IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මැතිසබේදී ආබාධිතයන්ට අපහාස එපා යයි කතානායක කියයි

(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජූලිගේ)

 
ආබාධිත තැනැත්තන්ට අපහාසයක්, අවමානයක් හෝ වේදනාවක් ඇතිකරවන වදන් භාවිත නොකරන ලෙස කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී අද(2) පැවසීය.
 
අධිකරණ අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳව ඊයේ(01) පැවති විවාදයේදී රාජ්‍ය අමාත්‍යවරයකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු අතර ඉතාමත් අසභ්‍ය වචන භාවිත කරමින් පාර්ලිමේන්තුවේ කීර්තිනාමයට හානි කරමින් කටයුතු කිරීම ගැන කණගාටු වන බව කී කතානායකවරයා මැති සබයේ අභිමානය හා ගෞරවය කෙලෙසන ආකාරයෙන් වාද විවාදවලදී වචන භාවිත නොකරන ලෙසද සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.
 
කතානායක නිවේදන යටතේ ප්‍රකාශයක් කරමින් කතානායක කරු ජයසූරිය මහතා මේ බව පැවසීය.



අදහස් (10)

මැතිසබේදී ආබාධිතයන්ට අපහාස එපා යයි කතානායක කියයි

Nissanka Tuesday, 02 April 2019 08:59 AM

මොනවා කරන්නද කතානායකතුමනි අපේ රටේ බුද්ධිමත් ඡන්ද දායකයෝ බහුතරයක් පත් කරලා එවන්නේ මේ වගේ මොලේ අබාධ තියෙන මහජන නියෝජිතයෝනේ.

:       8       242

susantha Tuesday, 02 April 2019 09:00 AM

පාර්ලිමේන්තුවේ වැඩි හරියක් අඩුගානේ සාමන්‍ය පෙළවත් සමත් නැති නුගත්තු. අති බහුතරයක් (ඉන්න සුළු උගත් උදවියත් ඇතුළුව) හොරු, මංකොල්ලකාරයෝ, ජාවාරම්කාරයෝ, මගඩිකාරයෝ. වැදගත්, රටට වැඩක් අති, රටේ මිනිස්සුන්ට වැඩක් ඇති විවාදයක් කවදද උනේ ඕක ඇතුලේ - තමන්ගේ බඩ වඩාගන්න, හොරා වහගන්න, හොරකන්න මාර්ගයක් පාදගන්න කියවනවා ඇරෙන්න? ඉතින් එවැනි තක්කඩින්ගෙන් ඔයිට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද?

:       0       208

Mahee Tuesday, 02 April 2019 09:13 AM

මෝඩ තකතිරුවන්ටත් අපහාස කරන්න එපාද? නෑ මං එහෙම ඇහුවේ ඕක ඇතුලේ ඉන්න කට්ටිය නිතරම එකිනෙකාට අපහාස කරගන්න හින්දයි.

:       0       26

රවින් Tuesday, 02 April 2019 09:57 AM

කතානායකතුමනි, ගැත්තන්හට සමාව දෙන්න. ඔවැනි අටපාස් නැති උදවිය පත්කරලා එවපු ඡන්ද දායකයෝ සියල්ලෝම ආබාධිතයෝ වෙති. සමාව දීම දේව ගතියකි යන පාඨය සිහියේ තබාගෙන එම උදවියට මෙවර සමාව දෙන්න. ලබන පාරවත් හිතාමතා තම වටිනා ඡන්දය පාවිච්චි කරන හැටි ඔවුන්ව දැනුවත් කරන්න වැඩ පිළිවලක් ඉක්මනින්ම යොදවන්න.

