IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මන්ත්‍රීධූරය අහෝසි කළොත් නඩු මඟට යන බව ෆවුසි කියයි

(නිමල කොඩිතුවක්කු)

පාර්ලිමේන්තු මන්ත‍්‍රීධුරය අහෝසි කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ක‍්‍රියා කළහොත් එයට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ගයකට යොමු වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ. එච්. එම් ෆවුසි මහතා ලංකාදිපයට පැවසීය.

තමන් මන්ත‍්‍රීධුරයෙන් ඉවත් කරන බවට දැනුම් දෙමින් පක්ෂයෙන් ලිපියක් තමන් වෙත යොමු කර ඇති බවත් පැවසූ  මන්ත‍්‍රීවරයා එවැනි ක‍්‍රියාමාර්ගයක් ගැනීමට පක්ෂයට කිසිදු හැකියාවක් නොමැති බවත් සඳහන් කළේය.

තමන් ඉවත් කිරීමෙන් පුරප්පාඩු වන මන්ත‍්‍රීධුරය හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමේ අරමුණින් පක්ෂය මෙම පියවර ගෙන ඇති බවත් ඔහු පැවැසීය.

පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබියදීත්  ඒ වෙනුවෙන් ක‍්‍රියා නොකළ මෛත‍්‍රීපාල සිරිසේන මහතා තමන්ට පෙර පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කළ යුතු බවත් ඔහු කියා සිටියේය.

තමන් වසර 44ක් තිස්සේ සාමාජික අරමුදල් ගෙවමින් පක්ෂ සාමාජිකයකු ලෙස තමන් කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් කීවේය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ. එච්. එම්. ෆවුසි මහතාගේ  පාර්ලිමේන්තු මන්ත‍්‍රීධුරය අහෝසි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත දැනුම් දී ඇති බව එම පක්ෂයේ නියෝජිතයන් පැවසීය.



අදහස් (7)

මන්ත්‍රීධූරය අහෝසි කළොත් නඩු මඟට යන බව ෆවුසි කියයි

sirimal Sunday, 24 November 2019 11:25 AM

හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පත්කර කතානායක තනතුර ලබා දෙන්නට යන බවටත් කසුකුසුවක් පැතිර යනවා. මේ අතර ලබන දෙසැම්බර් 03 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එදිනට "පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම සඳහා ජනාධිපතිවරයා සූදානම් වන බව"ත් ආරංචි වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) වගන්තියට අනුව පාර්ලිමේන්තුවේ කටයුතුවලට තාවකාලික විරාමකයක් ලබාදීමට ජනාධිපතිවරයාට බලය පැවරෙන අතර එම කාලය උපරිම මාස 2කි. වාරාවසාන කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව හැරෙන්නට සෙසු කාරක සභා සියල්ලම අහෝසි වේ. ඒ අනුව නැවත පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව එම කාරක සභා නැවත පත්කිරීමට සිදුවේ. මාර්තු හෝ අප්‍රේල්වල පැවැත්වෙන මහ මැතිවරණයෙන් පොහොට්ටුවට තුනෙන් දෙකකටත් වැඩි ජයක් ලැබෙන බව ස්ථිර බවයි බොහෝ දෙනෙකුගේ මතය වී ඇත්තේ. රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයෙන් සමුගන්නා බවට දැනට ආරංචියක් පැතිරෙමින් පවතින වාතාවරණයක එජාපය මැතිවරණයට මුහුණ දෙනු ඇත්තේ තවත් දුර්වල තත්වයකට පත්වුණු පක්ෂයක් ලෙසටයි. මේ මැතිවරණ ධාවන තරඟය පොහොට්ටුවට දුවන්න වෙන්නේ තනියමය. එහෙම වුනොත් හොඳට හිටියි.

:       36       351

Gune Sunday, 24 November 2019 11:53 AM

අපට නම් ඔය දෙන්නගෙන් කවුරු කොහේ හිටියත් එකයි. අරයට නම් ලොකු මන්දිරයක් හම්බ වුණා. මෙයත් මොකක් හරි ඉල්ලගන්න බැලුවා නම් නරකද?

:       0       60

චන්න Sunday, 24 November 2019 11:59 AM

පරම්පරා තුනකටවත් අති වෙන්න හම්බ කරලා පෙන්ෂන් ගන්න. තව පාරක් ටිකක් හිතලා කට්ටිය එක්ක එකතු වෙන්න.

:       0       65

Mahesh Sunday, 24 November 2019 12:43 PM

කොහොමත් සිරිසේනට පාර්ලිමේන්තු එන්න දෙන්න හොඳ නෑ. කිසිම කොන්දක් නැති ප්‍රතිපත්තියක් නැති මනුස්සයෙක්..

:       427       355

Saman Sunday, 24 November 2019 03:11 PM

මම සිංහල බෞදයෙක් වුනත් කියන්නේ ෆවුසි පක්ෂයට වියදම් කරලා වැඩකරපු මිනිහෙක් මහා සම්මේලනවලට ඔය සිරිසේන හාල් ඇටයක්වත් දීලා නැහැ.. UNP පක්ෂය පාවලා දුන්න අපේ රතු හැට්ට කාරයන් එක්ක ගියා වගේ මෙයාවත් යවලා සාමාජිකත්වය අහෝසිකරන්න. මේ දෙන්නව පේන තෙක් මානයේ තියන්න එපා.

:       126       19

lalithm Monday, 25 November 2019 02:55 AM

දැන් ගෙදර ගිහින් පිනක් කරගෙන අල්ලාහ් දේව සරණ යන්න. මෙතෙක් කල් කරපු දේවල් හොඳටම ඇති...

:       106       0

gunda Monday, 25 November 2019 05:48 AM

ෆවුසි, අතහරින්න එපා වැඩේ. සිරිසේන හදන්නේ තමාව බිල්ලට දෙන්න. එමනිසා තමා අස් කරන තෙක් නොසිට වහාම අස් නොකරන ලෙස උසාවියෙන් තහනම් නියෝගයක් ගන්න. දෙපිටකාට්ටුවෙකුට වඩා ෆව්සි හොඳයි.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 140 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඪ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 467 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 323 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 418 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 955 1

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 1709 1

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site