IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


බළන්ගොඩ හුණුගල් පොකුණු බලන්න යන්න ටිකක් ඉවසන්න

(අජිත්ලාල් ශාන්තඋදය සහ වයි.ඒ.එස්. වීරවංශ)
 

බළන්ගොඩ රජවක රක්‍ෂිතයේ තංජන්ගැන්න ගල්ලැල්තොට ප‍්‍රදේශයෙන් හමුවී ඇති හුණුදිය පොකුණු මහජනතාවට නැරඹීම සදහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන තුරු ඒවා නැරඹීමේ අරමුණින් ප‍්‍රදේශයට ඇතුළු නොවන ලෙස වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවගේ ඉල්ලීමක් කරයි.
 
යම් ආකාරයකින් උපදෙස් නොතකා රක්‍ෂිතයට ඇතුළු වන සියලූ දෙනාම අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිමගින් කටයුතු කරන බවද එම දෙපාර්තමේන්තුව දන්වයි.
 
මේ දිනවල සමාජ ජාල වෙබ් අඩවිය පුරා සැරිසරණ තොරතුරක් හේතුවෙන් මෙම හුණගල් පොකුණු නැරඹීම සදහා අවිධිමත් ආකාරයෙන් රක්‍ෂිතයට ඇතුළුවන්නන් හේතුවෙන් විශාල පරිසර හානියක් සිදුවෙමින් පවතින බව වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව කියයි.
 
මෙම ප‍්‍රදේශය පුරා හුණුගල් නිධියක් ඇති අතර එම හුණුගල් නිධිය ආශ‍්‍රිතව ගල්ලැල්තොට ප‍්‍රදේශයේ හුණුගල් පොකුණු කිහිලයක් මතුව තිබේ. අනවසරයෙන් එහි ඇතුළු වූ පිරිසක් ඒ සම්බන්‍ධව ඡායාරූප සහ තොරතුරු සමාජ ජාල වෙබ් අඩවිවල ප‍්‍රසිද්ධ කිරීමෙන් පසු විශාල පිරිසක් දිනපතා අනවසරයෙන් එහි ඇතුළුවෙමින් සිටිති.
 
මේ හේතුව නිසා වසර මිලියන ගණනක් පැරණි යැයි විශ්වාස කරන මෙම හුණුගල් පොකුණු මෙන්ම ඒ අවට පරිසරයත්, ඊට ඇතුලූවන මාර්ගයත් පාරිසරකි හානියකට ලක් වෙමින් පවතින බව බළන්ගොඩ අඩවිවන නිලධාරී විජයන්ත උපුල් මහතා පවසයි. 
හුණුගල් පොකුණු වලට ඇතුලූවන මාර්ගයේ රක්‍ෂිත මායිමේ සිවිල් ආරක්‍ෂක බළකායේ නිලධාරීන් දෙදෙනකු සේවයේ යොදවා මහජනතාවට ඇතුළු නොවන ලෙස දනවන බවත් විවිධ දැනුවත් කිරීමේ පුවරු මගින් ජනතාව දැනුවත් කර ඇති බව ද අඩවිවන නිලධාරීවරයා කියයි.
 
යම් හෙයින් මෙම අවවාද නොතකා රක්‍ෂිතයට ඇතුළු වුවහොත් නීතිමගින් කටයුතු කිරිමට සිදුවන බවද ඔහු පැවසුවේය. මේ වනවිට මෙම හුණුගල් පොකුණු සහ ඊට පිවිසෙන මාර්ගයේත් බියර් ටින්, බෝතල්, පොලිතීන් ප්ලාස්ටික වැනි පරිසරයට හානිවන නොදිරණ අපද්‍රව්‍ය බැහැර කර ඇති බවද අඩවිවන නිලධාරීවරයා  පවසයි.
 
සිවිල් ආරක්‍ෂක නිලධාරීන්ට අමතරව වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ද එහි යොදවා ඇති නිසා නිසි අවසර ලබාදෙන තුරු අවසර නොමැතිව කිසිම පුද්ගලයෙකුට ඇතුලුවීම තහනම් බවද බළන්ගොඩ අඩවිවන නිලධාරී විජයන්ත උපුල් මහතා සඳහන් කළේය.
 
‘‘අපි මේක දැක බලාගන්න මහජනතාවට අවස්ථාව ලබා දෙනවා. ඊට පෙර මේ හුණුගල් පොකුණු ආරක්‍ෂාව සඳහා විධිමත් වැඩපිළිවෙළක් සැකසිය යුතුයි. වනසංරක්‍ෂණ දෙපාර්තමේන්තුව ඒ සඳහා වැඩපිළිවෙලක් සැකසීමෙන් අනතුරුව මහජනතාවට අපි අවස්ථාව සලසා දෙනවා. එතෙක් එහි ඇතුළු නොවන ලෙයසි අපි ඉල්ලා සිටින්නේ’’ අඩවි වන නිලධාරියා වැඩිදුරටත් කියා සිටී.



