IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


බදියුදීන් ගමන් කළ වාහනයකට මුන්දලමේදී ප්‍රහාරයක්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
 
හිටපු අමාත්‍ය  රිෂාඩ් බදියුදින්  මහතා ගමන් රථ පෙළකට අද (24)  සවස මුන්දලම කනමුල්ල ප්‍රදේශයේදී ප්‍රහාරයක් එල්ල වි ඇති බව මුන්දලම පොලිසිය පවසයි.
 
රිෂාඩ් බදියුදින් මහතා  ඇතුළු පිරිසක් අද ( 24 ) සවස මුන්දලම ප්‍රදේශයේ ආධාරකරුවන් හමුවිම සදහා ගමන් කරමින් සිටිය දී මුන්දලම කනමුල්ල ප්‍රදේශයෙ දී මාර්ගය හරස් කර වාහන වලට පහර දිම කර ඇති බව කියයි. 
 
ප්‍රහාරය සදහා 10  කට අධික පිරිසක් එක්වි ඇති බව කියයි. මාර්ගය හරස් කල පිරිසක් වාහන නවතා ඇති බවත් ඉන් පසුව සැගවි සිටි පිරිසක් එකවර කඩා වැදි ලි මුගුරු වලින් පහර දිම කළ බවත් තවත් පිරිසක් ගල් ප්‍රහාරයක් එල්ල කල බවත් වාහන වල ගමන් ගත් පිරිස් පවසයි.

 

රිෂාඩ් බදියුදින් මහතා ගමන් ගත් වාහනයට ද ගල් ප්‍රහාරයන් එල්ල වි ඇති නමුත් කිසිදු හානියක් සිදු නොවු බව කියයි

ප්‍රහාරයෙන් වාහන කිපයකට හානි සිදුව ඇති බවට පහර කෑමට ලක්වු පිරිස පැවසු අතර පහර කෑමට ලක්වු කිප දෙනෙකු පුත්තලම මුලික රෝහලටත් පුද්ගලික රෝහලකට ත් ඇතුලත් කර ඇති බව කියයි.
 
 නමුත් මුන්දලම පොලිසිය පැවසූයේ  එක් වාහනයකට පමණක් හානි සිදුව ඇති බවත් තුවාල කරුවන් පිලිබදව කිසිදු තොරතුරක් තම පොලිසියට නොලැබුණ බවයි .



අදහස් (30)

බදියුදීන් ගමන් කළ වාහනයකට මුන්දලමේදී ප්‍රහාරයක්

ජෝයි සුමනපාල් Sunday, 24 November 2019 03:22 PM

මහා කැත වැඩ අප්පා මේවා... !!! 

:       651       633

wije Sunday, 24 November 2019 04:21 PM

දිට්ඨධම්ම වේදනීය කර්මය කියන්නේ මේවාට තමයි.

:       807       1054

සුජාතා Monday, 25 November 2019 01:18 AM

ඔබතුමා තවම එහෙම කිව්වට අලුත් ආණ්ඩුවේ කට්ටිය දැන් එයාට මොකුත් කියන්නෙ නැහැ. හේතුව මොකද දන්නෙ නැහැ නේද?

:       165       568

Rasika PradeepMonday, 25 November 2019 04:23 AM

රට ඇතුලේ අන්තවාදය වපුරලා එක ආගමික ත්‍රස්තවාදයක් දක්වා තල්ලු කරලා රටේ බෝම්බ පුපුරලා 250ක් විතර අහිංසක ක්‍රිස්තියානි මිනිස්සු පල්ලි ඇතුලේ මරද්දී රිදුනේ නැති අහිංසක බදුර්දීන් මහත්තයට ගලක් වදිද්දී රිදිලා. අන්තවාදය සහ අන්තවාදය පෝෂණය කරන දේශපාලනික නායකත්වයත් මගේ රටින් ඉවත්කළ යුතුමයි.

:       352       425

පිටිගල මිලානෝ Sunday, 24 November 2019 07:28 PM

ඉල්ලන් කෑම කියන්නේ මේකට.

:       13       48

සත්‍යපාල Sunday, 24 November 2019 09:24 PM

තම ජිවිතයට තර්ජන ඇති බව කියා පෙර හා පසු ගමන් රථ සමග ආරක්ෂක නිලධාරීන් පිරිවරාගෙන ගමන් බිමන් යාමට අවශ්‍ය වටපිටාව සකස්කර ගැනීම සදහා ඔවුන් විසින්ම කරගත් ප්‍රහාරයක් බවට තොරතුරු ඇත.

