IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මිහින් ලංකා සමාගම ගත් බැංකු ණය කෝටි 518 දක්වා ඉහළට

(අජන්ත කුමාර අගලකඩ)

මිහින් ලංකා ගුවන් සමාගම ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකු දෙකෙන් ලබාගෙන ඇති ණය ප්‍රමාණය රුපියල් කෝටි 518 ක් දක්වා ඉහල ගොස් ඇතැයි මුදල් අමාත්‍යංශ වාර්තා සඳහන් කරයි.

මිහින් ලංකා ගුවන් සමාගම ලංකා බැංකුවට රුපියල් කෝටි 257ක පමණ මුදලක් ද මහජන බැංකුවට රුපියල් කෝටි 257ක් පමණ මුදලක්ද  මෙසේ ණය වී ඇතැයි එම ආරංචි මාර්ග කියයි.

ගුවන් සමාගම ලංකා බැංකුවෙන් අවස්ථා දෙකකදී ඩොලර් මිලියන 2.5 බැගින් ඩොලර් මිලියන 5ක් ද ද රුපියල් මිලියන 1650ක් ද ලබා ගෙන ඇති අතර මහජන බැංකුවෙන්ද ඒ හා සමාන අන්දමින් ණය ලබාගෙන ඇත.

මෙම ණය ලබා ලබාගැනීම වෙනුවෙන් මහා භාණ්ඩාගාරයෙන් නිකුත් කර ඇති සහන ලිපි වල කාලය ඉකුත් 2018 වසරේ දෙසැම්බර් මස 10 වනදා අවසන් වී ඇති බැවින් එම ණය ගෙවන ලෙස රාජ්‍ය බැංකු දෙක ගුවන් සමාගමට දැනුම් දී ඇත.

එහෙත් එම ලිපිවල සහන කාලය ලබන දෙසැම්බර් මස 31 වනදා දක්වා දීර්ඝකරන්නැයි මුදල් අමාත්‍යාංශය කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක්ද කර ඇතැයි වාර්තා වේ.

මිහින් ලංකා ගුවන් සමාගම ඈවර කිරීමට 2017 වසරේදී කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන ඇතත් එම ඈවර කටයුතු මෙතෙක් අවසන් කිරීමටද නොහැකි වී ඇත. 



අදහස් (35)

මිහින් ලංකා සමාගම ගත් බැංකු ණය කෝටි 518 දක්වා ඉහළට

Hafeel Wednesday, 17 June 2020 03:54 PM

අට පාස් නැති මස්සිනාලා, ගෝලබාලයින් සභාපති පුටුවේ වාඩි කළා නම්, ඕක තමයි වෙන්නේ....

:       2       2146

ඩිලාන් Thursday, 18 June 2020 03:11 AM

අවුලක් නැහැ ලොක්කා , ඔහේගේ මිස්ටර් ක්ලීන් මහ බැංකුවට කරා වගේ සුද්ධ කරලා සාක්කුවේ දාගෙන පාන්නේ නැහැනේ. අලුත් වැඩක් කරා, පාඩු උනා, වැහුවා. අන්න එච්චරයිනේ සිද්ධිය උනේ.

:       0       0

චින්තක Friday, 19 June 2020 06:00 AM

ෂික්, අපරාදේ අර ගෙදර යවපු "යහපාලන නඩේට" දුන්නනම් මහා බැංකුවට දෙවෙනි නොවෙන්න ප්ලේන් ටිකටත් වැඩේ දීලා, එහෙම උනානම් අද ඔය පරීක්ෂණ තියන්න "මිහින් ලංකා" බෝර්ඩ් එකවත් නැහැ.

:       162       0

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 17 June 2020 04:46 PM

ඉපැයූ මුදල් වලට මොකද වුනේ..? වෙච්ච දෙයකුත් ඇතිනේ... බැංකු දෙක බංකොලොත් නොකොට ඉක්මණින් මේ ණය පියවා දමන්න.. පොඩි මිනිහෙක් ගත්ත සුළු මුදලකට ඉක්මන් පියවර ගන්නා බැංකු මේවා ඉක්මණින් අයකර නොගන්නේ මන්ද? උස් තැන් දැක හැකිලෙන්නේ ... මිටි තැන් දැක පුප්පන්නේ... කව්ද කියලා අමුතුවෙන් පහදාදෙන්න අවශ්‍ය නැහැනේ. නේද?..

