IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘පාලකයන් තවමත් ජනතාවගේ බිය සංකා නැතිකර නැහැ’

(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ පද්මා කුමාරි කංකානම්ගේ)

පාලකයින් තවමත් ජනතාවගේ බිය සංකා නැති කිරීමට කටයුතු කර නැතැයි හලාවත රදගුරු අති උතුම් දෙව්ශ්‍රීත වැලන්ස් මෙන්ඩිස් හිමිපාණෝ අද(04) පැවැසූහ. රදගුරු හිමිපාණන් මේ බව පවසා සිටියේ තලවිල ශාන්ත ආනා දේවස්ථානයේ 257 වන, අගෝස්තු මංගල්‍යයට එක්වූ බැතිමතුන් අමතමිනි. 

එහිදි වැඩිදුරටත් බැතිමතුන් ඇමතූ රදගුරු හිමියෝ මෙසේ පවසා සිටියහ.

“ධනය සම්පත් ගැන දෙවියන් වහන්සේ කථා කරද්දි මට හැ‍ඟෙනවා මේ දේව වචනය සෘජුවම රට පාලනය කරන අයට අදාළයි කියලා. මොකද රට පාලනය කරන අය තමයි, දේශයේ ධනය පාලනය කරන්නේ. මෙය අපි සියලු දෙනාටම අදාල ධනයක්. ඒ ධනය පාලනය කරද්දී තමන්ගේ ධනයක් නොවේ එය ජනතාවගේ ධනයක් ලෙස සිතා රට පාලනය කල යුතුයි.“

“අපි දකිනවා ජනතාවගේ ජන්දයෙන් ඔවුන් ඉදිරියට ආවත් ජනතා පරමාධිපත්‍ය කියන එක වචනයකට සීමා කරලා කියාලා. ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් කියලා ඔවුන් සමහර තීරණ ගන්නේ ජනතාවගේ කැමැත්ත නැතිව. ජනතාවට විරුද්ධව. මම කියනවා ජනතාව වෙනුවෙන් යහපත් යමක් කරන්න බැරිනම් අයහපත් යමක්වත් නොකර ඉන්න උත්සහ කරන්න උවමනායි කියලා“

“පසුගිය සිදුවීම් සම්බන්ධයෙන් අපේ ජනතාව තාමත් ඉන්නේ බියෙන්. එම සිද්ධීන් සඳහා සාධාරණයක් වෙලා නැහැ. ඒ සඳහා සොයා බැලීම් කරන එක හොඳයි. නමුත් මෙය කළේ කවුද කියලා සොයා බැලීම පමණක් නෙවෙයි කළයුත්තේ. කවුද මේ පිටුපස ඉන්නේ කියලා සොයා බලා මේ පිටුපස සිටින පිරිස් නීතිය ඉදිරියට ගෙනඒමයි කළ යුත්තේ. එතකොටයි ජනතාවට බයක් සැකක් නැතිව ජීවත් වෙන්න හැකියාව ලැබෙන්නේ” යැයිද හිමිපාණෝ පැවසූහ.

“තලවිල ශාන්ත ආනා  මුනිවරියගේ දේවස්ථානයේ පැවති මෙම අගෝස්තු මංගල්‍ය හලාවත රදගුරු දෙව්ශ්‍රීත වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන් හා ත්‍රිකුණාමලය රදගුරු අති උතුම් ක්‍රිස්ටියන් නොයෙල් එම්මානුවෙල් හිමිපාණන්ලාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ත්‍රිවිධ හමුදාව හා පොලිසිය මෙම මංගල්‍ය පූජාව වෙනුවෙන් විශේෂ ආරක්ෂාව සපයා තිබිණි.

මෙම අගෝස්තු මංගල්‍ය සඳහා දිවයිනේ නන්දෙසින් බැතිමතුන් විශාල සංඛ්‍යාවක් පැමිණ තිබුණද මෙවර යම් අඩුවීමක් දැකගත හැකිවී තිබුණි. 

පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතා, රාජ්‍ය නිලධාරීහු, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන සනත් නිශාන්ත පෙරේරා, රාජ්‍ය ඇමති නිරෝෂන් පෙරේරා යන මහත්වරු මීට සහභාගී වූහ.



