 2019 05:25 AM

මෙච්චර කාලයක් පොලිස් දෙපාර්තමේන්තුව මොනවද කලේ ජනාදිපති තුමා පොලිසිය භාරගන්නකන් කිසිකෙනෙක් වැඩක් කරලා නෑ

:       359       2967

senaSunday, 24 February 2019 07:45 AM

හදිස්සි වෙන්න එපා. බලමු මේ ප්‍රවණතාවය කොච්චර කාලයක් තියෙයිද කියන එක... කොහොම නමුත් මේ කරන පොලිස් නිලධාරීන්ට අපේ ප්‍රණාමය හිමි විය යුතුමයි.

:       16       61

smn Sunday, 24 February 2019 05:35 AM

මේක දැන් සාමාන්‍ය ප්‍රවෘත්තියක් බවට පත්වීගෙන එනවා …. අපිටත් අහල අහල එපාවීගේන එනවා ….. විශාලම මත්කුඩු ප්‍රමාණය මොනතරම් ඇල්ලුවත් ඇල්ලුවට පස්සෙ ඒවාට මක්වෙනවද, සත්තකින්ම විනාශ කෙරෙනවද, ඒ කොහොමද, කවදද, කොහේද… මේ කරුණුකාරණාත් දැන ගන්නට තියෙනවනම් ලොකු දෙයක්..

:       138       99

saman perera Sunday, 24 February 2019 05:41 AM

ලංකාවට මේවා ගෙනාවේ කොහොමද හොයන්න ඕන ගුවන්නින් ද මුහුදින්ද ?

:       0       41

Raveendra Sunday, 24 February 2019 05:45 AM

මෙවන් විශාල මෙන්ම කුඩා ප්‍රමාණයට මත්ද්‍රව්‍ය වෙළදාම වැඩිපුර සිදු කරන්නේ කව්රුන්ද යන්න ලංකාවාසීන් සියල්ලෝම හොදින් අවබෝද කරගෙන සිටිනු ඇතැයි අප විස්වාස කරන්නෙමු. මෙමගින් රටක අනාගත පරපුර විනාශ කර එම රට නන්නත්තාර කිරීමෙන් " තම තමන්ගේ "යටි අරමුණු සාර්ථක කරගැනීමේ දිර්ගකාලින වැඩ පිළිවලක් " බව අපගේ රටේ පාලන අදිකාරිය තවද මෙහිදී අප දකින ඉතාම අවාසනාවන්ත කරුණු වන්නේ රටක්, ජාතියක්, අනාගත පරපුරක් විනාශ කරන මෙම පාපතරයන් දන්නවා ලංකාවේ කිසිදිනම මරණ දඩුවම ක්‍රියාත්මක නොවෙන බව.

:       0       1870

Raveendra Sunday, 24 February 2019 05:49 AM

කබ ඕනෙම නැහැ "වානේ කම්බිත් " වැඩේට නං අව්ලක් නැහැ.... කෝදුරු තෙල් ඕනෙම නැහැ, කුකුල් තෙල් වලින් වැඩේ කරගන්න පුළුවන් "කරනවා නම්"

:       29       174

menna Sunday, 24 February 2019 06:34 AM

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී කුඩු බෙදා හැරීමේ කේන්ද්‍රස්ථානයවූ ජනරජය. හිපිප් හිපිප් මත්වේ, හිපිප් හිපිප් මත්වේ.

:       1       23

තරස්තයා Sunday, 24 February 2019 06:45 AM

මෙතැනදී වැඩ කාරයෝ කියන කොටසකට කඩේ යාම , මුලාවක් . අවංකයි කියා ගන්නා අය මෙපමණ , ගණන් හිලව් නැති බුදලයක් හොයා ගත්තේ කෙසේද ? පවුල් වල එකිනෙකාට කොච්චර වත්කමක් තියෙනවද ? තවත් බුදලය වැඩි කරගන්නේ මොකටද ? මේවා අද ඊයේ පටන් ගත්තු වියාපාරද ? ඒ මුදල් වලින් සහ පාතාලේ සාමාජිකයින් යොදවල තමයි චන්ද දිනලා තියෙන්නේ . ආයේ සීනි බෝල කතා වලට රැවටුනොත් අනාත වෙන්නේ මේ රටේ ජනතාව තමයි . දැන් රජයේ නිලදාරින්ටත් අවංකව සේවය කරලා වැඩක් නැති නිසා , කරන්න සිද්ද වෙලා තියෙන්නේ මුදලට යට වෙන්නයි . අඩු ගානේ තමන්ගේ පව්ලටවත් කරදරයක් නැතුව ජීවත් වෙන්න . එක තමයි ඇත්ත .

:       0       470

Saththaya Sunday, 24 February 2019 06:50 AM

මත් කුඩුත් අල්ලනවා කියමුකෝ අර හංගාගෙන ඉන්න ෆයිල් ටික එලියට එන්නේ කවදාද ? අවංක අය ලංකාවේ ඉන්නවද කියල හොයන්න පුළුවන් එතකොට . මේවට කියනවා බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ කියල

:       57       484

මංජුල බිරැට් Sunday, 24 February 2019 07:04 AM

මම හිතන්නේ මේවට සම්බන්ධ දේශපාලනය කරන අයම තමයි. මේවාගෙන් කන් හැන්ද ගානේ බෙදුවත් මුලු ලංකාවටම දෙන්න පුලුවන්...

