IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


රාධ ක්‍රිෂ්ණන් යළි රනිල් ළඟට

තරිඳු ජයවර්ධන

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කළද එක්සත් ජාතික පක්ෂය හැර දමා නොයන බව කඳුරට ජනතා පෙරමුණේ නායක වී රාධා ක්‍රිෂ්ණන් මහතා අද (29) පැවසීය.
 
ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ලැබුණු ආරාධනාවක් අනුව ඔවුන් හමුවීමට ගිය බවත් ,  ඔවුන් හා කතා කළ ද ඔවුන්ගේ පැත්තට නොයන බවත් රාධා ක්‍රිෂ්ණන් මහතා කීවේය.
 
ඒ මහතා සහ ආනන්ද කුමාර් මහතා අද (29) රාත්‍රී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවි සාකච්ඡා කළ අතර  වික්‍රමසිංහ මහතාට සහයෝගය පළ කිරීම සඳහා   අත්සන් තැබූ බව දෙමළ ප්‍රගතිශීලී සංවිධානයේ නායක මනෝ ගනේෂන් මහතා ප්‍රකාශ කළේය. වික්‍රමසිංහ මහතා හමුවීමෙන් පසු රාධා ක්‍රිෂ්ණන් මහතා තවත් මැති ඇමැතිවරුන් පිරිසක් සමඟ අරලියගහ මන්දිරයේ දී මාධ්‍ය සාකච්ඡාවකට ද සහභාගී විය. මාධ්‍ය සාකච්ඡාවේ දී අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද කීවේය.
 
‘‘ අපි දෙමළ ප්‍රගතිශීලී සංවිධානය හැටියට හය දෙනෙක් පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. දේශපාලන පක්ෂ තුනක් එම සංවිධානය නියෝජනය කරනවා. එහි නායකයා තමයි මනෝ ගනේෂන් මහත්මයා. පහුගිය කාලයේ රාවයක් ගියා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සමඟ එක්වෙලා අද  ඇමැතිධුරවල දිවුරුම් දෙන්න යනවා කියලා.
 
ජනාධිපතිතුමා සහ මහින්ද රාජපක්ෂ මහතා අපිට ආරාධනා කළා. අපි ගිහින් කතා කළා. කතා කළා කියලා අපි ඒ පැත්තට ගියා කියන්න බෑ. අපි තරඟ කළේ එක්සත් ජාතික පක්ෂයෙන්. අපි දිගටම එක්සත් ජාතික පක්ෂයේ ඉන්නවා. අගමැතිවරයා වන්නේ මහින්ද රාජපක්ෂ ද රනිල් වික්‍රමසිංහ ද කියලා පාර්ලිමේන්තුවේදි බහුතරයත් එක්ක බලාගන්න පුලුවන්.‘‘ යැයි ද රාධා ක්‍රිෂ්ණන් මහතා කීවේය.

 



අදහස් (15)

රාධ ක්‍රිෂ්ණන් යළි රනිල් ළඟට

ඩී. ජයදේව Monday, 29 October 2018 03:37 PM

අන්න උදේ ආපු දෙන්නා නම් ආයේ ගිහිල්ලා ඇමැතිකම් අරන්...