අදහස් (19)

‘පාලකයන් තවමත් ජනතාවගේ බිය සංකා නැතිකර නැහැ’

dayan Sunday, 04 August 2019 08:44 AM

පල්ලිය කෙලින්ම දේශපාලනයට බැහැලා වගෙයි... අපේ සමහර හාමුදුරුවරු වගේ...

:       192       116

krishanthaSunday, 04 August 2019 09:38 AM

වෙනසක් තියනවා දයාන්, හාමුදුරුවරු දෙපැත්තට පිරිත් නූල් බඳිනවා. දෙපැත්තෙන්ම දේශපාලනය කරනවා, බුදුවෙන්න දෙන නියත විවරණ අගමැති වෙන්න දෙනවා. නමුත් පල්ලිය කියන්නේ එකම දෙයක්... ඒ මිනිස්සුන්ගේ ජීවිත දේශපාලන බලයට වඩා වටිනවා කියලා. එ්ක පිළිගන්න දේශපාලකයන් කැමති නැහැ දෙපැත්තේම... බුදු දහමේ අවිද්‍යාව කියලා කිව්වේ අද දේශපාලකයන් හිතන විදිහට තමයි. මෙහෙම මනුෂ්‍ය ජීවිතයක වටිනාකම නොදන්නා නායකයන් යහපතක් කරයි කියලා අපිට හිතෙන්නේ නැහැ...

:       61       153

samanSunday, 04 August 2019 11:02 AM

ඇමෙරිකානු රජයත් නිවේදනය කරලා තියනවා.. ඉදිරියේදී ලංකාවට ත්‍රස්තවාදී ප්‍රහාරයක් ඇතිවීමේ අවදානමක් තියනවා කියලා. ඒ කියන්නේ ඔවුනුත් කඩේ යනවද? දයාන් තමුන් කියන්නේ කියලු දෙනාටම තමුන් වගේ දේශපාලන අන්ධයෙක් වගේ වැඩ කරන්න කියලද..?

:       0       95

Bamunuarachchi Sunday, 04 August 2019 08:49 AM

හම්බයින් සමග නිදිවදින මේ පාලකයින්ට ජනතාවගේ ත්‍රස්තබිය නැතිකරන්න බැහැ. රටේ කර්මාන්ත ඇමති රට උලාකාපු හම්බයෙක්... ඔබලා 2009 සිට 2014 දක්වා නිවී සැනසිල්ලේ නිදියගත්තා නේද? ඒ කවුරුන් නිසාද වැලන්ස් මෙන්ඩිස් හිමිපාණනි. එහෙනම් ඔවුන්ම නැවත පාලනය ගෙන සුවසේ සැතපෙන්න.

:       282       542

ranaSunday, 04 August 2019 10:45 AM

2014 ට පෙර ඔය කියන හම්බයින් සිටියේ කොහෙද? එදා හම්බයින් සහ කොටි කී දෙනෙක් ඇමැතිලා හිටියද? එකක් හරි.. අපේ ජාතිය හැමදාම නින්දේ තමයි...

:       38       181

BamunuarachchiSunday, 04 August 2019 12:23 PM

2014 නොවෙයි හලෝ 1956 හම්බ ඇමතියෙක් හිටියා සී.ඒ.එස්. මරික්කාර්... නමුත් ඔවුන් මේ රටේ කැලෑ එළිකරමින් මුස්ලිම් ගම්මාන ඇතිකළේ නැත. එවැනි දේ කරන්න නායකත්වයෙන් ඉඩ ලැබුනේ නැත. එකල ආණ්ඩු බලයේ ඉන්න හම්බයින් ලංකර ගත්තේ නැත. ගණන් කාරකම් පෙන්වූ දෙමල මන්ත්‍රීයෙක්ව පුටුව පිටින් උස්සගෙන ගොස් බේරේ වැවට දැම්ම මතකද? ඒ කාලේ නායකයින් මේවගේ නිවටයන් නොවේ.

:       2       150

BamunuarachchiSunday, 04 August 2019 12:24 PM

ඉතින් කූද්දමු.. ඒක අපි කරමු මෙහෙම ලියලා...