:       0       221

Kumara Sunday, 24 February 2019 07:54 AM

ඔය අල්න ඒවට, සයනයිට් කලවන් කරලා ආපහු දෙන්‍න ඕනේ, එතකොට කුඩ්ඩො ටික මැරිලා ගියාම.., කුඩු ප්‍රශ්නය ඉවරයි..

:       11       113

SewanSunday, 24 February 2019 09:21 AM

සයනයිට් දාන්න ඕනේ ගේන උන්ටයි, විකුණන උන්ටයි.

:       0       20

Amila Sunday, 24 February 2019 09:57 AM

එතකොට මේක අර මහමත්කුඩු ජාවාරම් කාරයා වන මදූෂ්ගේ නෙමේද? පේන විදියට එක්කෝ මේ මදූෂ්ලා වගේ චරිත පෙන්න පෙන්න ප්‍රබල දේශප‍ාලකයෙක් හෝ දේශප‍ාලකයෙක්ගේ පවුලේ කෙනෙක් මේ කුඩු ගෙන්වන්නේ... අන්න ඒ මිනිහා අල්ලලා එල්ලනතුරු මේ කුඩු කොච්චර ඇල්ලුවත් හෝ මදූෂ් වගේ ඉත්තෝ එල්ලුවත් ඉවර වෙන්නේ නෑ.

:       0       121

mf Sunday, 24 February 2019 10:07 AM

අපොයි..., මේවා ඇල්ලුවේ නැතිනම්, පාන්පිටි වෙනුවට කුඩුවලින් රොටි පුච්චන්න තිබුණා. තව අවුරුද්දකින් ලංකාවේ. මේ අයට නඩු නැතිව එල්ලලා මරන්න වටින්නේ.

:       0       25

isurandi Sunday, 24 February 2019 10:50 AM

මොනවා නැතිවුණත් අනාගතයේදී අපේ රටේ ප්‍රධානම නිෂ්පාදනය වන්නේ මේ කුඩු... රට කුඩේ කුඩු එතකොට....

:       0       19

S.exzeezan lavoos fernando Sunday, 24 February 2019 03:17 PM

කතාව ඇත්ත ....

:       0       0

Chanda dayakaya Sunday, 24 February 2019 03:50 PM

අහුවුණේ ළමයි දෙන්නෙක් නිසා මේකට සම්බන්ධ දේශපාලකයා හිතාගන්න පුළුවන්..

:       0       132

rizwan Monday, 25 February 2019 03:50 AM

ජනාධිපතිතුමනි! කරුණාකර මෙවැනි අදම තිරිසනුන් වහාම එල්ලා දමන්න. නඩු කියන්න ගියොත් මුන් කොහොම හරි මොන මගඩියකින් හරි එලියට එන එක සිකුරුඉ. මේවල අවසානයක් දකින්න ඕනේ. අපේ රට මේ විදියට මේ තිරිසන්නු හින්ද විනාස වෙන එක බලන් ඉන්න බැහැ. අනිත් එක්ක මුන්ගේ පරම්පරා හතක බූදල් රාජසන්තක කරලා මහා පාරේ හිඟ කන්න දෙන්න ඕනේ. මොකද මේ සල්ලි කවදාවත් උන්ගේ නම් වලින් ගිණුම් ගත කරන්නේ නැහැ. ඒ නිසා හත් වරිගෙක බූදල් රාජසන්තක කරන්න ඕනේ.

:       0       0

amarabandu Monday, 25 February 2019 04:29 AM

ට්‍රාන්ස්පොර්ටෙර්සලා විතරක් අල්ලලා මදි

:       0       0

අබ්දුල් රාසික් Tuesday, 26 February 2019 02:11 AM

හිත හිතා ඉන්නකොට බස් එක ගිහින් අහවරයි. ඊට පස්සේ ඇප දීලා එලියට දමාවි. මේ අයට හරියන්නෙම ෂරියා නීතිය තමා හරියන්නේ.

:       0       0

rohana kumara mendis Thursday, 28 February 2019 06:13 PM

මේවා එන්නේ ඉරෙන්ද හදෙන්ද ?නෑනේ ඔය එන්නේ සේරම අපිට පල් පාර්ට් දාන ශ්‍රීලංකා රේගුව හරහානේ .අහිංසක අපි මොනා හරි ගෙනාවොත් අපිට මාර පල් පාර්ට් දඩ ගහලා හිරේ විලන්ගුවෙත් දානවා.අනික ඔය අල්ලන අල්ලන ඒවා විනාශ කරනවානම් කොහෙන්ද මේවා එන්නේ.අනික දැන් ඕවා ඇතුලේ පාන් පිටි තියෙනවද කව්ද දන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 364 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 754 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 915 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 501 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 548 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 195 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site