( තිළිණි ද සිල්වා)
දිවයිනට ගෙන ඒමට නියමිත ඊළඟ කොවිඩ් එන්නත් තොගයෙන් සංචාරක ක්ෂේත්‍රයේ සහ කර්මාන්තශාලා සේවක සේවිකාවන්ට ප්‍රමුඛතාවය ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟත්වය පළ කළ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ඒ අනුව මේ මස අග වන විට සංචාරක ක්ෂේත්‍ර යේ නියුතුවූවන්ට හා දිවයිනේ සියළු කර්මාන්තශාලා සේවක සේවිකාවන්ට කොවිඩ් එනන්ත ලබා දී අවසන් කිරීමට හැකිවනු ඇති බවට ද ඇමැතිවරයා විශ්වාසය පළ කරයි.
සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් සේවකයන්, සංචාරක මඟ පෙන්වන්නන්, රියදුරන් ඇතුළු 20,000 කට ආසන්න පිරිසකගේ නාම ලේඛන මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශ වෙත යොමු කර ඇතැයිද ඇමැතිවරයා මෙහි දී සදහන් කළේය.
ඊට අමතරව සංචාරක ක්ෂේත්‍රයේ නියුතු සෙසු පිරිස් වලට ද එන්නත ලබා දීම සදහා පියවර ගනිමින් සිටින බව ද ඇමැතිවරයා කීවේය.
දිවයින පුරා ආයෝජන මණ්ඩලයට අයත් නිදහස් වෙළද කළාප 14 තුළ පමණක් කර්මාන්තශාලා 250 කට සේවය කරනු ලබන සේවක සේවිකාවන් ගණන 130,000 ඉක්මවන අතර ඔවුන් ද ඇතුළත්ව දිවයින පුරා කර්මාන්තශාලා 1700 කට වැඩි සංඛ්‍යාවක සේවය කරන සේවක සේවිකාවන්ට මේ යටතේ කොවිඩ් එන්නත ලබා දීම ඉදිරියේ දී සිදු කිරීමට අපේක්ෂා කරන බවද ඇමැතිවරයා මෙහි දී සදහන් කළේය.
සංචාරකයන් මෙරටට ගෙන්වීමේ වැඩපිළිවෙලේ ප්‍රගතිය පිළිබද සාකච්ඡා කිරීම සදහා සංචාරක අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවක දී ඇමැතිවරයා මේ බව සදහන් කළේය.
සංචාරක සංවිධාන කරනු ලබන ආයතන වල නියෝජිතයන් මේ වන විට සංචාරකයන් දිවයිනට ගෙන්වීමේ දී මුහුණ පෑමට සිදුව ඇති ගැටළු කීපයක් පිළිබදව ද ඇමැතිවරයාගේ අවධානය යොමු කළේය.
විශේෂයෙන් ම මෙරටට සංචාරකයන් වැඩි වශයෙන් පැමිණි විදෙස් රටවල් රැසක් තවමත් සිය ජනතාවට සංචාරය සදහා අවසර ලබා නොදීම මෙන්ම මෙරටට පැමිණීමට අපේක්ෂා කරන සංචාරකයන්ට වීසා ලබා ගැනීමේ දි ඇති වන දුෂ්කරතා සම්බන්ධයෙන් ද මෙහි දී අවධානය යොමු කෙරිණි.
ආගමන විගමන දෙපාර්තුමේන්තුව සමග සාකච්ඡා කර එම ගැටළුවට කඩිනමින් විසදුම් ලබා දෙන බව ද ඇමැතිවරයා කීවේය. ඊට අමතරව සංචාරකයන් ගෙන්වීමේ දී ඇති සීමා පිළිබද ව ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. මේ පිළිබද ව කොවිඩ් කමිටුවේ හා සෞඛ්‍ය බළධාරින්ගේ අවධානය යොමු කිරීමට ද මෙහි දී තීරණය කෙරිණි.
පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්
අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ
යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මීළඟ එන්නත් තොගය සංචාරක ක්ෂේත්‍රයට - කර්මාන්තශාලාවලට ඉල්ලයි
chandima Thursday, 04 March 2021 10:38 PM
දැන්ම බැහැ. තව මන්ත්‍රීලා සෑහෙන්න ඉන්නවා විදින්න. පාර්ලිමේන්තුවේ, පළාත් සභාවේ, ප්‍රාදේශීය සභාවේ, ගම් සභාවේ එහෙම... අඩුමගානේ අවුරුද්දක්වත් යනවා.