:       2       41

BishanSunday, 04 August 2019 01:08 PM

බමුණා නින්දෙන් ඇහැරිලාද කථා කරන්නේ? 2009-2015 ඔයා කියන තම්බියා හිටියේ මහින්දගේ ඔඩොක්කුවේ. ඔයා දැන් ඉන්නවා වගේ...

:       72       87

ලුම්බිණි Sunday, 04 August 2019 09:05 AM

රදගුරු හිමිපාණන් නොදැන හිටියට අපේ අපරාධ පරීක්ෂණ නිලධාරීන් කවුද මේ පිටුපස ඉන්නේ කියලා දැනටම හොයාගෙන තිබෙන්නේ කියලා මම හිතනවා. අනික ඕනෑවට වඩා හැමතැනම හමුදාව, පොලිසිය දැමීමෙන් ජනතාවගේ බිය, සංකා වැඩිවෙනවා.

:       136       28

menna Sunday, 04 August 2019 09:42 AM

පාලකයින්ට ජනතාවගේ බිය සංකා නැතිකළ නොහැක. පාලකයින්ට පුළුවන් භෞතිකව මිනිසුන්ට ආරක්ෂාවීමට ක්‍රියාමාර්ග ගැනීම පමණි. අද සමාජය තුල බිය, සංකා ඇත්නම් එයට වගකිව යුත්තේ පාලකයන් මෙන්ම පූජකවරුන්ය...

:       78       55

අයි.ඕ.සිරිසේන Sunday, 04 August 2019 10:05 AM

කතෝලික සභාවේ සමහරුන් දැන් එළිපිටම රාජපක්ෂලාට කඩේ යනවා. පසුගිය ආණ්ඩුව කාලේ පල්ලිය ඇතුලට ඇවිල්ලා හමුදාව වෙඩි තියනකොට මේක කියන්න කොන්ද පණ නැති නායකයින් කාඩ්බෝඩ් වීරයන් වෙන්න දඟලනවා.

:       329       264

BamunuarachchiSunday, 04 August 2019 12:26 PM

තමන්ගේ නමින් පෙනී සිටින්න බැරි බය ගුල්ලෙක්.. මොන පල්ලිය ඇතුළට ඇවිල්ලද වෙඩි තිබ්බේ? යාපනේද?

:       2       124

BamunuarachchiSunday, 04 August 2019 12:30 PM

කතෝලික සභාවේ සමහරුන් නොවෙයි.., ඇයි මුළු කතෝලික සභාවම රාජපක්ෂලාට කඩේ යනවා. මොකද ඒ ගොල්ලන්ගේ කාලයේ මිනිස්සු නිදහස භුක්ති වින්ද නිසා. අපිත් රාජපක්ෂලාට කඩේ යනවා. තුම්සේලාට යන්න කඩයක් නැද්ද? යනවා රනිල්ගේ කළු කඩයට...

:       45       44

ranaMonday, 05 August 2019 07:51 AM

තුම්සේ කඩේ යනවා නොවේ... සුප් බොන අයෙක්, සිංහල කමටත් ලැජ්ජයි.

:       0       17

Lamahewa Sunday, 04 August 2019 10:23 AM

මෙතුමා කියන්නෙත් කාදිනල්තුමාගේ වචන ටිකම, රටම කුතුහලයට පත්කරන දේවල් නොකියා ඔය සිද්ධිය පිටිපස්සේ ඉන්න අය ගැන දන්නවා නම් එය රටට හෙලිකිරීම වැදගත්... හදිසි නීතිය යටතේ ආරක්ෂක හමුදාවන් රාජකාරියේ යොදවන එක හැරෙන්න පාලකයින් අපේ ගෙවල් මුර කරන්න එන්නේ නෑ..

