IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ලිපි ගොණු තොගයක් පුළුස්සා විනාශ කරලා

(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)

මධ්‍යම පළාත් සභා මාර්ග සංවර්ධන අධිකාරියේ ලිපිගොණු තොගයක් එහි හිටපු සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු පිරිසක් විසින් ඉකුත් මාර්තු මාසයේදී වාහන 03 කින් මහවැව රක්ෂිතය වෙත ගෙන ගොස් පුළුස්සා විනාශ කර ඇතැයි රාජ්‍ය ගිණුම් කාරක සභාව හෙවත් කෝපා කමිටුව හමුවේ අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින එහි සාමාන්‍යාධිකාරිවරයා වෙත කඩිනමින් චෝදනා පත‍්‍රයක් ලබාදී විමර්ශන කටයුතු නිසියාකාරව හා වේගවත්ව කරගෙන යන ලෙස රාජ්‍ය ගිණුම් කාරක සභාවේ සභාපති ලසන්ත අලගියවන්න මහතා එම පළාත් සභා නිලධාරීන්ට නියෝග කළේය.

කමිටුව මෙම නියෝගය කරනු ලැබුවේ මධ්‍යම පළාත් සභාවේ නිලධාරීන් පාර්ලිමේන්තුවේ කෝපා කමිටුව හමුවට කැඳවනු ලැබූ අවස්ථාවේදීය.

එහිදී එම නිලධාරීන් පැවසුවේ මේ වන විට අදාළ සිද්ධිය පිළිබඳව මූලික විමර්ශනයක් හා අතුරු වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත් සාමාන්‍යාධිකාරිවරයාගේ වැඩ තහනම් කර ඇති බවත්ය.

පළාත් සභා මාර්ග සංවර්ධන අධිකාරියේ ලිපිගොණු තොගයක් ඉකුත් මාර්තු මස 19 වන දින වාහන 03 කින් මහවැව රක්ෂිතය වෙත ගෙන ගොස් පුළුස්සා විනාශ කළ බවටට පළ වූ පුවත් සත්‍යයක්ද යනුවෙන් කෝපා කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස මහතා මධ්‍යම පළාත් සභා නිලධාරීන්ගෙන් විමසූ අවස්ථාවේ දී නිලධාරීන් එය පිළිගත් අතර එහිදී සභාපතිවරයා මෙම නියෝගය කළේය.

මධ්‍යම පළාතේ ඇති අසීමිත ලෙස ලාභ උපයන කුඩා ජල විදුලි බලාගාර හිමියන්ගෙන් එම පළාත් සභාව ලබන ආදායම ප‍්‍රමාණවත් නැති බැවින් ඔවුන්ගෙන් අය කරන බදු මුදල් ඉහළ නැංවීමට ගියවර ගන්නා ලෙස ද කෝපා කමිටුව මෙහිදී එම පළාත් සභාවට නියෝග කළේය.

නුවරඑළිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප‍්‍රදේශයේ කි‍්‍රයාත්මක කුඩා ජල විදුලි බලාගාර  06  කින් අය විය යුතු රුපියල් 77,18,600 ක බදු මුදල් මෙතෙක් අයකර නොගැනීම සම්බන්ධව කෝපා කමිටුව හමුවේ කරුණු මතුවූ අවස්ථාවේ දී මෙම නියෝගය කෙරිණි.

මධ්‍යම පළාතේ පවතින කුඩා ජලවිදුලි බලාගාර  38 හි නම්, ලිපින, පිහිටි ඉඩම් අයත් වන්නේ රජයටද පෞද්ගලික හිමිකාරිත්වයටද, දැනට ගෙවන බදු ආදායම, බලාගාරවලින් හා කෙරෙන විදුලි ජනනය ආදිය ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවකින් කමිටුව හමුවට ඉදිරිපත් කරන ලෙසද සභාපති ලසන්ත අලගියවන්න මහතා මෙහිදී නියෝග කළේය.

 

 

 



අදහස් (2)

මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ලිපි ගොණු තොගයක් පුළුස්සා විනාශ කරලා

sena Sunday, 08 September 2019 12:33 PM

අනේ අසරණයෙක්... ඔය පරණ පිල් එකක් දෙකක් පිච්චුවාට ඇති වැරැද්ද මොකක්ද? ඉස්සර කච්චේරි එහෙම පිටින් පිච්චුනේ...

:       0       0

Perera Sunday, 08 September 2019 06:43 PM

දේශපාලන සුදුසුකම් මත තනතුරු වලට පත්වීම් දුන්නහම තමය් ඔහොම දේවල් වෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 44 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 223 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 654 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 156 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 211 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 605 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1717 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site