IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පොලිස් කොමිසමෙන් දුන් ස්ථාන මාරුව පැය කිහිපයකින් අවලංගුයි

 ( දිල්රුක්ෂි ග්‍රේරු )
 
කුරුණෑගල දිසාබාර  නියෝජ්‍ය පොලිස්පති  කිත්සිරි ජයලත්  සහ කොට්ඨාසබාර පොලිස් අධිකාරී මහින්ද දිසානායක යන මහත්වරුන්ගේ   ස්ථානමාරුවී  අවලංගු කිරීමට තීරණය කළ බව  ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිලධාරියෙක්  පැවසීය.
 
මෙම ස්ථාන මාරුවීම් වලින්  ප්‍රදේශයේ කලහකාරී තත්ත්වයක් ඇති  වේ යැයි   මෙම තීරණය ගෙන තිබේ.

කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා  ත්‍රිකුණාමල දිසාවබාර නියෝජ්‍ය පොලිස්පති ලෙසත්  මහින්ද දිසානායක මහතා කිලිනෝච්චි කොට්ඨාසභාර නිලධාරියා ලෙසත්  ස්ථාන මාරු කිරීමට  අනුමැතිය ලබා දී තිබු අතර පසුව මේ අයුරින් එය වෙනස් වී තිබේ.
 
මෙම නිලධාරීන්  කුරුණෑගල ප්‍රදේශයේ සිටීමෙන් ,කුරුණෑගල  ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය සේගු ෂිහාබ්දීන් මොහොමඩ් සාෆි මහතා  සම්බන්ධ විමර්ශනයට  බාධා ඇති වේ යැයි පවසමින්  වැඩබලන පොලිස්පතිවරයා  විසින් පසුගිය 27 වැනිදා  කළ ඉල්ලීමක් අනුව  මෙම ස්ථාන මාරුවීම්  ලබා දීමට තීරණය කර තිබිණි.

 

https://tinyurl.com/yyzzfvy5

 



අදහස් (19)

පොලිස් කොමිසමෙන් දුන් ස්ථාන මාරුව පැය කිහිපයකින් අවලංගුයි

ප්‍රීති Friday, 02 August 2019 07:06 PM

මේ පොලිස් මහත්තයාගේ, නෝනා මහත්තයද, කුරුණෑගල රෝහල තුළ දත්දොස්තර අධ්‍යක්ෂක සමග එකතුවෙලා දේශපාලන ගේම් එකක් ගහන්න උත්සාහ කලේ? අපි නම් රැවටෙයි ඕවට? වැඩේට "එයාලා" වියදම් කළ ගාන කීයද මහත්තයෝ?

:       1651       1836

සේන Friday, 02 August 2019 08:45 PM

රත්තරන් වගේ මිනිසුන්ට හිංසා කරනකො⁣ට.., වැරදි කරුවන් බේරාගැනීම උදෙසා පෙනිපෙනී නීතිය නවනකො⁣⁣ට, කළු සල්ලිවලට, සුළු ඡන්ද නලට රටම කනපිට ගහනකො⁣ට.., කලහා නෙවෙයි මුලුරටම ගිනි ගනීවි..

:       1       61

C.K.Lankaputhra Friday, 02 August 2019 11:50 PM

පොලිස් කොමා නටන්නේත් සාෆි නාඩගමේම කොටසක්ද?

:       1       12

Gamini Saturday, 03 August 2019 12:01 AM

බෝම්බයට වඩා දරුණු, නිහඬව ජාතිය විනාශ කිරීමේ යෙදුනු එම විනාශකාරී ක්‍රියාව හෙළිකරමින් අප ජාතිය විනාශ මුඛයෙන් ගලවා ගැනීම ගැන සිංහල ජාතිය ඔවුන්ට ණය ගැතිය. එබැවින් මෙම හෙළිකිරීමට සම්බන්ද මෙම නිලධාරීන් ඇතුළු සියලු දෙනාහට යම් අසාධාරණයක් වේ නම්, ජාතියක් වශයෙන් අප සියලුදෙනා නිද්‍රා සුවයෙන් මිදී එයට විරුද්ධව නැගී සිටිය යුතු කාලය එළඹ ඇත. පිටත සිට මෙම විමර්ශනයන් ගැන බලා සිටින බුද්ධිමත් ජනතාවට මෙකී විමර්ශනයේ විත්තියට ඇති පක්ෂපාතී භාවය මොනවට පැහැදිලිය. දැන් විත්තිය නිදහස්වී පැමිණිල්ල වැරදි කරුවන් වන සෙයක් පෙනේ. මොවුන්ගේ ඡන්දවලට කෙලහලමින්, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව අපගේ සියලුම දේශපාලකයන් තම රට, ජාතිය ගැන අමතක කර ඇති සෙයක් පෙනේ... ආර්ථිකයට යනඑන මන් නැතුව අසරණ වී ඇතුවාක් මෙන්, රට, ජාතියට හිතැති නියම නායකයින් නැතුව අද සමස්ත රට, ජාතියම අසරණ වී ඇත. මෙම ඛේදනීය තත්වය තුළ ඉතාමත් නිවැරදිව බුද්ධිමත් තීන්දු තීරණ ගතයුතු කාලයකට අප එළඹ ඇත. නැතිනම් අප ආදරණීය රට, ජාතියේ අවසානය මෙයම වනු ඇත.

