IMG-LOGO

2024 මැයි මස 11 වන සෙනසුරාදා


රන්ජන් බාරදුන් හඬපට පහේ සංවාද 9 ක්

( +++ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තුවට බාර දෙනු ලැබූ හඬපට පහ ලබන සතියේ දී මැතිසබයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ හඬපටවල අසභ්‍ය හා ජාතික ආරක්ෂාවට හානිකර කොටස් ඉවත් කර ඒවා මැතිසබයට ඉදිරිපත් කළ හැකි බවට ඒ හඬපට පරික්ෂාවට  පත් කෙරුණු මන්ත්‍රී කමිටුව කතානායක කරු ජයසූරිය මහතාට දැනටමත් නිර්දේශ ඉදිරිපත් කර ඇතැයි පාර්ලිමේන්තු නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

මන්ත්‍රී කමිටුවේ සාමාජිකයන් පෙරේදා (09) කතානායක කාර්යාලයේ දී මේ හඬපටවලට පැය දෙකකට වැඩි කාලයක්  සවන්දී ඇතැයි වාර්තා වෙයි.

මේ හඬ පට පහේ දුරකතන සංවාද 1ක් අන්තර්ගත වන බවත් ඒවායේ වැඩි වශයෙන් අඩංගු වී තිබුණේ ‘‘කුණුහරුප’’ බවත් හඬපට පරීක්ෂා කෙරුණු කමිටුවේ මන්ත්‍රීවරයෙක් ‘ලංකාදීප’යට පැවැසීය.

මේ හඬපට සංස්කරණය නොකර ඉදිරිපත් කළහොත් පවුල් අවුල් පවා ඇති විය හැකි බව ද ඔහු සඳහන් කළේය.

රන්ජන් රාමනායක මහතා විසින් මෙම හඬපට පාර්ලිමේන්තතුවේ හැන්සාඩ් කාර්යාලයට ඉකුත්දා බාරදෙනු ලැබීය.

ඒ අනුව පාර්ලිමේන්තු පක්ෂ නායකයන් රැස්වී ගත් තීරණයක් අනුව හඬපට පරීක්ෂා කිරීමට මෙම මන්ත්‍රී කමිටුව පත් කෙරිණ.

මෙම මන්ත්‍රී කමිටුවට යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු හන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්, මහනුවර දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ඇතුළත් වූහ.



අදහස් (7)

රන්ජන් බාරදුන් හඬපට පහේ සංවාද 9 ක්

maalaka Tuesday, 11 February 2020 05:50 AM

මන්ත්‍රී පවුල් අවුල්ද ? පාර්ලිමේන්තුවේ කුණුහරුපයි, වල්පලුයි ඇරෙන්ඩ වෙන දෙයක් කතා වෙනවද ?

:       0       52

Nimal Tuesday, 11 February 2020 07:15 AM

දුරකථන සංවාදයක් නිසා පවුල් අවුල් වෙන තරමේ පවුල් ජීවිතනම් මෙයාලා ගත කරන්නේ මොන ආදර්ශයක්ද එයාලට ජනතාවට දෙන්න පිළිවන් වන්නේ? මන්ත්‍රී වරුන් කියන අයගෙන් මේ රටට ලබන්න පිළිවන් ආදර්ශය කුමක්ද? ජනතාවගේ දාඩිය මහන්සියෙන් නොමිලේ කමින් බොමින්, සැප කුමාර ජීවිත නොමිලේ ගත කරමින් රටට පිළිලයක් වෙන අයගෙන් රටේ ජනතාවට මොන සෙතක් වේවිද? ඒ වුනාට හෙට අනිදා තාප්ප වල අලවන පෝස්ටර් වල ගහලා තියේවි අවංක, පිරිසුදු, චරිතවත්, සිල්වත් අහවලා දිනවමු කියලා.

:       0       78

RaveendraTuesday, 11 February 2020 08:27 AM

ඔබගේ අදහස් ඉතාම නිවැරදි සහ කාලෝචිතය.

:       0       4

විපරමාTuesday, 11 February 2020 10:30 AM

ඔබගේ අදහසට මාත් එකග වෙනවා. මොලේ උඩ ඉන්න අයට ඔය දේවල් තේරුම් ගන්ඩ බැරුවා.

:       0       0

Kusal Tuesday, 11 February 2020 08:48 AM

රන්ජන් කිව්වේනම් මහා වටිනා හඬපට වගයක් කියලා. ඒත් දැන් තියෙන්නේ ලිඳලග සංගමය.

:       0       36

sugath Tuesday, 11 February 2020 10:19 AM

අනේ ඔය හඬපට පාර්ලිමේන්තුවේ දැනට එපා. ඕවා අහල අපේ වාසුදේව මන්ත්‍රීතුමා නරක් වෙයි.

:       0       1

vidya Friday, 14 February 2020 06:03 AM

වාසුදේව පාර්ලිමෙන්ත්වෙදී කුණුහරුප කියපු එක රන්ජන් රාමනායක කල වරදටත් වඩා නරකයි .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපරාධ වැලකට සම්බන්ධ අයෙක් මාට්ටු
2024 මැයි මස 11 1 0

මෝදර, බ්ලූ මැන්ඩල්, මිහි ජය සෙවන, කොටහේන, මහභාගේ , රාගම යන ප්‍රදේශවල සිදු කළ අපරාධවලට ආධාර අනුබල දුන් බව කියන සැකකරුවෙක් මත්කුඩු ග්‍රෑම් 12ක් සහ මිලිග්‍රෑ


තිදරු මව දූෂණය කර මරා දමලා
2024 මැයි මස 11 33 0

මරදන්කේනි තලෙයිඅඩි ප්‍රදේශයේ කාන්තාවක දූෂණය කර ගෙල සිරකර ඝාතනය කර ඇතැයි මරදන්කේනි පොලිසිය පවසයි .


දිල්ලි මහ ඇමැති කෙජ්රිවාල්ට ඇප
2024 මැයි මස 11 127 0

දූෂණ චෝදනා සම්බන්ධයෙන්, මාසයකට වැඩි කාලයක් අත්අඩංගුවේ සිටි දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල්ට ඇප නියම කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය.


ඉන්දියාවට එන්නද? මාලදිවයින ජනපති අසයි
2024 මැයි මස 11 442 0

ඉන්දීයාවට වඩා දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහමඩ් මුයිසු ඉන්දීය සංචාරයකට කැමැත්තෙන් පසුවන බව පැවැසෙයි.


ෂාරුක්ගේ දියණියයි අමිතාබ්ගේ මුනුපුරයි
2024 මැයි මස 11 846 0

ෂාරුක් ඛාන්ගේ දියණිය සුහානා ඛාන් සහ අමිතාබ් බච්චන්ගේ මුනුපුරා වන අගස්ත්‍යා නන්දා පෙම්වතුන් යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.


ඇමෙරිකන් ජනාධිපතිවරණයට AI බාධාවක්
2024 මැයි මස 11 350 0

නොවැම්බරයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට අදාල මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී ඒ.අයි. තාක්ෂණය භාවිතයට ගැනෙන බැවින්, ජනතාව නොමඟ යැවීමක් සිදුවෙන බව ඇමෙරිකන් එෆ්.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 591 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2086 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1823 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site