අදහස් (10)

බළන්ගොඩ හුණුගල් පොකුණු බලන්න යන්න ටිකක් ඉවසන්න

gunarathna Monday, 09 September 2019 05:44 AM

මේව මිනිස් ඇස්වලට හමු නොවෙනවා නම් සුරැකේවි

:       4       134

ගොන්ගාලේ ගොඩබණ්ඩා Monday, 09 September 2019 06:27 AM

ඕකෙත් පල්ලියක් අටවලා දෙවියන්වහන්සේ වදින්නට පෙර අත පය සෝදාගත් පොකුණ කියලා කුරගලට කරපු දේ කරයි. බලන්නකෝ මම බොරුද කියන්නේ කියල. සමහර විට යන්න නොදෙන්නේ දැනටම අරාබි අකුරු තියන මොනවා හරි ටිකක් පොළොවේ වළලන නිසාද හොයලා බලන්න. එහෙමට රටක් මේක.

:       1216       2376

DilanMonday, 09 September 2019 09:54 AM

ඔබතුමා කියන කාරණය ඇත්ත වෙන්න පුළුවන්... රටේ වෙනත් ස්වභාවික ස්ථාන සහ පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කරන්න මෙච්චර හදිස්සි වෙන්නේ නෑ. සිංහල බෞද්ධ උරුමයක් ගෑවිලා හරි තියෙනවා නම් ඒක ඉක්මනින්ම විනාශ කරලා දාවි...

:       1       139

ගොන්ගාලේගොඩ බණ්ඩාMonday, 09 September 2019 09:59 AM

ඇයි ඩිස්ලයික් දාන්නේ? මම කියන්නේ ඇත්ත.

:       144       175

THUSHARA Monday, 09 September 2019 06:49 AM

ගත්තු තීරණය හොද.එත් විල්පත්තුව කපන කොට ඔයාල නිදගෙන්ද හිටියේ.මොකද විල්පත්තුවට ඇතුල් වෙලා සුද්ද කරන අයට බයද.?

:       0       173

ඉඳුනිල් ප්‍රියන්ත Monday, 09 September 2019 07:48 AM

මැදමූලන අපේ අප්පුච්චා ආපු ගමන් මේකට ගේම දෙනවා එතෙක් මේක පරෙස්සම් කරගමු.

:       559       272

sirimal Monday, 09 September 2019 09:07 AM

මෙතෙක් කල් මේවා ගැන බලධාරීන් දැනගෙන හිටියේ නැද්ද අප්පා...? මෙතන පමණක් නොව මේවගේ ස්වභාවික සම්පත් සියල්ලම නිසි අයුරින් ආරක්ෂා කරගෙන ඒවා දැක බලාගෙන අපේ රටේ ඇති සම්පත් පිළිබඳ දැනුමක් ඇතිකර ගැනීමට සංචාරකයින් උනන්දු කරලීමටත් නිසි වැඩපිළිවෙලක් වහාම ක්‍රියාත්මක කළයුතුයි. එවන් ස්ථාන වෙත ගමන්කිරීමට අවශ්‍ය මාර්ග පහසුකම් සහ අහාරපාන ලබාගැනීමටත් වැසිකිලි ආදී පහසුකම්ද ඇතිකිරීමත් වැදගත්...

:       0       37

මුණසිංහ Monday, 09 September 2019 10:17 AM

තහනම් කිරීමට හේතුව පරිසර පද්ධතිය විනාශ කිරීම නම් මීට පෙර අැතුළු වීම තහනම් කළ යුතු තැන් රාශියක් ලංකාවේ තිබෙනවා.

:       0       19

kamal Monday, 09 September 2019 11:03 AM

අනේ ඉක්මන් කරලා විවෘත කරන්න. බුරුතු පිටින් ඇවිල්ලා මේකත් විනාශ කරන්න...

:       3       25

kamal Monday, 09 September 2019 12:16 PM

අනේ අනේ ඉක්මන් කරලා විවෘත කරන්න. අපිට බුරුතු පිටින් ඇවිල්ලා සෙල්ෆි ගහලා ඕකත් විනාශ කරලා ඒ අවටත් හොඳට කුණුදාලා, වාහන නවත්තලා, වටේටම කඩදාලා, සොවිනියර් වලට කෑලි කඩාගෙන ඇවිත් විනෝද වෙන්න..

:       0       58

ඔබේ අදහස් එවන්න

දියත

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 481 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 948 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1117 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 639 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 635 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 217 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site