:       35       18

kamaniSaturday, 03 August 2019 05:14 PM

ගාමිණී, මේක ගැහැණු ගැහැණු කේස් එකක්... ශාෆිකාරයා අහිංසකයෙක්ලු. සී.අයි.ඩී. එක පරීක්ෂණයෙන් ඒ බව කියනතුරු අපේ කට්ටිය සද්ද නැතුව හිටියා. ඔහු නිවැරදියි කිව්ව ගමන් අපේ ජාතිවාදීන් කියනවා සී.අයි.ඩී. කාරයන් පක්ෂග්‍රාහියි කියලා. දැන් ඔන්න වෙන කට්ටියක් පරීක්ෂණ කරනවා. ඒ අයත් කිව්වොත් ශාෆි නිවැරදියි කියලා.. අපේ උන් මොනවා කරයිද..? චෝදනා කරන ගැහැනුන්ට රුපියල් 10000 ගානේ දුන්න අරක්කුකාරයා කව්ද? ඒ ගැහැණු වෛද්‍ය පරීක්ෂණවලට නොඑන්නේ අැයි..?

:       1       1

ලුම්බිණි Saturday, 03 August 2019 12:15 AM

ජාතික පොලිස් කොමිෂන් සභාවත්, මේ රටේ තිබෙන අනික් අකාර්යක්ෂම ආයතන වගේමයි. දැන් ගන්න තීන්දුව තව ටිකකින් වෙනස් කරනවා...

:       0       11

මුණසිංහ Saturday, 03 August 2019 01:14 AM

"ප්‍රීති" ගෙන් අහන්න තියෙන්නෙ මෙච්චරයි. එතකොට සාෆි නිවැරදිකරුද? මවුවරුන් කරලා තියෙන්නේ බොරු චෝදනාද? සාෆි වියදම් කරලම නැත්ද? සාෆි ලග තියෙන්නේ දුක්-මහන්සියෙන් හම්බ කරගත් මුදල්ද?

:       59       60

saman Saturday, 03 August 2019 02:24 AM

ඇත්තටම දොස්තර කරපුදේයි, අන්තිමට සිද්ධවුණු දේයි මහජනතාව හොඳට දන්නවා. වැරදිකාරයන් නීතියෙන් ගැලවුණත් ස්වභාව ධර්මයෙන් ගැලවීමක් නෑ...

:       24       95

Janahitha Saturday, 03 August 2019 03:25 AM

සත්‍ය ජනතාව වෙත... ඔබගේ අදහස වැදගත් නොවේ.

:       7       12

මොහමඩ් Saturday, 03 August 2019 04:01 AM

ප්‍රීති නෝනා, මේක මරුවට ලියලා අප්පා, ඔයාට කීයක් ඕනෙද?

:       36       13

සෙනෙවිSaturday, 03 August 2019 07:41 AM

පැලෝපීය නාල මිරිකන සෙල්ලමින් පස්සේ ප්‍රීති ඕනෑ වෙන්නේ නැහැ..

:       0       2

රවින් Saturday, 03 August 2019 04:13 AM

මේ කොමිසම එ්ක පුද්ගලිකද? සමූහයක් තීරණ ගැනීමේදී මීට වඩා කාර්යක්ෂම භාවයක් පෙන්විය යුතු නොවේද? එක්කෝ මේ කොමිසම අකාර්යක්ෂම භාවයෙන් යුත් පිරිසක් විසින් පාලනය කරනු ලබයි. එසේත් නැතිනම් ඉහළ දේශපාලනික බලපෑම් වලට යටත් වුණු, නිදහස් කොමිසමක්ද?

:       0       41

Dayan Saturday, 03 August 2019 04:23 AM

මෙවැනි කොමිසම් වලට මහජන මුදල් වැය කිරීම අසාධාරණයි. නිවැරදි තීරණයක් ගන්න පුළුවන් කෙලින් අය මේවට පත් නොකරන ආණ්ඩුවෙන් ඇති වැඩේ මොකක්ද...?

:       0       7

PA - RA Saturday, 03 August 2019 04:46 AM

ප්‍රෝඩා, වාසි, පාදඩයින්ගේ, හුලියක් කාරයින්ගේ වුවමනාවට, මෙවන් බුද්ධිමතුන් තැනතැන මාරු කරන්නේ ඔවුන්ගේ ජරාවැඩ තවදුරටත් ක්‍රියාත්මක කිරීමයි. මෙවන් නිලධාරීන් රටට දායාදයකි. ඔවුන්ගේ උපකාරයට ඉදිරියට ලබාගැනීමට, ඔවුන්ගේ වැටුපට අමතරව ඇති විශේෂ ඇගැයීමක් කිරීම මහජනතාවගේ වගකීමකි.

:       148       108

shan Saturday, 03 August 2019 05:04 AM

කොහොම හරි කරලා බෝම්බ ගහපු උනුයි, කාන්තාවන් ටික වඳ කරපු එකාවයි රැකගනිල්ලා.. එකනේ රජයේ මූලිකම කාර්ය... මොකද උඹලා වැඩ කරන්නේ තමුන්ගේ පැවැත්මට මිස රටේ ජනතාවගේ පැවැත්මට නෙවේනේ...

:       15       126

upali Saturday, 03 August 2019 05:29 AM

මේ රටේ ඉන්නේ පාලකයින්ද?

:       2       5

සිසිල් සුදේශ් Saturday, 03 August 2019 10:44 AM

මාරු කරනවා. පැය ගණනකින් අවලංගු කරනවා.

:       0       0

sarath tha Saturday, 03 August 2019 10:47 AM

මොවුන් පාලක‍යන් නොවේ.. උරුලෑවෝ... ගියගිය තැන ගඳ ගහනවා.

:       0       2

Somasiri maharajage Friday, 09 August 2019 02:13 PM

ශාෆිගේ සල්ලි බොහොම බලගතු පාටයි?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 142 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 318 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 373 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 270 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 379 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 132 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site