IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


’යුද හමුදාපතිට ඇමෙරිකාවෙන් පැනවූ තහනම ප්‍රමාණවත් නෑ’

(එෆ්.අස්ලම්)

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට ඇමෙරිකාවට ඇතුළුවීම වළකාලමින් තහනමක් පැනවීම පමණක් ප්‍රමාණවත් නැති බවත් යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවේ විමර්ශනය කර යුක්තිය ඉටුකළ යුතු බවත් දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු හා උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා පැවසීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වගකීම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය මාර්ගයෙන් ආරක්ෂක මණ්ඩලය වෙත යොමුකර ජාත්‍යන්තර අපරාධ අධිකරණය හමුවේ යුද අපරාධ හා මානව හිමිකම් චෝදනා විභාග කළ යුතු බවත් සිවාජිලිංගම් මහතා කීය.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ සිය පවුලට ඇමෙරිකා එක්සත් ජනපදය විසින් එරටට ඇතුළුවීම වළකාලමින් පනවා ඇති තහනම පිළිබද අද (17) මාධ්‍ය වෙත අදහස් පලකරමින් සිවාජිලිංගම් මහතා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සිවාජිලිංගම් මන්ත්‍රීවරයා මෙසේද කීය.

යුද්ධයේ අවසන් වකවානුවේ ශ්‍රීලංකා යුද හමුදාව යුද අපරාධ, මානව හිමිකම් කඩකිරීම්,බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් ආදී අපරාධ රැසක් සිදුකර තිබෙනවා. යුද හමුදාවේ 58 වන සේනාංකය බාරව එවක කටයුතු කළේ වත්මන් යුද හමුදාපතිවරයායි. යුද්ධය නිමවී වසර දහයක් ගෙවී ගියත් ශ්‍රී ලංකා රජය සිදුවූ දෙමළ ජන සංහාරයට යුක්තිය ඉටුවුණේ නැහැ.

අපි ගතවූ දස වසරක කාලය පුරාම ජාත්‍යන්තරයට බලකර සිටියේ ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහායෙන් හමුදාව විසින් සිදුකළ මෙම අපරාධ ගැන ජාත්‍යන්තර විනිසුරුවරුන්ගෙන් සමන්විත ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරියේ විමර්ශනය කර යුක්තිය ඉටුකළ යුතුයි කියලයි. මන්ද ශ්‍රී ලංකා රජයෙන් දෙමළ ජනතාවට යුක්තිය ඉටුවනු ඇතැයි කියල කිසිදු විශ්වාසයක් නැහැ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය 2015 වසරේ යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු 30/1 අංක දරණ යෝජනාවක් ශ්‍රී ලංකා රජයේ සම අනුග්‍රහය ඇතිව සම්මත කලේ දේශීය නෛතික යාන්ත්‍රණයක් තුළින් යුද සමයේ සිදුවීම් ගැන විමර්ශනයක් සිදුකරන්න. නමුත් එයින් කිසිදු ඵලක් වුනේ නැහැ.ජිනීවා කවුන්සිලයත් ශ්‍රීලංකා රජයේ කීමට අවස්ථා දෙකකදී දෙවසර බැගින් කාලය ලබා දුන්නා ඒ යෝජනාව ක්‍රියාත්මක කරන්න.එය වැරදි වැඩක් විදිහටයි මම දකින්නේ.

මෙවන් තත්වයක තමයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට ඇමරිකා එක්සත් ජනපදය එරටට ඇතුළු වීම වළකාලමින් තහනමක් පනවා තිබෙන්නේ. ඔහුට හා හමුදාවේ නිලධාරීන්ට එල්ල වන යුද අපරාධ මානව හිමිකම් කඩවීම් ආදී චෝදනා  පිළිබඳ ඇති සාක්කි සහ සාධක පදනම් කරගෙනයි එම තහනම පනවල තිබෙන්නේ. එය අගය කළ යුතු කරුණක් වුනත් අපේ ඉල්ලීම යුද අපරාධ හා මානව හිමිකම් කඩකරමින් අපට සිදුකළ අයුක්තියට ජාත්‍යන්තර විනිසුරු මඩුල්ලකින් සමන්විත ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් ඉදිරියේ සාධාරණ විමර්ශනයක් කරමින් අපරාධකරුවන්ට දඩුවම් පනවමින්  යුක්තිය ඉටුකළ යුතුයි යන්නයි.



