IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


බණ්ඩාරගම මාධ්‍යවේදියාට පහර දීමේ සිද්ධිය විමර්ශනය එම පොලිසියෙන් ඉවතට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ ජනතාව රාමසාන් උත්සවය සමරන ආකාරය වාර්තා කිරීමට ගිය බණ්ඩාරගම ප්‍රාදේශීය වාර්තාකරු බිමල් ශ්‍යාමන් ජයසිංහ මහතාගේ  වාහනයට අලාභහානි කොට , මැර ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට  අදාල   පැමිණිල්ල සම්බන්ධයෙන්, බණ්ඩාරගම පොලීසිය  අපක්ෂපාතී  පරීක්ෂණයක්   නොකිරීම හේතුවෙන් , ඉන්  ඉවත් කොට ඉදිරි පරීක්ෂණ බස්නාහිර පළාත් දකුණ දිශාව බාර අපරාධ කොට්ඨාසයට පැවරිමට, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (16) පියවර ගත්තේ ය .

ඒ අනුව සිද්ධිය වන අවස්ථාවේ දී ලබා ගත් ඡායාරූප සි සි .ටි.වි දර්ශන හා වීඩියෝ දර්ශන ලබා ගෙන අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කර තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස ද, ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ,බස්නාහිර පළාත දකුණ දිසාව බාර අපරාධ කොට්ඨාසයේ , අධ්‍යක්ෂ, ජේෂ්ඨ පොලිස් අධිකාරී, ලලිත් අබේසේකර මහතාට උපදෙස් ලබා දුනි.

ඉකුත් 24 දා බණ්ඩාරගම අටලුගම  ප්‍රදේශයේ   ජනතාව නිරෝධායන රෙගුලාසි වලට අනුව රාමසාන් උත්සවය පවත්වන බව ට අටලුගම පල්ලි සංගමයේ සභාපති නජිම් හජ්ජියාර් මහතා මාධ්‍යයට ප්‍රකාශ කර තිබූ අතර ,ඒ පිළිබඳව මාධ්‍ය ආවරණය කිරීම සඳහා මාධ්‍යවේදී  බිමල් ශ්‍යාමන් ජයසිංහ  මහතා එම ප්‍රදේශයට ගොස් තිබුණි .

එහිදී මාරාව පල්ලිය සහ පුංචි පල්ලිය අවට වීඩියෝ දර්ශන ලබා ගෙන මෝටර් රථයේ නැගී නැවත නිවස බලා එමින් සිටියදී 200 කට අධික පිරිසක් මෝටර් රථය හරස් කර මාධ්‍යවේදී බිමල් ශ්‍යාමන් ජයසිංහ මහතාට  බැන තර්ජනය  කර මෝටර් රථයට ද අලාභ හානි සිදු කර තිබුණි.

අදාළ සිද්ධිය පිළිබඳව  එදිනම සවස පනහකට අධික පිරිසකගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන ද සමඟ  මාධ්‍යවේදී බිමල් ශ්‍යාමන්  මහතා බණ්ඩාරගම පොලීසියේ පැමිණිල්ලක් සිදු කෙරිණි.

ඒ අනුව ඊට පසු දා සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පස් දෙනකු පමණක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්  කර පරීක්ෂණ උදාසීන මට්ටමක සිදු ව තිබුණි .

මේ පිළිබඳව මාධ්‍යවේදී බිමල් ශ්‍යාමන් ජයසිංහ මහතා වැඩබලන පොලිස්පතිවරයාට ලිඛිත  පැමිණිල්ලක් කර තිබුණි .

ඒ පිළිබඳව සොයා බැලීමට අදාළ පැමිණිල්ල  බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස්පතිවරයා යොමු කර තිබුණි.



අදහස් (7)

බණ්ඩාරගම මාධ්‍යවේදියාට පහර දීමේ සිද්ධිය විමර්ශනය එම පොලිසියෙන් ඉවතට

Lal Tuesday, 16 June 2020 02:31 PM

බණ්ඩාරගම පොලිසියේ රාළහාමිලා රහවැටිලා... ඉතින් කොහොමද අපක්‍ෂපාතීව පරීක්‍ෂණ කරන්නේ...?

:       6       125

prasanga Tuesday, 16 June 2020 03:09 PM

සමහර පොලිස් ස්ථානවල මහත්වරුන්ට මාධ්‍ය ඇලජික්... සමහර පොලිස් මහත්වරුන්ට නිරෝධායනයත් ඇලජික්.. මේ ළඟදී පොලිස් ස්ථානාධිපතිවරයෙකුත් නිරෝධායන නීතිරීති කඩලා අගමැතිතුමා ආව උත්සවයකටත් ඇවිත් හිටියලු...

:       1       134

සේන Tuesday, 16 June 2020 05:23 PM

නිවැරදිව ක්‍රියා නොකළ බණ්ඩාරගම පොලිසියේ සේවකයින්ටත් දඬුවමක් දිය යුතුයි. නැත්නම් මේක සෙල්ලමක් කරගනීවි..

:       0       30

priyantha Tuesday, 16 June 2020 10:58 PM

එක පැත්කට පක්පාෂතිව කටයුතු කිරිම සමහර පොළිස් ස්ථානවල සමහර නිලධාරින් අතින් සිදු වෙනවා.

:       0       102

කපිල Wednesday, 17 June 2020 01:21 AM

නිරෝධායන නීති කඩකිරීම කාටත් එක වගේ තිබිය යුතුයි. ඇඳිරිනීතිය පවතින වෙලාවේ මාර්ගයට පැමිණීම, හෙල්මට් නොමැතිව යතුරුපැදි වල ගමන් කිරීම, මුඛ ආවරණ භාවිතා නොකිරීම, තර්ජනය කිරීම, වාහනයට පහරදීම, ආදිය අටළුගම පොලිසියට වැරදි ලෙස නොපෙනේද?. රාජකාරිය නොකිරීම වරදක් නොවේද? නීතිය කාටත් සමව ක්‍රියාත්මක කරන්නේ මෙසේද?

:       0       56

Helen Wednesday, 17 June 2020 04:48 AM

මේ අය දන්නවා සල්ලි දීලා ඕන කෙළියක් කරන්න පුළුවන් කියලා මේ රටේ. හැබැයි හැමදාමත් හැම තිස්සෙම හැමෝම සල්ලි දීලා ගන්න බැරි බව මතක තියාගනිල්ලා.

:       21       65

kavinda Wednesday, 17 June 2020 05:06 AM

ඔයා පාට කණ්ණාඩි දාන අය ටිකක් අෑත්කරලා තියන්න.. කෝකටත් ඇඟට ගුණයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 369 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 762 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 922 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 509 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 548 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 197 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site