IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රාජිත ඉන්ධන කූපන් වලින් ඉතිරි වූ ලක්ෂ 6 ක් රජයට බාරදෙයි

(රංජන් කස්තුරි)

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රාජිත සේනාරත්න මහතාට රජය මගින් ලබාදී තිබූ ඉන්ධන කූපන් පත්වලින් ඉතිරිව තිබූ රුපියල් ලක්ෂ 6 ක් වටිනා කූපන්පත් යළි රජයට බාර දී තිබේ.

කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශයට අද (21) පෙරවරුවේ පැමිණි රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා මහත්මිය සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය අමතා ස්තූතිය පළ කළ අතර ඉතිරිව තිබූ රුපියල් ලක්ෂ 6 ක් වටිනා ඉන්ධන කූපන්පත් ලේකම්වරියට බාර දුන්නේය.

තමන් ආරම්භ කළ ජනතා හිතවාදී සෞඛ්‍ය සේවාව තවදුරටත් කරගෙන යෑමට අලුතින් පත්වන සෞඛ්‍ය ඇමැතිවරයාට සහය ලබාදෙන ලෙසද එහිදී රාජිත සේනාරත්න මහතා කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය.  



අදහස් (19)

රාජිත ඉන්ධන කූපන් වලින් ඉතිරි වූ ලක්ෂ 6 ක් රජයට බාරදෙයි

Bamunuarachchi Thursday, 21 November 2019 12:47 PM

ඉන්ධන කූපන් විතරක් නොවෙයි තව ටික දවසකින් වාහනත් බාර දෙන්න වේවි.

:       3       13

chamath Thursday, 21 November 2019 01:01 PM

බොරු නාටකයක් දැම්මා නේද ඔහොම යන්නකෝ

:       1       16

සේනක Thursday, 21 November 2019 01:06 PM

මේ අවුරුදු හතරාමාරකට ඉන්ධන වලින් ඔච්චර නම්, අනිත් එවායින් කොහොම ගැහිල්ලක් ගහලා ඇතිද

:       14       17

Indunil Thursday, 21 November 2019 01:24 PM

බලන්නකෝ ඉතිං කොයි තරම් ජනතාවාදී අල්පේච්ඡ අවංක නායකයෙක්ද කියලා. මෙවැනි උත්තමයින්ව අපි රැකගත යුතුයි නේද?

:       22       16

Mahee Thursday, 21 November 2019 02:11 PM

මට නං හරි දුකයි. අනේ ඉතුරු වෙලා තිබිච්ච ලක්ෂ හයක්ම ආපහුත් දුන්නනේ. ඔන්න නියම ඇමතිවරු.

:       153       6

සමන් - ඕමානය Thursday, 21 November 2019 02:13 PM

ලක්ෂ 6 ක ඉතිරි වූ කූපන්? ඒ වගේ කී ගුණයක් වියදම් කරන්න ඇද්ද, මේ මැතිවරණයට රට වටේ දුවපු දිවිල්ලට? තව මොන මොන දීමනා ගන්නවා ඇතිද? මේවා ඔක්කොම, ඇමති වැටුපට අමතරව ලබා ගන්නා දීමනා නේද? මේවා මහජන මුදල් නේද? මොවුන් වැඩි හරිය කරන්නේ ජනපති හා අගමැති යන යන උත්සව වලට රොඳ බැඳගෙන යන එක. කිසිම මහජන සේවයකට නෙවෙයි. ගරු ගෝඨාභය ජනපතිතුමනි, දැන්වත් මෙම ඇමති මන්ත්‍රීවරුන්ට දෙන නිස්කාරන දීමනා නවතා දමන්න කාලය හරි. ඔවුන් ඔබතුමා පස්සේ නිස්කාරණේ උත්සව වලට යන එකටත් තහංචි දමන්න.

:       25       209

Bamunuarachchi Thursday, 21 November 2019 02:15 PM

පාවිච්චි කරන්න බය හිතුනා නේද? ඒත් ටැංකි පිරෙන්න ගහගන්න ඇති. ගෙදර තිබෙන බුලිවලටත් ගහ ගත්තාද?

:       16       135

senarath Thursday, 21 November 2019 03:50 PM

මේ අවුරුද්ද ඉවර වෙන්න තියෙන්නේ තව මාසයක් විතරයි. ඉන්ධන කූපන් ඉතුරු වුනා නම් කලින් අවුරුදු වලත් ඉතුරු වෙන්න ඕනේ.

:       0       83

ruchi Thursday, 21 November 2019 04:00 PM

පුදුම අවංකකමක් කවදාවත් නැතිව

:       0       73

චමින්ද Thursday, 21 November 2019 04:14 PM

ඕවට දැන් මිනිස්සු අන්දවනවා බොරු.

:       0       180

Kumar Thursday, 21 November 2019 04:19 PM

වෙන කවුරුවත් ඒ වගේ ඉන්ධන කූපන් ආපසු දෙන්නේ නැද්ද?

:       0       33

sam Thursday, 21 November 2019 08:50 PM

කොච්චර යටි මඩි ගහන්න ඇද්ද. ඕක බොරු සංදර්ශනයක්.

:       0       6

Raveendra Thursday, 21 November 2019 11:03 PM

දැන් එතකොට මෙච්චරකල් මේ අය ඉන්ධන වලින් මොනතරම් නම් නාස්ති කරන්න ඇද්ද?

:       0       35

Ratna P Thursday, 21 November 2019 11:55 PM

අර නැවු ටිකත් භාර දුන්නනම් හොඳයි නේද?

:       0       48

aruna Friday, 22 November 2019 04:12 AM

කව්රු මොනවා කිව්වත් රාජිත තරම් නිදහස් සෞඛ්‍යයට සේවයක් කළ ඇමති කෙනෙක් ඉතිහාසයේ නැහැ. අපක්ෂපාති අයෙකු ලෙස ඔබට සහ ඔබගේ සේවයට තුති.

:       14       0

eresh S kumara Friday, 22 November 2019 04:38 AM

නැවි ටික කවද්ද භාර දෙන්නේ.

:       0       0

Asoka Friday, 22 November 2019 04:48 AM

අනේ පව් අහිංසකයා. හරිම අවංකයි නේද ?

:       0       0

අප්පුහාමි මාමා Friday, 22 November 2019 05:11 AM

රට කාලා හක්කේ දත් අස්සෙ හිරවුන පොඩි කෑල්ලක් එළියට දාලා.

:       0       0

SARATH Friday, 22 November 2019 10:32 AM

මේ වගේ අය රටටම පිළිලයක් වෙලයි තියෙන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 241 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 198 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 167 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 444 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 904 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 147 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1713 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site