:       14       39

රජින්ද Sunday, 04 August 2019 10:25 AM

ඇත්ත ඇති සැටියෙන් ප්‍රකාශ කලොත් ඒක රාජපක්ෂලාට හෝ වෙනත් අයට කඩේයාමක් බවයි... නූගත් පුහුදුන් මිනිස්සු හිතාගෙන ඉන්නේ. දේශපාලකයින්ට ඕනෑ දේත් මෙයමයි. ඔවුන්ගේ පාලන තන්ත්‍රයේ අඩුපාඩු කතාකරන අයව හංවඩු ගහනවා.. කොන් කරනවා. අවසානයේ නූගත් මිනිස්සු සත්‍ය කතා කරන මනුස්සයාටම බැනලා ඔහුව පිළිකුල් කරලා වංචනික දේශපාලකයාගේ උගුලට අහුවෙනවා. ඉතින් එහෙම රටක්, බුද්ධිමත් පාලකයෙක් හෝ ජනතාවාදී වැඩපිළිවෙලක් පත්කර ගනියි කියා හිතන්නවත් පුළුවන්ද?

:       83       325

රනිල් Sunday, 04 August 2019 11:13 AM

මෙච්චරයි අඩුවෙලා තිබුණේ... දැන් කහ සිවුරටයි, කලු ලෝගුවටයි දෙකටම එකට දේශපාලනේ කරන්න පුලුවන්. සුදු අරාබි ලෝගුවත් ළඟදීම එකතුවෙයි.

:       124       94

Jaya Sunday, 04 August 2019 12:58 PM

දේශපාලන පාට කණ්ණාඩි දාගත් අන්ධයින්ට ඇත්ත කතා කරනකොට කටු ඇනෙනවා වගේ. මේ වගේ දේශපාලන අන්ධයින්ගෙන් පිරිච්ච රටක පාලකයින් පිස්සු කෙලින එක අහන්නත් දෙයක්ද?

:       0       53

sharm warn Monday, 05 August 2019 04:43 AM

හරිම කනගාටුයි. කතෝලික අපි කාලයක් හංවඩු ගැහුනා එජාපෙ කියලා දැන් කියනවා රාජපක්ෂගේ කියලා. ඔහොම යද්දී කියයිද දන්නේ නැහැ මුස්ලිම් කොන්ග්‍රස් කියලා... එකක් දැනගන්න ඔය හැමෝම ලංකාවේ කතෝලික ක්‍රිස්තියානි සේරම ගත්තත් ඉන්නේ 10% ට ත් අඩුවෙන් . ඒ 10% ඇතුලේ සිංහල දෙමල දෙගොල්ලොමත් ඉන්නවා. ඒ 10% ඇතුලේ හැම පක්ෂයකට ම ඡන්දෙ දෙන අයත් , පක්ෂයක් නැතිව අවස්තානුකුලව ඡන්දෙ දෙන අයත් කාටවත් ඡන්දෙ නොදී අවලංගු කරලා එන අයත් ඉන්නවා . මේක තමයි ඇත්ත. ඒ නිසා කඩේ ගියත් නොගියත් ඉතාම සුළු ප්‍රතිශතයක් තමයි කොයි කොටසටත් අහු වෙන්නේ. බෞද්ධ ය 99% ක් සිංහල . ඉතාම සුළු වශයෙන් දෙමල බෞද්ධ අය ඉන්න පුළුවන් . එහෙනම් කඩේ යන්නේ කවුද ?? අපි බෞද්ධ ජනතාවට ආදරෙයි. මොකද එදා ක්‍රිස්තියානි අයට කරපු අපරාදෙදි අපේ බෞද්ධ නෑදයෝ තමයි අපි වෙනුවෙන් දුක් වුනේ , කාලය වැය කලේ , කියන්න දුකයි මුස්‌ලිම් ය කිව්වෙම එයාලට අසාධාරණයක් වුනා කියලා. මුස්ලිම් අයගෙන් මරුනේ බෝම්බ පුපුරව ගත්ත 6 දෙනා සහ පවුලම මරාගෙන මරුන අය . නමුත් අදටත් එයාලා අතින් මරුන අහිංසකයෝ ගැන ප්‍රසිද්ධියේ කනගාටු වුනේ අර හමුදා නිලධාරියා පමණයි . ඔයාලට මේවා මතකද මන්දා ....

:       0       8

ඔබේ අදහස් එවන්න

දියත

බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 61 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 371 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 290 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 229 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 589 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 1188 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1714 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site