:       1       278

බද්රානි Wednesday, 17 June 2020 07:41 PM

ජාතික අභිමානය කිහිල්ලේ ගහගෙන, පාලකයින්ගේ සාක්කු පුරෝපු පිනට, කඹුරපල්ලා ජීවිතය තියන තාක්කල්? ඒ වුණාට ඉතින්, ජාතික ආරක්ෂාව ගැන කයිවාරු ගහමින්, බුදු දහමට ප්‍රමුඛත්වය දෙනවා කියා, ඉතිහාසය කලු මරමින්.., අපිව කුල්මත් කරනවා නම්, ඔය පාඩුව අපේ අතින් ගෙවන එක මහා කජ්ජක්ද දේශප්‍රේමී මේ අපට...?

:       2       342

විපරමා Wednesday, 17 June 2020 08:45 PM

පවුල් සමාගමේ හතර වරිගෙම අය බුරුතු පිටින් පිනට සවාරි ගහපු හැටිත් රටම නොදන්නවා නෙවෙයි...

:       1       367

Perera Wednesday, 17 June 2020 09:08 PM

ප්‍රශ්නයක් නැහැ, 69 ලක්ෂයක ජනතාව ඔය ණය ටික පට් පට් ගාලා ගෙවලා දමාවි..

:       3       354

SankaThursday, 18 June 2020 09:11 AM

කෝ මේ සචින් වාස් ගුණවර්ධන? එයා තමයි මෙකෛ ඒ කාලේ රෙජීමයේ මහ මොලකාරයා. අනේ මේ රටේ දුප්පත් අසරණයින්ගේ ප්‍රකෝටි ගණන් නාස්ති කරපු සල්ලි .... ඒ දවස්වල අපිට මතකයි. පාර්ලිමේන්තු විවාද වලදී මිහින් ලංකා වලින් හොරකම් කරපු ප්‍රෙකා්ටි ගණන් රටේ සල්ලි පාර්ලිමේන්තු හැන්සාඩ් බැලුවොත් ඕනෑතරම් බලාගන්න පුළුවන්.

:       0       754

Nandalal DE SILVA - France Wednesday, 17 June 2020 11:23 PM

අපේ වගේ කුඩා රටකට, ගුවන් සමාගම් දෙකක් ඕනෑද කියා නොහිතපු නිසා මිහින් ලංකා එකක් හදාගත්තා. ගුවන් යානයකට කවදාවත්ම අඩියක් නොතබපු අය ලොක්කන් හැටියට දමලා ණයබරින් මිරිකෙන තැනටම අරන් ආවා. ඊට පස්සේ ගන්න පුළුවන් හැම තැනකින්ම ණය අරන්, පස්සේ ලාභ ලබමින් සිටි ශ්‍රී ලංකන් එකේ ලාභයත් ඒකට දමා ඒකත් බංකොළොත් කළා.

:       1       570

ගාමිණි කුවෙයිට් Thursday, 18 June 2020 10:03 AM

එහෙමම හිතන්න එපා... දැන් බලන්න ලාංකිකයින් කොපමණ පිරිසක් විදේශගතව රැකියාව කරනවද? ඉන්දියාවේ ජාතික ගුවන් සේවය ඇරුණාම බජට් ගුවන් සේවා හතක් තියෙනවා. එතකොට බංග්ලාදේශයේ ජාතික ගුවන් සේවය හැරුණාම තව ආයතන 4ක් තිබෙනවා. ඒවා පාඩුපිට දුවනවද?

:       182       26

ranaFriday, 19 June 2020 09:34 AM

ඉන්දියාවේ එහෙම වුණත් ලන්කාවේ එහෙම වෙන්නේ නෑ...

:       0       73

විපරමාFriday, 19 June 2020 09:54 AM

ඔබේ කතාවෙත් ඇත්‍තක් තියෙනවා... හොරකම, වංචා, දූෂණ, හරිහමන් කළමනාකරණයක් නැතිකම... මේ දේවල් නිසා තමයි ඔහොම වෙන්නේ...

