IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


‘‘මාර්තු සිට වතු සේවක වැටුප 1000 දක්වා වැඩි කරනවා‘‘

(ගාමිණි බණ්ඩාර ඉලංගන්තිලක)

වතු කම්කරුවන්ගේ දිනක වැටුප මාර්තු මස සිට රුපියල් 1000 ක් දක්වා වැඩි කර ලබාදීමට රජය පියවර ගෙන ඇති බවත් ඒ සඳහා වූ අවබෝධතා ගිවිසුම් ඉදිරි දින කීපයතුළදි වතු සමාගම් සමඟ අත්සන් කරනු බලන බවත් ප්‍රජා සංවර්ධන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමාන් මහතා පැවැසීය.

ආගරපතන, ඩයගම, නට්බෝන් ප්‍රදේශයේදී  අද (14) පැවැති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා එසේ කීය.

මධ්‍යම පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යංශය මගින් මුදල් ප්‍රතිපාදන වෙන් කර ඉදිකරන ලද ඩයගම, නට්බෝන් දෙමළ විදුහලේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව මෙම උත්සවය පැවැත්විණි.

එහිදී තව දුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවැසීය.

       “ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා කිව්ව  විදිහටම වතු කම්කරුවන්ගේ දිනක වැටුප වැඩි කිරීමට කටයුතු කර තිබෙනවා. පසුගිය රජයේ වතුකරයේ සිටි ඇමැතිවරුන් වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කරනවා කියා ඔවුන් රැවට්ටුවා.

වතු කම්කරුවන්ට බොරු කීවා. වතුකරයේ එම ඇමැතිවරුන්ට  වතු කම්කරුවන්ට  වැඩි කරන ලද රුපියල් 50 ක වැටුප පවා දුන්නේ නැහැ. දෙන්න බැරි උනා. 

කියන දේ කරන කරපු දේ කියන අයයි මේ රජයේ ඉන්නේ. ඒ නිසා අනිවාර්යෙන්ම වතු කම්කරුවන්ගේ රුපියල් 1000 වැටුප් වැඩි කිරීම මාර්තු මස සිට අපි වතු කම්කරුවන්ට ලබා දීමට පියවර ගන්නවා” යැයි කීය.



අදහස් (6)

‘‘මාර්තු සිට වතු සේවක වැටුප 1000 දක්වා වැඩි කරනවා‘‘

siri Friday, 14 February 2020 04:42 PM

ආව ගමන් දෙනවා කියලයි ඡන්දෙදි කිව්වේ. එ් විතරක්යැ. රණවිරුවන් පළවෙනි දවසෙම නිදහස් කරනවා. පොහොර නොමිලේ දෙනවා. සයිටම් එක ගන්නවා. පිටරටට විකුණපු සේරම ආපහු ගන්නවා. දූෂිත චෝදනා තියෙන අයට කිසිම තනතුරක් දෙන්නේ නැහැ වගේ පොරොන්දුත් දුන්න‍ා වගේ මතකයි.

:       0       0

Dirt Friday, 14 February 2020 04:51 PM

ගෝඨාභය ජනාධිපතිතුමා කියනදේ කලින් කරන කෙනෙක්... එ් නිසා තම මහබැංකු හොරු අද හිරගෙවල්වල දඬුවම් විඳින්නේ. පැය 48ක් යන්න කලින් අල්ලලා හිරේ දැම්මා... අපි ඒක හොඳින් වටහා ගත්තා කිරිපුතේ....

:       0       0

anura Friday, 14 February 2020 10:23 PM

මාස 2 කට වැඩිය ඕක දෙන්නේ නැහැ. ඡන්දෙන් ආණ්ඩුව දිණුවොත්. ඊට පස්සේ රුපියල් 1000 නොවෙයි රුපියල් 10 ක්වත් දෙන්නේ නැහැ... රැවටෙන්න එපා.

:       0       0

LIYANAGE Saturday, 15 February 2020 03:02 AM

ගරු ඇමති තුමනි, අද පවතින ජීවන වියදමට සරිලන වැටුපක් වතු කම්කරුවන්ට නොලැබෙන බව සැබෑවකි. එබැවින් ඔවුන්ගේ දිනක වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමට ඔබ ගන්න උත්සාහය අගය කරමි. නමුත් දිනකට ඔවුන් වැඩ කරන පැය ගණන ඔබ දන්නවාද ? උදේ 8 ට වැඩට එන ඔවුන් උදැසන ආහාර ගැනීමට විනාඩි 45 ක් ද තේ බිමට තවත් විනාඩි 30 ක්ද ගතකර දවල් 1.30 ට වැඩ අවසන්කර නිවෙස් බලා යයි. රජයේ සහ පුද්ගලික අංශයේ කම්කරුවෙකුගේ වැඩ කරන කාලසීමාව අඩු තරමින් පැය 8 ක් වේ. වතු කම්කරුවන් හට රුපියල් 1000 ක දෛනික වැටුපක් ලබා දෙන්නේ නම් ඔවුන් ද පැය 8 ක් වැඩ කල යුතු බව මගේ හැඟීමයි. ඔබ මෙය නොකියවන බව මම දනිමි. මේ සඳහා අදහස් දක්වන පාඨක මිතුරන්ගේ අවධානය අපේක්ෂා කරමි.

:       0       0

eresh S kumara Saturday, 15 February 2020 03:45 AM

ඔබතුමා ගැන අපිට ආඩම්බරයි. ලඟදි ඉන්දියානු රුපවාහිනී නාලිකාවකින් ජාතික ගීය දෙමලෙන් ගයන කල යුතුද අහපු ප්‍රශ්නයට කෙලින්ම උත්තර දීලා බහුතර සිංහල ජනතාව හා රට ගැන අභිමානයෙන් කතා කල එක ගැන හරිම සතුටුයි. දෙමල ජනතාවටත් රජය පැත්තෙන් වෙන්න ඕනි දේවල් ඉටුකරන්න

:       0       0

isuru Saturday, 15 February 2020 11:51 AM

ඇයි 1500 ක් දෙනවා කියල නේද ඡන්ද ගත්තේ

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 311 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 651 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 793 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 434 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 507 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 178 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site