IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


පාස්කු ඉරිදා විපතට පත්වූවන්ට සහන සලසන්න ඩොලර් මිලියන පහක්

(හර්ෂණ තුෂාර සිල්වා)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන පහක මුදලක් ප්‍රදානය කරන බව ලෝක මුස්ලිම් සම්මේලනයේ මහ ලේකම් සහ ජාත්‍යන්තර මුස්ලිම් විද්වතුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය මොහොමඞ් බින් අබ්දුල් කරීම් අල්ඉසා මහතා අද (30) ප්‍රකාශ කළේය.

බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය සංවිධානය කරන ලද සාමය, සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුව අමතමින් හෙතෙම ඒ බව සඳහන් කළේය. 

සාමය, සමගිය සහ සහජීවනය සඳහා වූ ජාතික සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී අද (30) පස්වරුවේ පැවැත්විණි. 

ලෝක මුස්ලිම් සම්මේලනයේ මහ ලේකම් ආචාර්ය මොහොමඞ් බින් අබ්දුල් කරීම් අල්ඉසා මහතා සහභාගී වූයේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ විශේෂ ආරාධනාවකට අනුවය. 

මහනායක හිමිවරුන් ඇතුළු මහා සංඝ රත්නය, අනෙකුත් ආගමික නායකයන්, හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරු, රාජ්‍ය තාන්ත්‍රිකයෝ ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

(ඡායාරූප - ළහිරු හර්ෂණ)

 

 



අදහස් (16)

පාස්කු ඉරිදා විපතට පත්වූවන්ට සහන සලසන්න ඩොලර් මිලියන පහක්

Amila Tuesday, 30 July 2019 06:18 PM

වැඩේ යට ගහන්න සල්ලි දුන්නා එහෙනම් නේද?

:       0       0

binkunndaa Tuesday, 30 July 2019 06:21 PM

විපතට පත්වූවන්ට සහන සලසන්න ඩොලර් මිලියන පහක්, ISIS හා JIHADISTS ලාට ඩොලර් මිලියන 500ක්, මල විකාර, පට්ට විහිලු...

:       0       0

Mahee Wednesday, 31 July 2019 12:23 AM

උඩම පින්තුරේට මං හරි ආසයි. ජෝතිගේ ලස්සන සින්දුවක් තිබුණා. අැයි දැන් එපාවෙලා යන්නේ ඉවත බලා..?

:       0       0

රවින් Wednesday, 31 July 2019 02:19 AM

සල්ලිවලට වැඩුණු මිනිසුන්ගේ හා කුඩා ළමුන්ගේ නැතිවුණු හා බිඳුණු ජීවිත මිලකළ හැකිද?

:       0       0

H Saranapala Wednesday, 31 July 2019 03:44 AM

දෙවැනි ෆොටෝ එකේ මහින්ද මහත්තයාගේ අත් දැක්කම මට මතක් වුණා..

:       0       0

tarzan Wednesday, 31 July 2019 03:52 AM

ලැජ්ජා නැද්ද?

:       0       0

shafeek Wednesday, 31 July 2019 04:21 AM

සාධාරණ ලෙස විපතට පත්වූවන්ට ලැබුනොත් හොඳයි.

:       0       0

Vijitha Wednesday, 31 July 2019 04:26 AM

මිනිස්සු තුන් හතර දෙනෙක් කරපු වැරැද්දකට මුළු සමාජයම වග කියන්න ඕනේ නැහැ. නමුත් මේ මිනිස්සු කුඩා කොටසක් කරපු වැරැද්ද වෙනුවෙන් තමන් ඒ වගකීම භාර අරගෙන කටයුතු කිරීම මෙතන හරිම වැදගත් ක්‍රියාවක්... අපිත් අපේ සමහරු කරනවා. ඒවාට සිංහල සමාජයක් විදිහට වගකීම භාරගන්න වුණොත් කොතැනින් කෙළවර වේවිද කියලා කල්පනා කරලා බැලුවා. මහා බැංකු මංකොල්ලය, 83 ජුලි කලබල, සුනාමි හොරකම් වගේ දේවල්. හැමවිටම පුද්ගලයන් කරන දේවල් ඒ සමාජය හරහා මනින්න යාම් තුලින් තමයි හුඟක් ප්‍රශ්න ඇතිවෙන්නේ...