:       0       5

Buddhika Wednesday, 17 June 2020 11:53 PM

තමන්ගේ නම දැම්මේ මේ ගුවන්සේවයට... තමුන්ගේ වුවමනාවට පටන් අරන් තමුන්ගේම අයවලුන් දැම්මා පාලනය කරන්න. අද සුදු ඇඳගෙන දූසණයට, වංචාවට එරෙහිව කතාකරන්න ඒ මිනිස්සු තමයි ලංකාවේ ඉතිහාසගත හොරකම් කළේ පරම්පරාවම එකතුවෙලා...

:       1       716

imithiyas Thursday, 18 June 2020 01:15 AM

අපි ගෙවන්නම් බය වෙන්න එපා....

:       1       209

ලුම්බිණි Thursday, 18 June 2020 03:04 AM

මේ ණය කවමදාවත් ගෙවන්න බැහැ, ගෙවන්නෙත් නැහැ. නමුත් ලංකාවේ වැඩි දෙනාට ඕනෑ මේක නම් මොනවා කරන්නද?

:       0       31

duminda Thursday, 18 June 2020 03:23 AM

එන්න අපි රෙදි ගලෝගෙන ගිහින් චන්දේ දෙමු.

:       8       613

GalaparaThursday, 18 June 2020 04:25 AM

සහතික ඇත්ත... මේ පවුල් වාදයත් එක්ක රටක් කරන්න පුළුවන්ද? මිහින් ලංකා බැංකු ණය, මහජනතාවගේ ප්‍රකෝටි ගණන් මුදල් සහගහන අපරාධයක්... මේ ඡන්දයක් ළඟ තිබිලත් මොනතරම් දැනුත් කෝටි ගණන් මුදල් නාස්ති කරන වැඩ දවස ගානේ අපි කොච්චර දකිනවද? අපේ මෝඩ ඡන්ද දායකයින්ට මේවා තේරෙන්නේ නැහැ. අපි හැමදාම රැවටෙනවා.

:       1       1034

විසල් Thursday, 18 June 2020 03:41 AM

ස්මාර්ට් දුරකතනයේ තිරය මත එක දිගටම එකම තැනට කෙටීම, එහි පැවත්මට ඉතා තදින් බලපායි. ඒ ගැනත් සිතන්න.

:       145       7

sena Thursday, 18 June 2020 04:49 AM

කාටද කොමිස් කුට්ටිය?

:       0       156

ගාමිණි කුවෙයිට් සිට Thursday, 18 June 2020 06:01 AM

මම දේශපාලකයින්ට කඩේ නොයමි. එහෙත් මිහින්ලංකා ගුවන් සේවය විශේෂයෙන් මැදපෙරදිග අපට මහඟු සේවක් කළ බව නොරහසකි. ආහාර ඇතුළුව එකම බජට් ගුවන් සේවය තමයි මිහින්ලංකා. කුවේට් සිටින බංගලිදේශ, ඉන්දියන් හා නේපාල ජාතිකයන් අතර මිහින්ලංකා ඉතා ජනප්‍රියත්වයට පත්විය. මන්ද ඉතා අඩු මුදලකට ගුවන් ප්‍රවේශපත්‍රයත් කොළඹ තීරුබදු සාප්පුවලින් බඩුබාහිරාදිය මිළදී ගැනීමට පිළිවන් වීමත් නිසා... යහපාලනය සමයේ ඉතා අවාසනාවන්ත ලෙස මෙම ආයතනය වසා දැමීම ඉතා කණගාටුදායකයි.

:       1021       707

NuwanThursday, 18 June 2020 06:20 AM

ගාමිණී ඔයාට පුළුවන් ඔයාගේ අවුරුද්දක වැටුප පරිත්‍යාග කරන්න.

:       2       114

ලුම්බිණි Thursday, 18 June 2020 06:56 AM

මිහින් ලංකා පාලනය කළ යුතුව තිබුනේ ලාභ ලබන විදියට. අාදායමට වඩා වියදම වැඩිවුණාම මේ වගේ එකකින් වෙන්නේ බැංකු ණය කෝටි ගණන් වලින් ඉහළ යන එක විතරයි...

