IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මුස්ලිම් පල්ලියකට ගල් ගැසූ දෙදෙනෙක් අත්අඩංගුවට

(අජිත්ලාල් ශාන්තඋදය)

 

නිවිතිගල කලවාන පාරේ ගැටනිගෙවත්තේ පිහිටි මුස්ලිම් දේවස්ථානයකට ගල් ගැසූ බවට සැකකරන පුද්ගලයන් දෙදෙනකු අද (18) අත්අඩංගුවට ගත් බව නිවිතිගල පොලිසිය පවසයි.

නිවිතිගල නගරයේ මෝටර් රථ අලුත්වැඩියා කරන්නෙකු ඇතුළු දෙදෙනෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් නිවිතිගල නොරගොල්ල හා උඩකරවිට, පිංකන්දවත්තේ පදිංචිකරුවෝ වෙති.

සැකකරුවන් ත්‍රිරෝද රථයකින් ගොස් මුස්ලිම් පල්ලියට ගල් ගසා ඇති බවට තොරතුරු හෙළි වී ඇතැයි පොලිසිය පවසයි.

ගල්වැදීමෙන් පල්ලියේ වීදුරු කිහිපයක් බිඳී අලාභ හානි සිදුවී තිබෙන බව පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් නිවිතිගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (9)

මුස්ලිම් පල්ලියකට ගල් ගැසූ දෙදෙනෙක් අත්අඩංගුවට

අතුල Monday, 18 November 2019 06:56 AM

මග හොඳට තිබේ නම් ...යන්න පාරත් පෙනේනම් ...කිමද බැදිවල යන්නේ........

:       13       60

රජින්ද Monday, 18 November 2019 07:01 AM

ගෝඨාගේ දිව්රුම් දීමෙන් පසු සුළු ජාතීන්ට කරදර සිදුවන බවට ලෝකයට පණිවිඩයක් දීමට විරුද්ධවාදීන් හෝ එම සුළු ජාතීන් විසින්ම සිදු කරන විකෘර්ති වැඩ. වහාම අත්අඩංගුවට ගත යුතුයි.

:       848       831

Bamunuarachchi Monday, 18 November 2019 07:01 AM

ඒගොල්ලෝ ඒගොල්ලෝම වෙන්න ඇති අපි අහක බලාගෙන ඉමු.

:       292       140

dumindaMonday, 18 November 2019 07:16 AM

මොනවා කළත් අපේ කෙනා නෙවේ කියන මානසිකත්වයෙන් මිදෙන්න.

:       16       231

BamunuarachchiTuesday, 19 November 2019 02:24 AM

ගල් ගැසුවේ අපේ එක්කෙනෙක් කියන මානසිකත්වයෙනුත් මිදෙන්න

:       0       0

Deepal Nirosh Monday, 18 November 2019 07:19 AM

මේ වගේ සිද්ධීන් නම් ඉදිරියටත් බලාපොරොත්තු වෙන්න වෙයි. කළ යුත්තේ ආරක්ෂක අංශ සීරුවෙන් තබා සියලු සැකකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීමයි.

:       2       177

vidya Monday, 18 November 2019 07:30 AM

රටේ නීති රීති සැමටම පොදුවන සේ කටයුතු කළ යුතුය.

:       1       80

janahitha Monday, 18 November 2019 09:11 AM

රටේ ජනතාවගේ ආරක්ෂාවට බලවත් හමුදාවක් නිසි උපදෙස් විධාන දිය හැකි නායකත්වයක් යටතේ ඇති නිසා මෝඩ ගල් ගසන්නන් අද අප රටට අවශ්‍ය නැත. බල සේනා, මහසෝන් සේනා මින් මතු අවශ්‍ය නැත.

:       1       234

janatha anura Monday, 18 November 2019 09:13 AM

ගල් ගසන්නේ බියගුල්ලන්ය. අපට ප්‍රබල හමුදාවක්, පැහැදිලි නායකත්වයක් යටතේ අද දවසේ ඇත.

:       5       31

ඔබේ අදහස් එවන්න

දියත

උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 0 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 120 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 345 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 114 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 113 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 105 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 329 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1711 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site