:       142       408

අනුර Sunday, 24 November 2019 11:12 PM

අපි අලුත් අර්බුද නිර්මාණය කිරීමෙන් වැළකිය යුතුයි ගරු ජනාධිපතිතුමාට මෙම ශ්‍රී ලංකාව ගොඩගැනීමට උපරිමයෙන් සහයෝගය දීම අත්‍යවශ්‍යයි

:       1       133

beau Monday, 25 November 2019 12:05 AM

අර මන්නාරමේ උසාවියකට ගල් පහරවල් එල්ල කලේ කව්ද? එමනිසා මේක එයාට ලොකු දෙයක් වෙන්න බැරිය. දිට්ඨධම්මවේදනීය ක්‍රමයක් පමණි.

:       16       121

Chandi Monday, 25 November 2019 12:49 AM

මේ ආත්මේ කරපු දේවල් මේ ආත්මයේම ඵලදෙයි කිව්වලු...

:       1       45

Mahee Monday, 25 November 2019 12:57 AM

අපි හරක් කියන එක තමයි මේ නැවත නැවතත් පෙන්වන්නේ. ඇමතියෙකු යන වාහනයකට ගල් ගැහුවා කියල මොකක්ද සිදුවෙන යහපත? අපේ නොදියුණු ගෝත්‍රික හැසිරීම ප්‍රකටවීම හැර? රටක රජවිය යුත්තේ නීතිය මිස නීති ක්‍රියාත්මක කරන්නවුන් හෝ නීතිය අතට ගන්නවුන් නොවේ.

:       65       164

mohanTuesday, 26 November 2019 01:31 PM

අපි හරක් නෙමේ. ගහපු අයයි හරක්.

:       0       0

එදිරිසුරිය Monday, 25 November 2019 01:17 AM

දැන් ජනතාවට තමයි නීතිය ක්‍රියාත්මක කරන්න වෙලා තියෙන්නෙ, මොකද මේ රජය කිව්වා නේද විපක්ෂේ ඉද්දි එයා තමා බෝම්බ පිපිරීම් වලට සම්බන්ධ කියලා. නමුත් ඇල්ලුවද තවම.?

:       15       168

Kamal Monday, 25 November 2019 01:42 AM

මේ මහ මැතිවරණේදී එතුමා දේශප්‍රේමී වීමට නියමිතයි.

:       104       214

de silva Monday, 25 November 2019 02:30 AM

ඕක තවත් මුස්ලිම් කල්ලියකම වැඩක් වෙන්න ඇති... එ්කනේ පොලිසියට පැමිණිලි නොකළේ...

:       117       131

Fz Monday, 25 November 2019 02:34 AM

එතුමා නම් මුස්ලිම් ජනතාවට වීරයෙක්.

:       1510       7

sharm warn Monday, 25 November 2019 04:45 AM

මුස්ලිම් ජනතාව කියන්නේ ලංකාවේ මිනිස්සු නෙමෙයිද එතකොට? කෙනෙක් වීරයෙක් වෙන්නේ මොන වගේ ක්‍රියාවන් වල නිරත වුණාමද? ජාතික සම්පත් මංකොල්ල කාලා බලය පවත්වාගෙන යන්න යුතු ක්‍රියාවන් වලදීලා වාර්ගික භේද ඇති කරන වැඩ කරනකොටද? පැහැදිලි කරන්න පුළුවන්ද?

:       11       140

BamunuarachchiMonday, 25 November 2019 11:29 AM

නැහැ.. නැහැ.. ඒ ගොල්ලෝ ලංකාවේ නොවෙයි. ඒ නිසා ආපු රටකට යන්න වැඩ සලස්වමු. වීරයන් විතරක් නොවෙයි ඔක්කොම හම්බයින් ටික යවමු.

:       42       2

රුචිර Monday, 25 November 2019 02:40 AM

සටකපට උපක්‍රම. තමන්ම ගහගෙන දේශීය ජාත්‍යන්තර අවධානය, අනුකම්පාව, සහයෝගය ගන්න කරන වැඩ. ආයුධ සන්නද්ධ පිරිසක් නවත්තලා පොලු මුගුරුවලින් පහර දෙන්න රොබින්හුඩ් ඉන්න ශර්වුඩ් කැලේ කියලා හිතන්නද කියන්නේ..?

