IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


‘ප්‍රභාකරන්ගේ ආයුධ සන්නද්ධ අරගලය වරදක් විදිහට දකින්නෙ නෑ’

(එෆ්.අස්ලම්)
 
වේළුපිල්ලේ ප්‍රභාකරන් ප්‍රමුඛ එල්.ටී.ටී.ඊ සංවිධානය ආයුධ සන්නද්ධ අරගලයක නිරත වීම වරදක් සේ නොදකින බවත් වඩුකෝඩෙයි යෝජනාවලිය ප්‍රකාරව ගෞරවාන්විත සටනකට ඔවුන් ප්‍රවිෂ්ට වී ඇති  බවත් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා පැවසීය.

විග්නේෂ්වරන් මහතා මේ බව  සදහන් කලේ  දමිළ මාධ්‍ය වෙත සතිපතා යොමුකරන සතියේ පැනයට පිළිතුරු යවමින් නිකුත් කළ   නිවේදනය මගිනි. එහි මෙසේ දැක්වේ.
 
1976 වසරේ මැයි මස 14 වනදා අප පිළිගත් වඩුකෝඩෙයි යෝජනාවලියේ අවසන් වගන්තිය තුළ දෙමළ දේශයක් වෙනුවෙන් පොදු බලකිරීමක් සිදුකරනු ලබනවා.
 
 විශේෂයෙන් දෙමළ තරුණයින්ට තම නිදහස වෙනුවෙන් "ගෞරවනිය සටනකට" එක්වන්නැයි ඉල්ලමින් ස්වෛරී දෙමළ ඊලමක් ලැබෙන තාක් පසුබට නොවී සටන් කරන ලෙසට එම යෝජනාව තුලින් අවධාරණය කර තිබෙනවා.
එදා දෙමළ නායකයින් ගෞරවනීය සටනක් යැයි හදුන්වාදුන්   සටන අවිහිංසාවාදී සටනක් ලෙසින් හෝ  සත්‍යග්‍රහ මගින් හෝ රාජ්‍යතාන්ත්‍රික වශයෙන්  සිදුකළ යුතුයි කියල පැහැදිලිව අවධාරණය කර නැහැ.
 
එනිසා මල්ලි ප්‍රභාකරන් වඩුකෝඩෙයි යෝජනාවලිය පිළිගනිමින් ආයුද සන්නද්ධ අරගලයක් ආරම්භ කිරීමේ ඇති වරද මොකක්ද ? අපි අවිහිංසාවාදී අරගලයක නිරත වූ නිසාවෙන් අපට ආයුද සන්නද්ධ අරගලයක අඩුපාඩුකම් කීමට හෝ අවතක්සේරු කිරිමට කිසිම අයිතියක් නැහැ.ප්‍රභාකරන් එදා දෙමළ නායකයින්ගේ ඉල්ලීම් හා බලකිරීම්  වෙනුවෙන් තමයි විශ්වාසයකින් යුතුව ක්‍රියාත්මක වුනේ. තවද ප්‍රභාකරන් විසින් ආරම්බ කළ ආයුද සන්නද්ධ අරගලය  එවක දෙමළ නායකයින්ගේ ඉල්ලීම් වෙනුවෙන් ගෙන සටනක්.එය අද වැරදියි කියල කියන්න අපි කාටත් අයිතියක් නෑ.යැයිද විග්නේෂ්වරන් මහතා කීය.



අදහස් (11)

‘ප්‍රභාකරන්ගේ ආයුධ සන්නද්ධ අරගලය වරදක් විදිහට දකින්නෙ නෑ’

Samitha Senaka Aluthgamage. Wednesday, 20 May 2020 11:19 AM

හැම කෙහෙල්මළකටම නඩු දාන්න රටේ ආණ්ඩු ක්‍රමය ව්‍යවස්ථාවට පටහැන් දේවල් කියන අයට විරුද්ධව නඩුවක් දාන්න කෙනෙකු නැහැ...

:       0       346

සමන් - ඕමානයWednesday, 20 May 2020 02:57 PM

ඒක ඇත්ත... මේ කියමන, ඒකීය රාජ්‍යයක් ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මුලික කරුණට පටහැනියි. ඒත්, වගකිවයුත්තන් අහක බලාගෙන ඉන්නවා. ගිය ආණ්ඩුවේ දෙපිටකාට්ටු පඹයින්ගෙන් නම් මොකුත් පියවරක් බලාපොරොත්තු වෙන්න බෑ. නමුත්, නියම ශ්‍රී ලාංකික නායකයින් ඉන්න වර්තමානයේදී වත්, මේ දේශද්‍රෝහී කතාවලට විරුද්ධව පියවර ගත යුතුයි.

