IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පොලිස් අධිකාරිවරු 150 කට නිල රථ නෑ

(ඉන්දිකා රාමනායක)

සහකාර පොලිස්  අධිකාරිවරුන් වශයෙන්  උසස් කරන ලද නිලධාරීන් 150 ට අධික පිරිසකට  සිය නිලයට  හිමිවන  නිල රථ  ලබා  දී නොමැති බව පොලිස් ආරංචි මාර්ග කියයි.

2016 , 2018, යන වසර වලට බලපැවැත්වෙන පරිදි සහකාර පොලිස් අධිකාරිවරුන් වශයෙන් වරින්වර උසස් වීම් ලැබු නිලධාරීන් රැසකට  මෙලෙස නිල රථ ලබා දී නොමැති බවද  උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

2016 වසරේ උසස්වීම් ලැබූ නිලධාරීන් ජ්‍යෙෂ්ඨත්වය මත කිහිප දෙනකුට  නිල රථ ලබා දී තිබුණ ද    සෙසු පිරිසට  මෙතෙන්   නිල රථ ලබා දී නොමැති බවද  එම නිලධාරියා  කීය.

2018 වසරේ සිට වරින්වර  උසස්වීම් ලැබූ කිසිවකුටත් මේ දක්වා නිල රථ ලබා දී නොමැති බවද  එම පොලිස් නිලධාරියා කීය.

මේ හේතුවෙන්   සහකාර පොලිස්  අධිකාරිවරුන් 150 ට අධික පිරිසක් දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බවද පොලිස් ආරංචි මාර්ග කියයි.

ඇතැම්  සහකාර පොලිස් අධිකාරිවරුන්  සිය  ගමන් බිමන් යාම සඳහා  සිය පෞද්ගලික වාහන  භාවිතා කරන  බවත් ඇතැම්  සහකාර පොලිස් අධිකාරිවරුන් නිල රථ නොමැති කමින් මගී බස් රථවල ගමන් ගන්නා බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

 



අදහස් (6)

පොලිස් අධිකාරිවරු 150 කට නිල රථ නෑ

chandima Wednesday, 23 October 2019 05:37 PM

එ්කනේ කියන්නේ ඔය උසස්වීම් ගන්න එපා කියලා. සොක්කෙක් වගේ ඉඳන් පාරේ හෙල්මට් නැති එකෙක්ව අල්ලලා කීයක් හරි හොයාගත්තු එකත් නැතිවෙලා ගියා නේද?

:       50       202

nawalageThursday, 24 October 2019 04:54 AM

ඡන්දෙට සපෝට් ගන්න බුරුතු පිටින් තනතුරු දුන්නම ඔහොම තමයි...

:       0       5

ලුම්බිණි Wednesday, 23 October 2019 11:43 PM

සහකාර පොලිස් අධිකාරිවරුන් සිය ගමන් බිමන් යාම සඳහා සිය පෞද්ගලික වාහන භාවිතා කිරීමේ ප්‍රශ්නය කුමක්ද? මේ සඳහා දීමනාවක් දුන්නම ඉවරනේ.

:       0       17

Mahee Thursday, 24 October 2019 01:12 AM

අපේ රටේ සියලුම සැලසුම්වල පැතිකඩක් මේ. උසස්වීම් දෙනකොට ඒ සමග දියයුතු පහසුකම් ගැන සැලසුම් හදන ලොක්කෝ දන්නේ නැද්ද? වර්ජන නවත්වන්න දහ පොරොන්දු දෙනවා. දෙන්නේ කොහොමද කියලා සැලසුමක් නැහැ. කුණු කසල බැහැර කරන්න ඕන කියලා මහා සද්දයක් දානවා. කරන්නේ කොහොමද කියලා සැලසුමක් නැහැ. ඒත් අපට ප්‍රතිපත්ති සම්පාදනය කරන, සැලසුම් හදන අමාත්‍යංශ දහයක් දොළහක්ම තියෙන නිසා ඒ ගැන හිතලා සන්තෝස වෙමු නේද?

:       0       6

පිටිගල මිලානෝ Thursday, 24 October 2019 01:28 AM

යුරෝපයේ නම් ලංකාවේ රාලහාමිලාට මෙන් නිල රථ හම්බවෙන්නේ නැත. රාජකාරි වලට යන්නේ පොලිස් රථ වල වන අතර වැඩට එන්නේ මහජන ප්‍රවාහන සේවයෙන් හෝ තම පුද්ගලික වාහනයෙන්ය.

:       81       42

sharm warn Thursday, 24 October 2019 03:15 AM

ලංකාවේ මිනිස්සුන්ට මෝටර් රථයක් කියන්නේ තමන්ගේ ලොකුකම පෙන්වන තවත් එක අංගයක් පමණක් වෙලා තියෙන නිසා තමයි ජනපති, අගමැති, මැති ඇමැතියන්ගේ ඉඳලා ඕනෑම ආයතන ලොක්කෙකුට නිල වාහනයක් දෙනවා කිව්වම ඕනෑ සක්කිලි වැඩක් කරන්නේ.. මේ රට අගාධයට ගෙනියන එක උගුලක් තමයි ඔය වාහන කෙරුවාව... කෙනෙකුට කියන්න පුළුවන් "තමන්ට වාහනයක් තියා ගන්න එකේ වැරැද්ද මොකද්ද?" කියලා.. තමන්ට මුදල් තියෙනවා නම් කැමති විදියට වියදම් කළාට කමක් නැහැ. නමුත් අපි තව ටිකක් ඉන් එහාට ගිහින් හිතන්න කාලය එළැඹිලා කියලා හිතෙන්නේ නැද්ද? අපි වාහනයක් ගෙන්වනකොට කොපමණ මුදලක් රටින් පිටට යවනවද? ඒකේ ඉන්ධනවලටත් තවත් රටක් පොහොසත් කරනවා. එක පුද්ගලයෙක් වෙනුවෙන් වාහනයක් බැගින් පාරට දාලා පාරේ හොඳ වාහන තදබදයකුත් ගොඩනගනවා.. එතැනත් මහවිශාල ඉන්ධන ප්‍රමාණයක් නාස්ති කරනවා. අන්තිමේදී මොකද්ද රටට ගෙනැල්ලා තියෙන ආදායම? නිල වාහන, වාහන ආනයන බලපත්‍ර, පගාව නවතලා රටේ ආර්ථිකයට මේ කරන "හානිය " නවතන්න හිතමුද?

:       0       275

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 202 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 521 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 366 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 443 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 1008 1

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 1800 1

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1559 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site