(අංජුල මහික වීරරත්න)
ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණය ශක්තිමත් කිරීම සඳහා බ්‍රහස්පතින්දා (15) දැවැන්ත ජන රැළියක් කොළඹ ලිප්ටන් වටරවුමේදී පවත්වන බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මාධ්‍ය හමුවකදී අද (13) පැවැසීය.
දැන්වත් වංගු ගේම් ගහන්නේ නැතුව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා එක්වන ලෙසද එ.ජා.ප මහ ලේකම්වරයා මෙහිදී කීය.
කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැති මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අකිල විරාජ් කාරියවසම් මහතා මෙසේද පැවැසීය.
පසුගිය 26 වැනිදා නිත්‍යානුකූල නොවන අයුරින් අගමැති කෙනෙක් පත් කළා.මීට එරෙහිව අප දිගින් දිගටම අරගල කළා.අපට පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන බව දිගින් දිගටම ප්‍රකාශ කළා.නීත්‍යානුකූල නොවන අයුරින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියා.
නීතිය ක්‍රියාත්මක වීම ගැන අප සතුටට පත් වෙනවා.දැන්වත් වංගු ගේම් ගහන්නේ නැතුව ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න.තුරුම්පු ගහනවා කිව්වා.පාර්ලිමේන්තුවේ බහුතරය හිමි එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව හදනවා. මේ සඳහා අපට උපකාරී කළ සියලු පාර්ශ්ව වලට ස්තුතියි පළ කළ යුතුය.
ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා අරලියගහ මැදුර ආරක්ෂා කිරීම සඳහා ජනතාව පෙල ගැසී සිටියා.අප ලැබූ ජය ශක්තිමත් කිරීමට ලබන බ්‍රහස්පතින්දා අප දැවැන්ත ජන රැළියක් පවත්වනවා.ප්‍රජාතන්ත්‍රවාදය රැකීමේ සටනේ එක් පියවරක් ලෙස එය පවත්වනවා.‘‘
ඇල්ල මලිතගොල්ල ප්‍රදේශයේ පැරණි නායාමක් මේ වනවිට නැවත සක්‍රිය වී එම තත්වය වේගවත් වී ඇතැයි ද බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඊ එම්
පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.
රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ
ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බ්‍රහස්පතින්දා තවත් ජන රැළියක් කොළඹදී
Shanaka Tuesday, 13 November 2018 07:58 PM
සමනළ රැළියක්ද?
සනත් Wednesday, 14 November 2018 03:19 AM
අපිට වෙන වැඩක් නැහැ කියලා හිතුවද? එදා වේල හම්බකරගෙන කන මිනිස්සුන්ගේ බඩට ගහන්න එපා...