:       0       10

මැක්ස් Wednesday, 20 May 2020 11:32 AM

බොරු ඉතිහාසයක් ගෙන හැර පාමින් දෙමළ තරුණයන් උසි ගැන්වූයේ දෙමළ දේශපාලකයන්. වඩුක්කොඩෙයි සම්මේලනය එහි එක අවස්ථාවක් පමණයි. සී විග්නේශ්වරන් කියන හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු වූ වර්තමාන ජාතිවාදී දෙමළ දේශපාලකයා ද අයත් වන්නේ එම ගණයටයි. කෙසේ වුවත්, ප්‍රභාගේ තුවක්කුවට, කඩුවට, බෝම්බෙට ගොදුරු වූ සුවහසක් ශ්‍රී ලාංකිකයන්ගේ දුක් අදෝනා නොඇසෙන මෙවැනි අවස්ථාවාදී සහ ජාතිවාදී දෙමළ දේශපාලකයන්ට හෙටත් දෙමළ සමාජය හසු වීම මුළු මහත් රටේම අවාසනාවකි.

:       0       204

සේන Wednesday, 20 May 2020 12:34 PM

සිංහල ජනතාව සමඟ සාමයෙන් සාධාරණව ඉන්න ඕනම කෙනෙකුට පුලුවන් . ආයුධ අරගත්තොත් ඒකට හරියන උත්ත⁣රේ ලැබෙනවාමයි.

:       0       311

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 20 May 2020 12:34 PM

පේනවා නේද? මැරිච්ච ප්‍රභාකරන් ත්‍රස්තවාදියා සහ කොටි කල්ලියේ වැඩ වර්තමාන අමෘර්තලිංගම් සාධාරණීයකරණය කරනා හැටි... ත්‍රස්තවාදීන් සාධාරණ යැයි කියන්නේත් ත්‍රස්තයන්මයි. පහන් පත්තු කරන්න දැඟලුවේ මොකද කියලා දැන්වත් අපේ උන්නැහෙලාට තේරෙනවා නම් හොඳයි...

:       0       510

Bamunuarachchi Wednesday, 20 May 2020 12:45 PM

කොටි පවුල සහ ඒ සම්බන්ධ අයවලුන් සමූල ඝාතනය කිරීමත් අපි වැරැද්දක් ලෙස දකින්නේ නැහැ. එමනිසා අතුරුදන් වූවන් ගැන අපේ වගකීමක් නැහැ. අපෙන් අහන්නත් එපා..

:       0       322

Sugath K Wednesday, 20 May 2020 01:45 PM

මෙය ලංකා දේශපාලනයෙන් අතුරුදන් විය යුතුය.

:       0       2

RaveendraFriday, 22 May 2020 04:46 AM

සහතික ඇත්ත..., ලංකා මාතාවගේ සෙවනේ හැදී වැඩී සියලුම පුරවැසියන්ගේ බදුමුදල් වලින් නොමිලේ ඉහළටම ඉගෙනගෙන නීති අංශයේත් රාජකාරී කරමින් තමන් උපන් මව්බිමටම ගරහන්නන් මරා දැමිය යුතු බව අප ප්‍රසිද්ධියේ සඳහන් කරන්නෙමු. ශ්‍රී ලංකා මාතාව විනාශ කිරීමට වචනයකින් හෝ උදව් කරන කිසිම කෙනෙකුට මෙම භූමියේ ජීවත්වීමට කිසිඳු අයිතියක් නොමැතිබව අප සඳහන් කරන්නෙමු. මෙම තිරිසනුන් දුටුතැන මරා දැමීම කළ යුතුමයි. එමගින් සාමකාමී සමාජයකට සෙතක් සැලසෙනු ඇත. විගීට මෙය කියවීමට හැකිවේවා...!!!

:       0       0

වාසිදේව Wednesday, 20 May 2020 03:36 PM

මෝඩයෝ කියන කතා. නිරායුද අහිංසක මිනිසුන් අමු අමුවේ ඝාතනය කිරීම මොහු සාධාරණීය කරන්න හදනවා.

:       0       5

ferna Thursday, 21 May 2020 03:39 AM

වරදක් විදියට නොපෙනුණත් ප්‍රතිඵල ලැබුණා නොවැ.

:       0       0

marshal Thursday, 21 May 2020 07:23 AM

මේ කොටියව අල්ලලා නඩු දාන්නේ නැත්තේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 375 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 783 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 942 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 526 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 560 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 197 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site