:       4       164

sirimal Monday, 29 October 2018 03:40 PM

මේවට කොහෙන්ද දන්නේ නැහැ හිනාවෙන්නේ? ඔයවගේ රනිල් ලඟට ගිහින් මම "එහාට ගියේ අපේ පාරම්පරික සම්ප්‍රදායක් ඉටු කරන්න" කියපු මිනිහා මෙන්න බොලේ අද ඇමති කෙනෙක් වෙලා. අනිත් එක්කනා මාධ්‍ය සාකච්ඡා තියලා දිවුරලා කිව්වා මම රනිල්ට කියලා. එ්ත් අද ගෙම්බෙක් වගේ පැනලා ඇමති කමක් අරගෙන. දැන් ලංසුව රුපියල් හය ලක්ෂ පනස්දාහක් සහ ඇමතිකමක් කියලයි කියන්නේ. රවී ගැන දැන් ආයෙත් කතා බහක් ඇති වෙලා. මේ විදිහට හෙට වෙනකොට රනිල්, සජිත් එක්ක පැන්න කියලා අහන්න ලැබුනත් පුදුම වෙන්න දෙයක් නැහැ. ලංකාවේ දේශපාලනය මෙතරම්ම ජරාජීර්ණ වුනේ කොහොමද කියන එක තමයි ප්‍රශ්නය. කතානායකවරයා පාර්ලිමේන්තුව කැඳෙව්වත් සල්ලිවලට ප්‍රතිපත්ති පාවාදෙන මිනිස්සු සහ සල්ලිදීලා මිනිස්සු බිලිබාගන්න තරම් සම්පත් උපයාගෙන ඇති මිනිස්සු ඉන්නකල් මේ තත්වය වෙනස් වෙන්නේ නම් නැහැ. මේ රට නම් කවදාවත් හදන්න පුළුවන් එකක් නම් නෙවේ. හරිම කණගාටුදායක තත්වයක්.

:       119       1841

Ratne Monday, 29 October 2018 03:48 PM

ඉතා කණගාටුදායක තත්ත්වයක්. මන්ත්‍රී ධුර වෙන්දේසියේ විකිණෙනවා වගෙයි. නැවත මහ මැතිවරණයකට යාම ඉතා කාලෝචිත බව පෙනී යයි. 19 වැනි සංශෝධනය මඟින් එයට ද අවහිරතාවයක් ඇති කර තිබේ.

:       6       162

Nuwan Monday, 29 October 2018 04:05 PM

ඉන්දියාවට වඩා අපි රටක් විදිහට ඉදිරියෙන් හිටියා. නමුත් මේ දේශපාලුවෝ හින්ද මුළු ලෝකෙටම විහිළුවක් වෙලා.

:       1       209

sam Monday, 29 October 2018 04:28 PM

සහතික ඇත්ත සිරිමල්, ශ්‍රී ලංකාව අනාගතයේ කිසිම දේශපාලන නායකයෙක් යටතේ දියුණු රටක් බවට පත් නොවේ.

:       107       209

V.warnakulasuriya Monday, 29 October 2018 05:09 PM

ජනතාවෙනි, දේශපාලකයන් ගැන තේරුම් ගැනීමට ඉතා හොඳ මොහොතකි.

:       8       156

Amila Monday, 29 October 2018 07:06 PM

හෙට ආයිත් මහින්ද ගාවට යන්නත් බැරි නෑ ! මෙහෙමත් ජීවිත.

:       0       3

Sunil Monday, 29 October 2018 07:12 PM

මේ රටේ හැමදාම රැවටුණේ මහජනතාවයි. හැමදාම ඔවුන්ට තේරෙන්නේ නැති එකම දෙයත් එයයි එම නිසා හැමදාම දිනන්නේ දේශපාලකයන් පමණයි!!

:       0       4

rasika Monday, 29 October 2018 07:36 PM

19 සංශෝධනේ ගෙනල්ල රට අමාරුවේ දැම්ම. දුර්වල පාලනයක් බිහි වෙන්නේ.. මේකෙන් වාසි ගන්නේ බෙදුම්වාදීන් වගේම ලංකාවේ සම්පත් කොල්ල කන්න බලන් ඉන්න අනෙත් රටවල්. රනිල් මැතිවරණයකට යන්න බයේ ඉන්නේ. මෙතන ඔළුගෙඩි මාරු කරලා බලේ ගන්නගන්, මතිවරණයකට යන්න රනිල් එකඟ වෙන්න ඕනේ..

:       11       0

Perakum Monday, 29 October 2018 10:13 PM

ඉස්සර තිබුනා වගේ අපි පත් කරන මන්ත්‍න්රීට අපි දෙන ජනවරමෙන් පිට ගොස් ප්‍රජාතන්ත්‍ර විරෝධීව ලොකු පගාව ලැබෙන පැත්තට පනින්න බැරි විදියට ව්‍යවස්ථාව නැවත සකස් කරන්න කියලා අපි කොච්චර කිව්වත් ඒක කරන්න කිසිම දේශපාලන පක්ෂයක් කැමති නෑ. අපේම අවාසනාව...!