:       0       118

ගාමිණි කුවෙයිට් Thursday, 18 June 2020 08:38 AM

මිහින්ලංකා නමට අකමැති නම් වෙන නමකින් හරි දිගටම කරගෙන යන්න තිබුණා නේද? ආහාරපාන නැතිව, අඩු කැබින් කෘෘ එකක්, කිලෝප්‍රමාණයට බැගේජ් වලට අය කිරීමෙන් මේ ආයතනය ලස්සනට කරගෙන යන්න තිබුණා. ඒත් යහපාලුවන් ඒ අයගේ පාක්ෂිකයෙක් විනෝද කරන්න දීපු පොරොන්දු ඉටු කරන්න සිදුවුණා. ඒ නිසානේ හිටං තුමාට දෙවෙනි වතාවේ තරඟ කරන්න බැරි වුනේ...

:       480       67

athulaThursday, 18 June 2020 07:08 AM

ඔයා දේශපාලකයින්ට කඩේ යන්නේ නැහැ කියලම වහෙන් ඔරෝ කරන්නෙත් ඒකමයි.. ඔය මිහින් ලංකා එකට යොදවපු සියළු ධනය රටේ විශ්ව විද්‍යාල කීයක් හදන්න තිබුණාද? ඕක පටන් ගත්තෙම මහින්ද කියන නම උඩු ගුවනේ තබන්න... අපේ සාක්කුවෙන් කවුරු හරි හොරකම් කලළොත් ඒක දැනෙනවා. මේවා දැනෙන්නේ නැහැ. හැබැයි අද අපි ගන්න පාන් ගෙඩිය හෙට වැඩිවෙන්නෙ මේ විනාශය නිසාබව තේරුම් ගන්න..

:       2       516

ගාමිණි කුවෙයිට් සිට.Thursday, 18 June 2020 08:27 AM

ඕනෑම ව්‍යාපාරයක් හොඳින් කලමනාකරණය කරනවා නම් ලාභ උපයන්න පුළුවන්... දැන් බලන්න ඩුබායි වල බජට් ගුවන් සේවා කීයක් තියනවද? කුවේට්වල, අල්ජසීරා ඒ ආයතන ලාභ පිට ලාභ ලබනවා. මම ෆ්ලයි ඩුබායි වලින් ඩුබායි ගිහින් ආවා.. කුවේට් වලින් ඉතා සුළු මුදලකින්... ඒත් ඒ ආයතන ලාභයක් ලබනවා. දැනට ලෝකයේ වැඩියෙන්ම තියෙන්නේ බජට් එයාලයින්. ඊජිප්තුවේම 20ක් විතර තියනවා. පාඩු ලබනවා නම් තව තව ආරම්භ කරයිද? ගත්ත වැරදි තීරණ තමයි.... යහපාලනයට පින්සිද්ධ වෙන්න මත්තල වී ගබඩා කළා. මහත්තුරු දේශපාලන කන්නාඩි ගලවලා රට ගැන හිතන්න කාලය ඇවිත්... අන්තර්ජාලය හරහා ලෝකය හැන විමසීමෙන් සියලු තොරතුරු දැනගන්න පුලුවන්...

:       704       46

kamalThursday, 18 June 2020 08:19 AM

මට ආහාර ඇතුළුව අඩු මුදලට ගුවන් ටිකත්පත් දුන් නිසා රටට, මුළු මහත් ජාතියට, අනාගත පරම්පරාවට හෙණ ගැහුවත් කමක් නැහැ.

:       2       118

සුමිත් Thursday, 18 June 2020 06:07 AM

ඈවර කරන්න කලියෙන්.., මිහින් ලංකා සමාගමට ලැබිය යුතු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එවකට සේවා සපයන්නා සතුව ඇති කෝටි ගණනක් වූ මුදල් සහ UAE උප ඒජන්තවරුන් හට පියවිය යුතු බැඳුම්කර මුදල්..., එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාර්ගෝ ක්ෂේත්‍රයේ දැවැන්තයා, වැලිමඩ ග්‍රාමයෙන් ලොවට බිහි වූ එම සහෝදර සමාගමෙ සතුව මිහින් ලංකා රහස් අදටත් දන්නෝ දනිති. රෝයල් පාර්ක් ජීවිතවලට නීතිය නැවිය හැකි දෝයි සිතේ....