:       89       506

Gamarala Monday, 25 November 2019 03:24 AM

මේ වගේ වැඩ කලොත් අවාසිය අපටයි. නිත්‍යානුකූලව කටයුතු කරනවා මිස අපේ ගෞරවය රැකගෙන කටයුතු කරන්න කවුරුත් උනන්දු වන්න. මොකද මේවා කවුරු කරනවද දන්නේ නැති නිසා.

:       5       128

Mohomed Monday, 25 November 2019 03:59 AM

ඕවා කියලා කරවන රඟපෑම්. ඔය පැත්තේ ඉන්න ගොඩක් අය මෙයාගේ පක්ෂේ අය.

:       65       209

චමින්ද ජයනාත් ජයසූරිය Monday, 25 November 2019 04:00 AM

මොන හේතුවක් නිසාවත් පහර දීම් නම් සදාරණීකරණය කරන්නෙ නැ... ඒ්ත් මේ කළු විදූරු යොදපු වාහන ලංකාවෙ නීතියට අනුව ධාවනය කරන්න අවසර තියෙනවද...? මෙව්ව අැතුලෙ නිතිවිරෝධි මොන තරම් දේවල් කරන්න පුළුවන්ද....? හැමතැනටම..හැම දෙනාටම ඒකම නිතියක් තිබුනොත් හොදයි නේද...?

:       0       167

eresh S kumara Monday, 25 November 2019 04:16 AM

මේක ප්ලෑන් එකක් වගේ පෙනෙන්නේ... අනික රථ පෙළක් කියන්නේ..

:       44       71

firdhaws Monday, 25 November 2019 04:36 AM

රාජපක්ෂ පාලනයේදී මේවා සුළු දේවල්... දැන් සැපද?

:       62       228

samMonday, 25 November 2019 07:01 AM

දැන් සුමානෙකට කලින් හිස්බුල්ලාගේ කට්ටිය එක්ක ගහගත්තෙත් මේ බදුර්දීන්ගේ අයම නේද? මේක අනික් මිනිස්සුන්ට දාලා බොරු ජාතිවාදයක් අවුස්සන්න එපා.

:       2       27

BamunuarachchiMonday, 25 November 2019 11:32 AM

අපිට නම් සැපයි.. මෙයාගෙන් අහන්න සැපද කියලා.

:       0       0

mohammed rizan Monday, 25 November 2019 05:15 AM

මෙය මුස්ලිම් අයගේම ප්ලෑනක්.. මොකද මෙයාලා කරන්නේ බොරුව සහ ජනතාව මුලාකිරීමක් විතරයි. බදියුදීන් මේවට වඩා ගොඩක් දේවල් ප්ලෑන් කරගෙන ඉන්නේ... ඉදිරියට ඔයාලට බලාගන්න පුළුවන්...!!!

:       54       215

වීරවිජේ Monday, 25 November 2019 06:29 AM

බදූර්දීන් දන්න එකම රස්සාව අන්තවාදයයි. සතොසෙ වාහනවලින් ඇද්දෙ කිලෝ 100 -200 හැමෝම දන්නවා ඕවා. දැං ඉතිං ඔය රස්සා තමයි මෙයාට ඉතුරු වෙලා තියෙන්නේ.

:       0       14

kamal Monday, 25 November 2019 06:36 AM

මැද පෙරදිග වැඩේ කරන අපිට තමයි මෙම ප්‍රශ්න බලපාන්නේ... අපිව මෙහෙ මිනිස්සු නෝන්ඩි කරලා.. ලංකාවේ මුස්ලිම් මිනිහට කරදර කරනවයි කියලා.

:       27       110

Ruwan R Monday, 25 November 2019 07:09 AM

ගිනි අවි සන්නද්ධ ආරක්ෂාවක් තියෙන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගේ රථ පෙළකට පොලු මුගුරුවලින් පහර දුන්නා කියන නාටකය ඇත්තක් කියලා හිතලා කමෙන්ට්ස් දාන හරක් ටික දැක්කම... ලංකාවට මොන සිස්ටම් චේන්ජ්ද කියලා හිතෙනවා.

:       2       133

mohanTuesday, 26 November 2019 01:32 PM

බෝම්බ මොඩල් එකට විතරක් ගල් පාරක් වැදිලා.

:       0       10

ඔබේ අදහස් එවන්න

දියත

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 230 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 505 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 613 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 369 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 450 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 163 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site