:       0       1

Amara Wednesday, 31 July 2019 04:51 AM

රටට සිදුකළ අපරාධය ඔය වගේ සිය ගුණයක් විශාලයි. අපිට අමතක වෙන්නේ නැහැ. කෑම බිමේ ඉඳලා අපි දැන් සැලකිලිමත්...

:       4       1

Suranga Perera Wednesday, 31 July 2019 04:51 AM

අනේ මෙහෙමත් හිඟන රටක්..

:       0       0

DewA Wednesday, 31 July 2019 05:43 AM

සල්ලි ලැබෙනකොට ඔක්කොම එන්ටර් වෙනවා නේද?

:       19       41

Keppetipola Wednesday, 31 July 2019 05:54 AM

කන්න ලැබෙයි නම් අපිට සල්ලි ලැබෙයි නම් ඕන දෙයක් පවා දෙන්න අපේ නායකයෝ සුදානම් .....

:       29       210

[email protected] Wednesday, 31 July 2019 07:05 AM

කතෝලික පියතුමන්න්ලා නැහැ නේද? මේ ඔක්කොගෙම වැරැද්දෙන් නේද ඝාතනය සිදුනේ. වගකිවයුතු හැමෝම එකතුවෙලා ගුණධර්ම වලට වඩා මුදල් මූලිකයි කියල ලෝකෙට කියන්න හැදුවට තම තමන්ගේ දුර්වලකම මුදලින් යට කරන්න යාමේ විපාකය විදින්න වෙන්නේ මතු භවයේ බව මහමත් තුමන්ගේ දේශනා අවංකව සම්පිණ්ඩනය කලහමත් ඔප්පුවෙනවා. සියලු ආගම වල ඇති දුර්වල කම් ඒ ඒ සමාජවල පැවති ගුණාත්මක ස්වභාවයට අනුව ඒ ඒ ආගම් බිහිකළ ආගම් නායකයින්ගේ වරද නොවන අතර මුළු ලෝකෙටම ඒ ඒ ආගම නොගැලපෙන බව නොදැන තම තමන්ගේ ආගම් මුළු ලෝකෙටම හරි කියා හිතා කටයුතු කරන අන්තවාදීන් නිසා අද ආගම් යුධයෙන් මිනිස් ගුණ හීන වී මිනිස් ස්වරුපය ඇති අමනුෂ්‍ය දේශයක් බවට මේ ලෝකය පත්වෙමින් නොවෙයිද තිබෙන්නේ. කාල්මාක්ස් ආගම් අබිං යයි කියන්න ඇත්තේ මෙනිසා විය යුතුය. හරි වැරදි වටහා ගන්න අගමක් අව්ශ්‍යද? වෘර්තිය අධ්‍යාපනය සමග සියලු ආගම් හැමෝටම උගන්වන ක්‍රමයක් හදමුද?

:       83       9

asiri Wednesday, 31 July 2019 07:06 AM

ප්‍රතික්ෂේප කරන්න තිබුණ දෙයක්.....

:       84       142

දිමුත් Wednesday, 31 July 2019 09:51 AM

මේ ගොල්ලො අන්තවාදය පතුරවන්න උදව්දීලා දැන් අපිට සල්ලිත් දෙනවා. අපේ මිනිස්සුන්ටත් ලැජ්ජ නැති හැටි..!

:       61       147

Bamunuarachchi Wednesday, 31 July 2019 04:31 PM

බින් අබ්දුල් කරීම් මහතා තව ඩොලර් ටිකක් වියදම් කරලා විගණකාධිපතිවරයෙක් පත්කර මුදල් කොහොමද වියදම් වුනේ කියා සොයා බැලුවොත් හොඳයි නේද? වෙහෙර ගිල්ල මොවුන්ට අග්ගලාව මොකක්ද? මහබැංකුව ගිල්ල මොවුන්ට ඩොලර් මිලියන 5 මොකක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 392 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 815 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 985 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 556 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 576 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 200 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site