:       1       3010

Rata Perata Thursday, 18 June 2020 06:38 AM

මේ කෙරුවාවලින් සොච්චමක් පමණයි. ආයෙත් රට කන්න වරම් ඉල්ලනවා.

:       2       505

Athula Thursday, 18 June 2020 08:05 AM

අපි අද කරවටක් ණයබරින් ගිලුණු රටක් බවට පත්කළේම මේ වගේ විනාශකාරී වැඩ නිසා මේවා දැනදැන කරපු සහගහන අපරාධ ලෝකයේ සතර දිග්භාගයේ ජනතාව ගිහින් බැල මෙහෙවර කරලා එවන තුට්ටුදෙක කිසිම හිරිකිතයක් නැතුව තම සාක්කුවල දාගන්න කරපු හොරකම් රට ගැන අබමල් රේණුවක තරම්වත් හැඟීමක් තිබෙන පාලකයෙකුට මේවගේ විනාශයන් කරන්න පුළුවන්ද..?

:       0       564

විකුම් Thursday, 18 June 2020 08:51 AM

මුලින්ම එයාර් ලංකා දිව්වේ පාඩුවට. ඊට පසුව ශ්‍රී ලංකන් ගුවන් සේවය. එමිරේට්ස් කරන කාලයේ ඔවුන් ලාභ ඉපැයූවා. එච්චරයි... අපිට ජාතික ගුවන් සේවයකින් ලාභ ඉපැයීමට නොහැකි වූයේ, සියලුම රජයන් තම ආධාර කරුවන්ට අසීමිතව රැකියා ලබාදීම නිසයි. රූපවාහිනියටත්, වරායටත් සිදුවූයේ එම දෙයමයි. මිහින් එයාර් බජට් ගුවන් සේවයක් නිසා දියුණු වෙන්න ඉඩ තිබුණා. ඒත් දැන් ඒකත් නැහැ...

:       110       4

Wasudewa Thursday, 18 June 2020 09:26 AM

අතුල, ඔයාගේ කතාව සත්‍යයි. මොකද මේ පවුල් පාලනයකින් රටක් කළොත් බුරුතු පිටින් රටේ පාලනයට ඇවිල්ලා... රට අයිති කරගෙන මහජන මුදල් කෝටි ගණන් ගසාකනවා. මේ දියුණු ලෝකේ කොහෙද තියෙන්නේ මෙහෙම පවුල් පාලනයක්? අපි එකපාරක් වැරැද්දක් කරලා ඇයි අපි ඒ වැරැද්ද තවපාරක් කරන්නේ? ඡන්දෙ දෙනකොට දෙපාරක් හිතලා ඡන්දෙ දෙන්න...

:       0       455

ගාමිණි කුවෙයිට් Thursday, 18 June 2020 09:28 AM

මහත්තයා මේ අහන්න දිනකට මැදපෙරදිගින් ගත්තොත් මොනතරම් මගීන් ප්‍රමාණයක් දිනකට දෙපැත්තට ගමන් කරනවාද? මේ සෑම මගියෙක්ම ගමන් ගන්නේ අපේ ජාතික ගුවන් සේවය විතරද? කුවෙයිට් වලින් විතරක් එක් ගමන්වාරයයි.. ශ්‍රී ලන්කන් කරන්නේ ඉතිරිය විදේශික ගුවන්සේවා වලින් තමයි කෙරෙන්නේ... එතකොට අපේ ජාතික අභිමානය ගැන හිතලා කොපමන මුදලක් කටාර් එයාර් වේස්, එමිරේට්ස්, කුවේට් එයාර්වේස්, ඕමාන් එයාර්, ගල්ෆ් එයාර්, සෞදි එයාර්, ෆ්ලයි ඩුබායි, ජසීරා, ඇරේබියා වගේ ආතනන වලට පූජා කරනවාද? මේ මුදල් බොහොම මහන්සි වෙලා උපයන මුදල්. ඒ ගැනත් ටිකක් හිතන්න. විදෙස්වල ඉන්න ලාංකිකයන් ගැන බැලුවොත් ගුවන් සේවා තව 10ක්වත් අවශ්‍යයි. බලන්න ඉන්දියානුවන් 90% ගමන් කරන්නේ ඔවුන්ට අයත් ගුවන් සේවාවලින්...

