IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


රාජාංගනයේ එළවළු අස්වැන්න වගාබිමට පස් වෙයි

(***රාජාංගණය - නුවන් කුමාර)

තම එළවළු අස්වැන්න අලෙවි කරගැනීමට නොහැකිවීම නිසා එළවළු වගා විනාශකර දැමීමට තමන්ට සිදුවූ බව රාජාංගණයේ ගොවීහු කියති.

වගකිවයුතු පාර්ශ්වවලින් නිසි මැදිහත්වීමක් සිදු නොවීම නිසා තමන්ට මෙම ඉරණම අත්වූ බව ඔවුහු පවසති.

මහාපරිමාණයෙන් එළවළු වගාවේ නිරත වූ ගොවීන්ට වියදම් කළ මුදලින් හතරෙන් එකක්වත් ලබා ගැනීමට නොහැකිව තිබියදී  තමන්ට වගාව විනාශ කිරීමට සිදුවූ බව ඔවුහු පෙන්වා දෙති.

රටපුරා කොරෝනා වසංගතය පැතිරීයෑම නිසා රාජාංගණය ගොවිජනපදයේ එළවළු කොළඹට ප්‍රවාහනය කිරීමට නොහැකි වීමෙන් මෙම තත්ත්වය උද්ගත වූ බව ගොවීන්ගේ අදහසයි.

මහාපරිමාණයෙන් ගොවිතැන් කටයුතුවල නියලෙන ගොවියකු වන රාජාංගනයේ එච්.ටී. ධර්මරත්න මහතා මෙසේ පැවසීය.

මම මහා පරිමාණයෙන් වගාකරන කෙනෙක්. මේ පාරත් අක්කර 14ක එළවළු දැම්මා. අක්කර දෙකක විතරක් පිපිඤ්ඤා වගාකළා. කෙසෙලු‍ත් අක්කර දෙකක වගාකළා. මගේ පිපිඤ්ඤා වගාවට විතරක් බිම් සැකසීමේ ඉඳලා අස්වැන්න නෙළන කල් රුපියල් දෙලක්ෂ පනස්දහසක මුදලක් වැයවුණා.

 ඒ වුණාට මට රුපියල් 50000ක්වත් ගන්න බැරිවුණා. මම මේ වගාවලට කුඹුරු ගන්නේ එක අක්කරයට වී කිලෝ 600 බැගින් කුඹුරේ අයිතිකරුට දෙන පොරොන්දුවට. පිපිඤ්ඤා  විකුණාගන්න බැරිම තැන මම තීරණය කළා  වගා කරපු කුඹුර හාලා  වී වපුරන්න. හාන්න ආපු කෙනා වගාව දැකලා එයාට බැහැ කිව්වා. මගේ පපුව හෝස්ගාලා පත්තුවුණා. මාස ගානක් දුක්විඳලා අන්තිමට අත්වුණ ඉරණම තමයි ඕක.

මම කුඹුර හාලා වී වැපුරුවා. යායේ අනික් කුඹුරු වගාකරලා ගොඩාක් කල් . මම වී වැපුරුවාට කුරුල්ලන්ගෙන් බේරගන්නත් බැරිවෙනවා. කුඹුරු අයිතිකාරයට පොරොන්දු වුණ වී ටිකවත් දෙන්න පුළුවන් වුණොත් මට ඒක සැනසීමක්. විශ්වාස කරන්න කෙසෙල් අක්කර දෙකේ කෙසෙල් පැහිලා.

මම ඒ.ජී. ඔපිස් එකට කීවා කිසිම මුදලක් මට එපා ඒවා කපලා නැති අයට ගිහින් දෙන්න කියලා. ඒත් කවුරුවත් ආවේ නැහැ. අනික් ඉඩම්වල තියෙන්නේ බණ්ඩක්කා, පතෝල. වැටකොලු වගේ දේවල්. ඒවාට දාන්න වෙළෙඳපොළේ පොහොර නැහැ. ඒ වගාවලටත් රුපියල් ලක්ෂ 4ක් මේ වන විට වියදම් කරලා තියෙනවා. ඒවත් වතුරේ ගියා කියලා හිතහදාගන්න තමයි වෙන්නේ. අන්ත අසරණ වුණ ගොවීන්ට උරුම වෙන්නේ මහපාරේ හිඟාකන්න තමයි.

 

 



අදහස් (7)

රාජාංගනයේ එළවළු අස්වැන්න වගාබිමට පස් වෙයි

Samitha Senaka Aluthgamage. Wednesday, 20 May 2020 12:17 PM

කව්රු මොනවා කිව්වත් රටේ බොහෝ තැන්වල තත්ත්වය මෙහෙමයි. මේ මිනිසුන්ගේ සැබෑ තත්වය ගැන ගොළුවත රකින පක්ෂග්‍රාහි රූප පෙට්ටිකාරයෝ බලවතුන්ට කඩේ ගොස් වාසි ලබන ගමන් රට රවටන හැටි හරිම කැතයි...

:       0       3557

lalithm Wednesday, 20 May 2020 12:30 PM

ලංකාවේ ලොකුම ප්‍රශ්නය මැතිවරණයද? මේවා නොවෙයි... ඇත්තටම අපේ මිනිස්සුන්ට පිස්සු ඇති මේ ජරා දේශපාලුවෝ පස්සේ වැටිලා මොවුන් කියන බොරු අහගෙන ඉඳලා තව ඡන්දෙ දීලා පාර්ලිමේන්තුවට යවන්නේ.... අපේ රීරි මාංශය සූරාකන්න.

:       0       2507

කුමාර Wednesday, 20 May 2020 01:36 PM

ඔය මොනවා වුනත් ඡන්දෙ ආවම රට, ජාතිය බේරාගන්න ඕනේ කියලා ඔය කට්ටිය චන්දෙ දීලා මේ කට්ටියවම පත් කර ගන්නවා...

:       259       244

Chandana Wednesday, 20 May 2020 02:48 PM

එළවලු කුණු වුනත් මොකද දැන් අපිට රටක් තියනවානේ.

:       0       0

upali Kotte Wednesday, 20 May 2020 03:46 PM

අපි එළවලි නැතුව ඉන්නවා.ඔහෙ එළවලු විසි කරනවා. කොහෙද වැරැද්ද?

:       0       0

Damith Wednesday, 20 May 2020 09:32 PM

ලබන සැරේත් ඡන්දය දාන්න රට හදන්න..

:       0       0

ajith Thursday, 21 May 2020 02:20 AM

ගොවි මහත්වරුනි, දැඩිසේ දුක්විඳ වගාකර ලාභගත් ඵලදාව මෙලෙස විනාශ නොකර, කණ්ඩායම් වශයෙන් එක්වී ඔය එළවළු ගම්පහ, රත්නපුරය, කළුතර වැනි දිස්ත්‍රික්ක වලට රැගෙන එන ක්‍රමයක් හදාගන්න. විකිණිය හැකි ක්‍රම සකසා දීමට ගම්වාසීන් උනන්දු වෙනවා ස්ථීරයි. මේ දවස්වල අපට ලැබෙන එළවළු ඉතාමත් අඩුයි. තිබෙන ටිකත් කල් පසුවෙච්චි ඒවා.. මිලත් වැඩියි. කරුණාකර මේ ගැන සැලකිලිමත් වෙලා කටයුතු කරන්න.

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 337 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 701 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 863 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 474 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 524 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 188 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site