:       0       1

rocky Monday, 29 October 2018 11:57 PM

එක පක්ෂයකින් ඡන්දය අරගෙන වෙනත් පක්ෂයකට පැන්නොත් ආසනය අවලංගු වන නීතියක් ඉස්සර තිබුනා. දැන් කෝ? මේ වගේ අයට ජනතාව ඡන්දෙ දෙන්නේ කොහොමද? මේකම දූෂනයක්නේ? දෙයියනේ රටට ගිය කල! මැතිවරණ ක්‍රමයෙන් පලක් නැහැ! ව්‍යවස්ථාවෙන් පලක් නැහැ!

:       0       3

TD Tuesday, 30 October 2018 12:40 AM

එක්සත් ජාතික පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් තමන්ගේ නායක සහ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ආරක්ෂා කරමින් එතුමා වටා සිටීම අගය කල යුතුය. එපමණක්නොව අවස්ථාවාදී නොවී මුදලට තම පක්ෂය, පාක්ෂිකයා පමණක් නොව මන්ත්‍රීවරුන්වන ඔවුන්ගේ ආත්ම ගරුත්වය පාවා නොදී සිටීම ප්‍රශංසනීයයි. එක්සත් ජාතික පාක්ෂිකයන් ඔබගේ ක්‍රියාව අගය කරනු නොඅනුමානය. මහත්මා දේශපාලකයන් ලෙස මුදල්, සහ දුෂණය ඉදිරියේ නොසැලිසිටීම සහ ප්‍රතිපත්තිගරුකව සිටීමම එක්සත් ජාතික පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන් විසින් රටට ලබා දෙන්නේ ඉතා වටිනා ආදර්ශයකි.

:       10       25

Wannigama Tuesday, 30 October 2018 02:16 AM

අපේ රටේ තියෙන ජරාජීර්ණ දේශපාලනයේ ස්වභාවය දැන්වත් අපේ රටේ මිනිස්සු තෙරුම් ගතහොත් එය අපි ලබන ලොකු ජයග්‍රණයක්. අපේ ඡන්දයෙන්ම ගිහින් සල්ලි හම්බ කරනවා රටට ඕනම් දෙයක් වෙන්න කියලා. බඩගෝස්තරවාදී දේශපාලනයෙන් මේ රට කවදා ගොඩ ඒවිද. අපේ රටේ තේ දලු නෙලන අහිංසක මිනිස්සුන්ට රුපියල් 1000 වැඩි වැඩි කරන්න බැරි මිනිස්සු මේ කෝටි ගණන් එක රාත්‍රියෙන් හොයනවා. හැමදාම අහිංසක ජනතාව පටි තද කරගන්නන ඕනි. අපේ රට කවද දියුණු වෙයිද....

:       0       14

ramendra Tuesday, 30 October 2018 03:08 AM

මේ දවස්වල අපේ රටේ IPL ක්‍රිකට් තරගාවලිය වගේ මන්ත්‍රීවරු වෙන්දේසි වෙනවා, ජනතාව දැන්වත් තේරුම්ගන්න මේ දෙගොල්ලොම දේශපාලනයක් කරන්නේ, අපි වෙනුවෙන් නොවේ. අනාගතයේ අප සැවොම අපේ ඡන්දය බුද්ධිමත් විදිහට පාවිච්චි කරමු.

:       0       14

srilankan Saturday, 03 November 2018 01:30 PM

ඇත්තටම මේ මිනිස්සු දිහා බලනකොට මට හිතාගන්න බැරි, අැයි මිනිස්සු ජවිපෙට ඡන්දෙ දෙන්නේ නැත්තේ කියන එකයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 358 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 743 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 908 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 496 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 542 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 192 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site