:       412       34

ගාමිණි කුවෙයිට් Thursday, 18 June 2020 10:29 AM

බොහෝ දෙනෙක් අදහස් ප්‍රකාශ කලේ තම තමන්ගේ දේශපාලන න්‍යායයන් උඩ මිසක රට ජාතියේ උන්නතිය ගැන සිතා නොවේ. ඒ නිසාම තවත් වසර සියයක් ගියද අප රටට සිදුවෙන්නේ දියුණුවට වඩා පරිහානියකි. රට යම්කිසි හොඳ මාවතකට හැරුණද සමහරක් එයට ගරහති. ඇහැට පෙනෙන හොඳ දේද ගරහති. මන්ද දැනට රට පාලනය කරන්නේ තමන් කැමතිම පාලකයින් නොවන නිසායි. ගලක් ඇති වරාය විකුණා දමනවිට හුරේ දැමූ පාක්ෂිකයන් ඒ වරායෙන්ම චීන්නු ලාභ ලබනවිට ගලේ පැහැරූ බලලුන් මෙන් නිශ්ශබ්දව සිටියි. මහබැංකුවට සුද්ධ කෙරූ අය නම් වෙනස් කරනවිට නිශ්ශබ්දව සිටියි. යහපාලනය සමයේ ගත් විදේශ ණය පිළිබඳව මීක් නැත. අවශ්‍ය නම් මට දොස් කියන්න තිත්ත වුණත් ඇත්ත ඒකයි...

:       1050       53

Ranga Thursday, 18 June 2020 11:18 AM

අපේ රටේ මිනිස්සුට මුල අමතක වීම කියන එක නිසා තමයි මේ රටට හෙණ ගහලා තියෙන්නේ... හොඳ වෙලාවට මේ රටේ පසේ මොනවා හරි වැවෙනවා...මේ රට අරාබිය වගේ වුනා නම්.. කතා කරලා වැඩක් නැහැ.. මිහින් ලංකා ගුවන් සමාගමෙන් මේ තරම් අලාභ වුනේ රටට විශාල ලාභයක් කරන්න ගිහින්.. ඒ යුද සමයේ හමුදාවන් සඳහා ආයුධ ප්‍රවාහනය කිරීම මගින්.. මා මෙය සඳහන් කරන්නෙත් එකල ජනාධිපතිතුමාත් මේ බව ප්‍රසිද්ධියේ විස්තර කළ නිසා... චීනයේ සිට හා රුසියාවේ සිට ඉක්මණින් ආයුධ ප්‍රවාහනය කිරීමට සුදුසු ගුවන් යානයක් ලංකාවට තිබුනේ නෑ... වෙනත් රටවලුත් එයට කැමති වුනේ නෑ.. ඊට සුදුසුම ක්‍රමය වුනේ මිහින් ලංකා ගුවන් යානයයි.. ඉතුරු ටික කියන්න ඕන නෑ මගෙ හිතේ...

:       1019       2

Rata Perata Friday, 19 June 2020 07:55 PM

ඔන්න අප්පච්චි සහ නඩේ වැඩ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’බාල බෙහෙත් හොරු කවුද’’: විශේෂ හෙළිදරව්වක් එන සතියේ
2024 අප්‍රේල් මස 27 68 0

බාල ඖෂධ ජාවාරම, ප්‍රමිතියෙන් තොර බෙහෙත් මිලදී ගැනීම, ඒවාට සම්බන්ධවූ පිරිස් සහ ඊට අදාල තවත් වැදගත් ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් හෙළිදරව් කෙරෙන පරිපූර්


තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 59 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 1133 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1983 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 2227 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 1113 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1571 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site