:       0       26

chathuri Tuesday, 02 April 2019 11:01 AM

මේ කට්ටියගේ පවුල්වලත් ඉන්නවනේ. ආබාදිත අය එහෙම. උන්ට තමන්ගේ වැරැද්දට වැඩිය අනනුන්ගේ වැරැද්ද පෙන්නේ ආබාදිත වුනත් නම්බුකාර. විදියට ජිවත් වෙනවා. , අනුන්ගේ දේ. කඩා වඩා ගෙන. කන සිරිතක්. නැහැ. මොන විදියෙන් හරි ඉගෙනීම අවසන් කරලා. ඉන්නේ ,බුද්ධිය තියෙනවා , සමහර වාචාලයෝ ඉන්නවා සුදු ඇදගෙන සභාවට එන්නේ මහාචාර්ය. පට්ටම ගත්තා වගේ. නමුත් දෙවරක් චක්කරය දන්නේ. නැහැ , ආබාදිත කට්ටියට වෙන්කරන මුදලුත් හොරෙන් කන්නේ. මේවගේ උන්. ලංකාවේ නුගත්ම කට්ටිය. ගැවසෙන. තැනක් තමයි. ඔය. ස්ථානය. , බුද්දීමතුත් ඉන්නවා නමුත් ඔවුනුත් මේ නුගතුන් වෙනුවෙන් කඩේ යන. අවස්ථා. ඕන. තරම් තියෙනවා

:       0       26

Hafeel Tuesday, 02 April 2019 11:31 AM

ඔය පාර්ලිමේන්තුවේ ඉන්න බහුතර මන්ත්‍රීලාට දන්නේ අසභ්‍ය භාෂාව තමා.

:       0       0

Raveendra Tuesday, 02 April 2019 12:00 PM

සාමාන්‍යයෙන් මිනිසුන් ආබාධිතයන්ට අපහාස වෙන ආකාරයට හෝ උසුළු විසුළු නොකරන බව අප සැවොම දන්නා කරුණකි. එමෙන්ම ආබාධිතයන් විසින් ආබාධිතයන්ට අපහාස කරන අයුරු අප සමාජයේ ඕනා තරම් දැක තිබෙන අතර මේ මොහොතේත් එය සිද්ද වෙන බවත් කිවයුතුය. දියවන්නාඔයේ 225 ම මොලේ ආබාධිතයන් මෙන්ම මන්ද බුද්ධිකයන් බැවින් මෙහි සැමදාම එකිනෙකාට බැන ගැනීමක් පොර සටනක් සිදුවන බැවින් මෙය එතරම් සිතට ගත යුතු නැත.

:       0       0

Raveendra Tuesday, 02 April 2019 12:40 PM

ශරීර අඩුපාඩු ඇති අයහට අපහාස කරන්නේ.. අඩුපාඩු ඇති අය පමණක් බව කරූ නොදන්නේ... 225 ම මොලේ අඩු අය බව සිරිලක දන්නවනේ.. කවදා මගේ රට ගොඩ ඒද අපි නම් නොදන්නේ....

:       0       0

චමින්ද Tuesday, 02 April 2019 02:11 PM

පාර්ලිමේන්තුවට පත්වීමටත් අධ්‍යාපන සුදුසුකම් නියම කරන්න. ඒ අතරම දහම් අධ්‍යාපනයෙන් ධර්මාචාර්ය විභාගයවත් නියම කරන්න. එවැනි සුදුස්සන්ගෙන් පත්වන අයට චර්යා ධර්ම පද්ධතියක් ඇතිකරන්න. එවිට මේ තත්වයන් වෙනස්වේවි.

:       0       0

vidya Tuesday, 02 April 2019 04:19 PM

අලුගොසුවකු වීමට අපොස සාපෙ වැඩ 6ක් සහ සම්මාන දෙකක් අවශ්‍යයි. පාර්ලිමේන්තුවට කටක් විතරයි ඕනේ. කොල්ලෝ කෙල්ලනේ, මුහුණු පොතේ එල්ලිලා ඉන්න නුඹලාට වෙන්නේ වතුර ටිකක් බොන්න නැතිව මැරෙන්න. උගතුන්, බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට යවන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 480 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 946 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1115 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 638 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 635 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 217 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site