IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


පාස්කු ප්‍රහාරයට පොලිසියේ 8දෙනකුට චෝදනාපත්‍ර කෙටුම්පත් කරලා

(තරිඳු ජයවර්ධන)

පාස්කු ප්‍රහාරයට අදාලව වගකීම් පැහැර හැරීම ගැන ජාතික පොලිස් කොමිෂන් සභාවේ නියෝගය අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් කළ මූලික පරීක්ෂණයෙන් පසු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් දෙදෙනකු ඇතුළු අට දෙනකුට එරෙහිව ලබා දිය යුතු චෝදනාපත්‍ර කෙටුම්පත් කර ජාතික පොලිස් කොමිෂන් සභාවට යොමු කර ඇතැයි පොලිස් කොමිෂන් සභාවේ සහ පොලිසියේ ආරංචි මාර්ගවලින් පැවසේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මේ වන විට ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවකින් පරීක්ෂණ සිදු කෙරෙන නිසා එහි තීන්දුව ලැබෙන තෙක් චෝදනාපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම කල් තැබූ බව ජාතික පොලිස් කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් පැවසීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 11 දෙනකුට එරෙහිව විමර්ශන සිදු කර විනයානුකූලව පියවර ගන්නා ලෙස දැනුම් දෙමින් නීතිපතිවරයා ලිපියක් යොමු කර තිබූ අතර එහි නම තිබුණු නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා හැර සෙසු 10 දෙනාට විනය පියවර ගත යුතු බව පොලිස් විශේෂ විමර්ශන  ඒකකය නිර්දේශ කර තිබිණි. කෙසේ වෙතත් චෝදනාපත්‍ර කෙටුම්පත් කර තිබුණේ නිලධාරීන් 8දෙනකුට එරෙහිව බව පොලිස් ආරංචි මාර්ග කියයි.

මෑතකදී විශ්‍රාම ගිය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම් ආර් ලතීෆ් මහතාට එරෙහිව ද විනය පියවර ගැනීම සුදුසු බවට මූලික විමර්ශනයෙන් පසු නිර්දේශ වී ඇතත් එය පොලිස් කොමිෂන් සභාවට ලැබෙන අවස්ථාව වන විට ඒ මහතා විශ්‍රාම ගොස් තිබිණි.

මෙම මූලික විමර්ශනය ආරම්භ කර තිබුණේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු, නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකු සහ පොලිස් අධිකාරීවරුන් දෙදෙනකු ඇතුළු පිරිසකට බවත්, මූලික විමර්ශන අවසන් වන විට නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙසත්, පොලිස් අධිකාරීවරුන් දෙදෙනා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ලෙසත් උසස්වීම් ලබා ඇති බවත් පොලිස් කොමිසම පවසයි.

මෙම මූලික විමර්ශනයේ ප්‍රතිඵල අනුව චෝදනා පත්‍ර නිකුත් කිරීමට පොලිස් කොමිසම තීන්දු කළහොත් ජනාධිපති කොමිෂන් සභාවේ විමර්ශනයට අගතියක් විය හැකි බැවින් චෝදනා පත්‍ර නිකුත් කිරීම ගැන තීන්දුව කල් තැබූ බව පොලිස් කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.



අදහස් (3)

පාස්කු ප්‍රහාරයට පොලිසියේ 8දෙනකුට චෝදනාපත්‍ර කෙටුම්පත් කරලා

Pradeep Tuesday, 18 February 2020 05:18 PM

වැඩේනම් පංකාදුයි. නමුත් වගකීම් පැහැර හැරී දේශපාලකයන්ට, විශේෂයෙන්ම මෙවන් ප්‍රහාරයක් එල්ලවන බව දැන දැනම එදින දේවස්ථානයට නොගිය සහ පසුව ඒ ගැන මාධ්‍ය වලින් මහත් උජාරුවෙන් පැවසු දේශපාලකයට පරීක්ෂණයක් නැද්ද.. කොයි අතටත් තැලෙන රාජ්‍ය සේවකයා විතරද මේ ගැන වග කිවයුතු වන්නේ. වෙනත් දේවල් වලදී රාජ්‍ය සේවකයාටත් අණ දෙන්නේ මේ දේශපාලකයින් නොවේද. එසේ නම් මෙහි කිසිදු වගකීමක් ඔවුන් මත නොවැටෙන්නේ මන්දැයි නොතේරේ..

:       0       6

vidya Wednesday, 19 February 2020 06:03 AM

මිටි තැනින් වතුර බහින්න වගේ.

:       0       1

සේන Wednesday, 19 February 2020 06:38 AM

"යන්නෙ කොහෙද ? " "මල්ලෙ පොල්" කිව්වලු. රජයේ නිළධාරීන් පස්සේ පන්නනවා මිසක මේක කරපු අය සහ ඊට ඍජුවම සම්බන්ධ අන්තවාදීන් ගැන කතා නැත.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 234 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 510 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 618 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 371 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 452 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 163 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site