අදහස් (13)

’යුද හමුදාපතිට ඇමෙරිකාවෙන් පැනවූ තහනම ප්‍රමාණවත් නෑ’

උපුල Monday, 17 February 2020 10:07 AM

ඔය කියන ප්‍රමාණවත් දේවල් දෙන තැනකට යනු, යුද හමුදාපති රකින්නේ සියලු ශ්‍රී ලාංකිකයින් පමණයි. ශ්‍රී ලාංකිකත්වය පරයා දමිලත්ත්වය හදවතට දැනෙන නුඹ වැන්නන් රටින් පිටුවහල් වියයුතුයි. මුස්ලිම් බෝම්බය වැදිච්ච වෙලාවේ අපිට ආරක්ෂාව දෙන්න කියල හමුදාවෙන් දනින් වැටී ඉල්ලලා විවිද අවස්ථාවල හිතෙන හිතෙන වෙලාවට නුඹලාගේ මුඛයෙන් කියන දේවල්වලට අනුව කටයුතු කිරීමට පුලුවන්වෙයි යැයි බලාපොරොත්තුවන ගැලපෙන රටක් හොයා ගනු. තම රට පාවා දෙන මෙවැනි අය වහාම අත්අඩංගුවට ගත යුතයි.

:       9       1132

prasadMonday, 17 February 2020 02:23 PM

කොටින් කල ඝාතන මිනිස් ඝාතන නොවේද? අහිංසක මිනිස්සුන්ට කඩුවෙන් කෙටීම, පොලිසියේ , හමුදාවේ නිලධාරීන් මැරීම කොටින්ගේ අයිතිවාසිකමක්ද? මේ මිනිහා තවම බුරන්නේ ඊළම වෙනුවෙන් .ශවේන්ද්‍ර සිල්වා වැනි කීර්තිමත් නිලධාරියෙකුට ඇමෙරිකාවට යාමට අවශ්‍ය නැත . ඔහුට ලංකාවෙන් ලැබෙන ප්‍රශංසා සහ කිර්තිය ඔහුට සතුටින් මෙහි ජීවත්වීමට අවස්ථාව සලසනු ඇත .

:       0       3

beau Monday, 17 February 2020 10:16 AM

රටේ ඒවම කාලා අපිටම අපල කරනවා.

:       1       134

sigthi Monday, 17 February 2020 10:45 AM

ඔයාට රට ගැන හැගීමක් තිබුන නම් වසර 30ක් මිලේච්ච කොටින්ට හුලන් ගහවිද ? අපිට අපේ රට බේරා දුන් රණවිරුවන් වටිනවා.

:       1       170

Naushad Monday, 17 February 2020 10:51 AM

ගං වතුරක් අවොත් නැත්නම් වෙනත් විපත්තියක් ආවොත් හමුදාව ඕනවෙනවා. හමුදාපතිට ප්‍රශ්නයක් අවොත් ප්‍රමාණවත් මදි, ප්‍රමාණවත් මදි.

:       0       163

Raveendra Monday, 17 February 2020 10:54 AM

තමන් ඉපදුන හැදුනු වැඩුන තමන්ගේ මව් රටේ හමුදාපතිට මෙසේ කීමට තරම් ගුනමකුවෙකු තවත් නැති තරම්.

:       62       166

Senarath Monday, 17 February 2020 10:59 AM

වෙන රටක නම්... ඒත් අපේ රටේ මොවූන් පාර්ලිමේන්තුවේත් පිලුම් ගහමින් වැජඹෙනවා. සාමාන්‍ය දෙමල ජනතාවට මේ අය කරලා තියෙන්නේ මොනවද ? අඩුම තරමේ මොවුන්ගේ කෝවිලකට යන්න දෙනවද ? ඔවූන්ට සලකන්නේ වහලුන්ට වගේ.

:       0       69

sharm warn Monday, 17 February 2020 11:13 AM

ඇමරිකාව හදන්නේ ආයෙමත් ඝට්ටනයක් හදවලා යුද්දෙකට යොමු කරවන්න එතකොට ආයුධ විකුණා ගන්න පුළුවන් නේ.

:       0       25

සේන Monday, 17 February 2020 11:17 AM

ඉතින් කෙසේ නම් අපේ රටේ වුන් ලෙස සලකන්නද ?

:       0       30

saradiyel Monday, 17 February 2020 12:06 PM

මේ වගේ අදහස් දරන අය සමග හවුල් ආණ්ඩු කරපු අය ඉන්නවා මේ රටේ.

:       0       20

chinthaka Monday, 17 February 2020 12:34 PM

අර ජාතික ගීයේ සදහන් වෙන "එක මවකගේ දරු කැළ බැවිනා" කියන්නේ මේ වගේ උන්ටද? ඇත්තටම රජයට බැරිද "ජාතින් අතර අසමගිය වර්ධනය කිරීම" වගේ චෝදනාවකටවත් මෙයාව අලල්ලා ඇතුලට දාන්න?

:       0       0

ni nu Monday, 17 February 2020 02:01 PM

මේ අය රටින් පිටුවහල් කළ යුතුයි . අපෙ හමුදාපතිට ජයවෙවා

:       0       0

prakaash Tuesday, 18 February 2020 04:52 AM

රණවිරුවන්ට අපේ ආශිර්වාදය.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 265 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 579 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 686 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 399 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 470 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 167 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site